Skip to main content

314 වානර ජාතකය

තවද නරසිංහවූ සර්වඥයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

දේවදත්ත ස්ථවිරයන් වහන්ගේ වෛරයට උත්සාය කරණ නියාව දම් සභාවේ රැස්වූ මාළුවරුන් වහන්සේ කිය කියා වැඩ උන් තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදරා මහණෙනි මා එන්නට පුර්ව භාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි දැන් මතු නොවෙයි පෙරත් වෛරයට උත්සහ කළෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුව බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් වහන්සේ රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ එක් ගසෙක වානරව උපන් සේක. උන් වහන්සේ වාසය කරන්නාවූ වනය ලඟ ගංඟාවෙක් ඇත. ඒ ගඟ වසන්නාවූ කිඹුලෙක් ඇත. ඒ කිඹුලාගේ කිඹුල්දෙනට ඒ වානරයාගේ හෘදමාංශය අනුභව කරන්ට දොළොක් උපන. ඒ කිඹුල්දෙන් මේ වඳූරාගේ හෘදයමාංසය ලදහොත් විනා ජීවත්වන්නේ නැතැයි කිඹුලාට කීව. කිඹුලා ගොසින් බෝධි සත්වයන්ට කියන්නේ එම්බා සබඳ වඳූරානෙනි මේ එකතෙනම තොප වාසය කරන්නේ ඇයිදැයි මේ ගගින් එතර යහපත් අමෘත ඵලාඵල ඇති උයනෙක් ඇත, ඊ ගොසින් අනුභව කළ කල නපුරුදැයි කීහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහූ ගඟින් එතර අප යා හැකි උව කෙසේ යමෝදැයි කීහ. එවිට කිඹුලා කියන්නේ මම පිට ඉදූවාගෙණ ගොස් එතර ලමි. මා පිටට නැගෙවයි කීහ. එවිට බෝධිසත්වයෝ යහපතැයි කියා කිඹුලා පිටට පැනපුවාහ. කිඹුලාත් බෝධිසත්වයෝත් ඇරගෙණ ගඟ මධ්‍යයට ගොසින් ගඟ ගිලෙන්නට වන, එවිට බෝධිසත්වයෝ කියන්නාහූ ඇයි සබඳ තොප මා කැඳවා ගෙණ පිට ඉඳූවා ගෙණ ආයේ ගඟින් එතරලන්ට වේද, දැන් තෝ මා බා දිය යට ගිලෙන්නේ ඇයි දැයි විචාළ කල්හි කිඹුලා කියන්නේ තොපට සෙනෙහයෙන් ගඟින් එතර ඵලාඵල කන්ට ගෙණාම්ද, මාගේ කිඹුල් දෙනට තොපගේ හෘදය මාංසයට දොලාක් හෙයින් තොප මරා උන්ට හෘදයමාංසය දෙන්ට ගෙනාමි කී කල්හි බෝධිසත්වයෝ කීයන්නාහු එසේ කළ මේ සැටියටම ගොඩදී කිව, මාගේ හෘදයමාංසය තෙල දිඹුල්ගස රතුරතුව පෙනෙන්නේය. මීට ආයාසය ගන්නේ ඇයිදැයි කීහ, මීට ආයාස ගන්නේ ඇයිදැයි කිය, එවිට කිඹුලාම එසේ කළ කළමනා කින්දැයි කීය. බෝධිසත්වයෝ කියන්නාහූ මා ගෙනගොස් දිඹුල්ගසට නන්වාලන්නා හෘදය මාංසය දිලමි. කිඹුලාත් සැබැවැයි සිතා බෝධිසත්වයන් ගෙනගොස් දිඹුල්ගස සමීපයට ගිය. බෝධිසත්වයෝත් කිඹුලා පිටින් දිඹුල් ගසට පැන තොපි මා රැවටුව. මම තොප රවටාපීමී වඳූරන්ගේ හෘදය මාංසයත් දිඹුල් ගස උඩ තිබේද, තා රවටාලා මාගේ ප්‍රාණය ගළමා ගතිමි. තොපගේ උයනේ ඇති අමෘත ඵලාඵලයෙනුත් මට කම් නැතැයි වදරා මේ වානර ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි කිඹුලා නම් දේවදත්ත ස්ථවිරය. වානරව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි වදාළසේක.

 

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.