Skip to main content

309 එකරාජ ජාතකය

තවද හුදුනිවන් මවාලූ රුවක් වැනි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි කොසොල් රජ්ජුරුවන්ගේ අමාත්‍යයෙකු අරබයා මේ ජාතකය දක්වන ලදී. මෙහි වර්තමාන කථාව සෙය්‍යංස ජාතකය විස්තර වශයෙන් කියන ලදී.

මෙහි යටගිය දවස බරණැස් නුවර එක් රජ්ජුරු කෙනෙකුන් රාජ්ජය කරණ සමයෙහි එක් අමාත්‍යයකු ඒ රජ්ජුරුවන් වහන්සේගේ අන්තඃපුරයට වැරදි කළ කථාව මහා සීලව ජාතකයෙහි ආයේය. මෙහි කොසොල් රජ්ජුරුවෝද දබබලමලල නම් රජ්ජුරු කෙනෙකුන්ගේ අනතඃපුරයට වැදී අමාත්‍යයාගේ කියමනින් බරණැස් නුවරට අවුත් ඒකරාජ රජ්ජුරුවන් වහන්සේ අල්වා ඉස්බිම බලා කකුල් උඩිලිය එල්වා දබබමලල රජ්ජුරුවෝ මතු මහල් තලයට පැන නැගී පලක් බැඳහුන්නාහ. මතුමහල් තලයෙහි උන් දබබමලල රජ්ජුරුවන්ගේ සකල ශරීරයෙහි දාහ අල්වා ගෙන ඉවසිය නොහී බිම පෙරලී බොහෝ ආයාසයෙන් අමාත්‍ය ගණයා කැඳවා විචාරන්නාහු එඹල අමාත්‍යානෙනි මාගේ ශරීරය දාහ අල්වා ගෙණ බොහෝ වේදනාවෙන් පීඩිත වීම්, කුමන කාරණයක් පිණිස දැයි විචාළහ. රජ්ජුරුවන්ට අමාත්‍යයෝ කියන්නාහු නිරපරාධ දැහැමෙන් රාජ්ජය අනුභව කරන්නා වූ එක රාජ රජ්ජුරුවන්ට කළ ගහටයෙනැයි නුඹ වහන්සේට දාහ පැමිණියෙයි කීකල්හි එබස් ඇසූ රජ්ජුරුවෝ ඔහු උනවයි කී බසින් ගිය අමාත්‍යයෝ එක රාජ රජ්ජුරුවන් ධ්‍යාන සැපයෙන් ආකාශයෙහි අවුත් රජ්ජුරුවන් වහන්සේ වැඳ එකත්පස්ව සිට කියන්නාහු එකරාජ රජ්ජුරුවන් වහන්ස නුඹ වහන්සේ එක්වවැසස සැප අනුභව කොට සුබු මාලාව රාජ්ජය කළ නුඹ වහන්සේ මේ සා ආයාසයකට පැමිණත් නුඹ වහන්සේගේ ධෛය්‍ර්‍යමත් පියුමක් බඳුවූ මුඛ සෝභාවත් ශරීර වර්ණයත් මදකුත් නොමිරිකීම සමාධි සිතකින් ඉඳිනේ කුමන කාරණයකින්දැයි විචාළා සේක. එවිට එකරාජ රජ්ජුරුවන් වහන්සේ දබබමලල රජ්ජුරුවන් වහන්සේට කියන සේක්. මා විසින් පළමුව භාවනා මනස්කාර කිරීමෙන් ද පඤචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ධ්‍යාන සැපයෙන් පලක් බැඳ ඉඳීමනම් මාගේ මුඛ සොගාවද ශරීර වර්ණයද කුමක් පිණිස මිරිකේ දැයි කීහ. එපවත් දබබමලල රජ්ජුරුවෝ අසා එක රාජ රජ්ජුරුවන් වැඳ ක්ෂමා කරවා ගෙන කියන්නාහු මහ රජ්ජුරුවන් වහන්ස නුඹ වහන්සේගේ රාජ්ජය පාවාගත මැනවැයි රාජ්ජය පාවාදී ද්‍රෝහිකම් කළ අමාත්‍යයාට ආඥා කරවා නුඹට සතුරන්ගෙන් භයක් පැමිණියේ නම් මට භාරයයි කියා රාජ්ජයට පලා ගියහ. එක රාජ රජ්ජුරුවන් වහන්සේ්ත් රාජ්ජය අමාත්‍ය ගනනයාට පාවාදී තපස් රක්ෂා කරන පිණිස වනයට ගොස් රක්ෂා කළ සේක් වේ දැයි මේ ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි දබබමලල රජ්ජුරුවෝ නම් මෙසමයෙහි ආනන්ද ස්ථවිරයෝය, එකරාජ රජව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.