Skip to main content

307 මාංශ ජාතකය

තවද සව්නේ ගෙවාදැන් අප බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි ඒ වෙහෙර සමහර කෙණෙකුන් වහන්සේ විරේකයට තෙල් මුසු බෙහෙදක් වැලදු හෙයින් මස් රජ ආහාර පිණිස ගිලන් උපස්ථාන කරණ සබ්‍රම්සරුන් වහන්සේ සැවැත් නුවරට වැද බත් වෙළෙඳ වීථියෙහි ගෙපිළි වලින් සිඟා ඇවිද කිසිවක් නොලදින් නැවත වෙහෙරට නික්මුනු සේක්. ඉතා දහවල්ව පිඩු පිණිස සිඟා වඩනා සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින් අතුරු මග දැක කීමෙක්ද, ඇවැත්නි, ඉතා උදාසනම ආහරින් වැලක එව්දැයි විචාරා එපවත් අසා එසේ වී නම් මා හා එක්ව එවයි එම වීථියටම කැඳවා ගෙන යන ලදුව උන්වහන්සේ දැක සතුටුව උපාසකවරුන්ගෙන් පාත්‍රා පුරා බොහෝ මස් රස අහර ලැබ විහාරයට ගෙණ ගොස් ගිලන් භික්ෂූන්ට දුන් සේක. උන් වහන්සේලා ඒ ආහාර වලදා යැපුනු කල්හි එක් දවසක් ධම්සභා මණ්ඩපයෙහි වටින් රැස්ව උන්නාවූ භික්ෂූන් වහන්සේ ඇවැත්නි, ශාරිපුත්‍ර ස්ථවිරයෝ නම් දුටුවන් ප්‍රසන්න වන තරම් මහපින් ඇති සේක. විරේකයට බෙහෙත් වැලඳූ භික්ෂූන් උදෙසා මස්රස අහර ලබනුව බත් වෙළඳ වීථීයට සිඟා ගොස් කිසිවක් නොලැබ එන්නා වූ භික්ෂූන් කැඳවා ගෙණ ගොස් ඒ වීථියෙන් බොහෝ මස් රස භික්ෂාව ඇරදුන්නාහයි යනාදීන් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ භාග්‍යමහිමය ආදී ගුණ කථාව ඉපද වූ සේක. ගඳ කිළියෙහි වැඩ උන් සර්වඥයන් වහන්සේ ඒ කථාව දිවිකනින් අසා වදාරා ධම් සභා මණ්ඩපයට වැඩ පනවන ලද බුද්ධාසන මස්තකයෙහි වැඩ හිඳ බුද්ධ තේජසින් තැති ගෙන මුවෙන් නොබැනහුන් භික්ෂූන්ගේ දසාව වැඩ හිඳ බුද්ධ තේජසින් තැති ගෙන මුවෙන් නොබැනහුන් භික්ෂූන්ගේ දසාව බල බලා මහණෙනි. මෙතැන්හි තෙපි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වෙන දෙයක් නොවෙයි සැරියුත් මහ තෙරුන් වහන්සේගේ එනම් ගුණ කථාවෙක අප කිය කියා උන්නේයයි දැන්වූ කල්හි මහණෙනි, දැන් මේ ශාරිපුත්‍ර ස්ථවිරයෝ දැන්මතු මාංශ භෝජයන ලද්දෝ නොවෙති. පළමුත් ප්‍රිය කථාවෙහි දක්ෂ වූ නුවණැත්තෝ මස් අහර ලද්දෝ නොවේදැයි වදාරා තුෂ්ණිම්භූතව වැඩ ඉඳ ඒ කථා ස්වරූප අසනු කැමති භික්ෂූන් විසින් කළාවූ යාඥාව අරභයා ඉකුත්වත් ගෙන හැර දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්ජය කරණ සමයෙහි අප මහබෝසතානන් වහන්සේ මෙම නුවර සිටු පුත්‍රව ඉපිද එක් වැදි පුත්‍රයෙකු මුව දඩයමට ගොස් බොහෝ මස් ලැබ ගැලක් පුරා ලැබ ගෙන වෙළඳාමට නුවරට යන්ට නික්මුණු වේලෙහි ඒ නුවර අනික් සිටුපුත්‍රයන් තුන් දෙනෙකු හා එක්ව නුවරින් නික්ම මහවලට නුදුරුවූ එක් තෙනෙක්හි දුක්සැප කථා කෙරෙමින් උන්නේය. ඉන් එක් සිටු පුත්‍රයෙක් මස් පිරුනු ගැල ගෙනෙන්නාවූ වැද්දා දැක මේ වැද්දා ලවා මස් කඩක් ගෙන්වමි දැයි කියා ඉතිරි තුන් දෙන යහපතැයි කී කල්හි ගැල කරා ගොස් කොල වැද්ද මට මස්කඩක් දෙවයි කීයේය. ඒ ඇසූ වැදි අනුන් අතින් කිසිවත් ඉල්වන්නාවුන් විසින් ප්‍රිය කථා ඇතිවිය යුතුය. නුඹ එසේ නොවී පරුෂ වචනයෙන් ඉල්වූදෑය. එවෙනි නුඹට නුඹ විසින් කීවාවූ වචනය මෙන් පරුෂ රහිත වූ දලබුවම සුදුසුය. එම දෙමි කියා පිට මාංශය හා කැපූ රොම සහිත වූ දලබුව දුන්නේය. ඒ දැක අන් සිටු පුත්‍ර තෙම යහළු, තෝ කුමක් කියා ඉල්වා ගත්තෙහිදැයි විචාරා කොල, වැද්දැයි කියා ඉල්වමි කි කල්හි මමද මොහුගෙන් මස් ඉල්වීමි කියා ගොස් බෑනෙනි මටද එක් මස්සක් දුන මැනවයි කීයේම එබසට වැදි මේ ලෝකයෙහි බෑනෙනි මලනුවෙනි යනාදීන් කියන්නාවූ ප්‍රිය වචනය මනුෂ්‍යයන්ට අගවූ දෙයක වචනය කී තොපට අගමානසයම සුදුසුයයි කියා මස්පිඬක් දුන්නේය. ඒ දැක අනික් සිටු පුත්‍රතෙම යහළු, තෝ කුමක් කියා ඉල්වා ගනීදැයි විචාරා බෑනෙනි කියා ඉල්වමි කී කල්හි මමද වැද්දා අතින් මස් ඉල්වමි කියා ගොස් පියානෙනි මට මස්සක් දෙවයි කීයේය. එබසට වැදි ස්වාමීනි මේ ලෝකයෙහි පියානෙනි කියන පුත්‍ර තෙම පියාගේ ලය කමපා කෙරෙයි. එහෙයින් තොපකේ වචනය හෘදය මාංශයට සුදුසුයයි කියා ඒ හා එක්ව මිහිරි මස් දුන්නේය. ඒ දැක සතරවෙනිව බෝධිසත්වතෙම යහළුව, තෝ කුමක් නිසා මස් ලද්දැයි විචාරී පියානෙනි කියා ලදිම්යි කී කල්හි මමත් ඉල්වමිය් ගොස් මිත්‍රය මටද මස් කඩක් දෙවයි කියා ඉල්ලූ කල්හි එබසට වැදි තෙම ස්වාමීනි මේ ලෝකයෙහි පියානෙනි මට මස්සක් දෙවයි කීයේය. එබසට වැදිතෙම ස්වාමීනි ලෝකයෙහි යමක්හු වසන ගම්හි මිත්‍රයෙක් නැත්නම් ඒ ගම ජනසූන්‍ය වනයක් වැන්න. නුඹ වහන්සේ කීයේ සියල්ලම ලැබ යුතු වචනයක එහි සතුටුව මම සියල්ලම දෙමි කියා ගැල හා සමඟ ගෙනා මස් සියල්ලම දී ගැල බෝසතානන්ගේ ගේ දොරට ගෙන ගොස් පැමිණ වූයේය. බෝධිසත්වයෝ ද ගැලින් මස් බාවාගෙන ඉක්බිති ඕහට කළමනා සත්කාර උපකාර කොට ඔහුගේ අඹු දරුවනුත් ගෙන්වා ගෙන වැද්දා වැදි කමින් වලකා පින්කමෙහි යොදා තමාගේ සම්පත් අතුරෙහි ඔහුද ජීවත් වන ලෙසට සමීපයෙහි වාසය කරවයි ජීවිතාන්තය දක්වා මිත්‍ර ධර්මය රක්ෂා කොට වාසය කළේය.

ලෝකස්වාමී වූ සර්වඥයන් වහන්සේ උපන්නේ දැන් මේ මාගේ ශාසනයෙහි ශාරිපුත්‍ර ස්ථවිරය ගැල හා සමඟ සියළු මාන්සය ලද්දාවූ සිටු පුත්‍රයා නම් දැන් බුදුවූ මම්ම යයි තමන් වහන්සේ ගෙනහැර දක්වා මේ ජාතකය පූර්වපරසන්ධි ගලපා නිමවා වදාළ සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.