Skip to main content

303 පුචිමන්‍ද ජාතකය

තවද එක් සමයෙක්හි සුරා සුර බඹුන් මනුජචන්දනීය්‍ය ශාස්තෘ වූ අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සේක්, ආයුෂ් මත්වූ මහ මුගලන් තෙරුන් වහන්සේ අරභයා මේ දේශනාව වදාළ සේක. මුගලන් තෙරුන් වහන්සේ අරභයා මේ දේශනාව වදාළ සේක. මුගලන් මහතෙරුන් වහන්සේ වනාහි රජගහ නුවර නිසා වන කැලියෙක්හි වසන කල් එක් සොරෙක් නගරවාර නම් ගම්හි උමන් බිඳගෙන හස්තසාර බඩු ගෙන ගොස් තෙරුන් වහන්සේ කළ ආකාරයෙන් කළ පිරිවෙණට වැදමට ආරක්ෂා වන්නේ යයි සිතා තෙරුන්වහන්සේ පන්සල නිසමත්තෙහි සැතපුනේය. තෙරුන් වහන්සේ ඔහු නිසමත්තෙහි සැතපුන බව දැන ඒ පුරුෂයා කෙරෙහි සැක කොට සොරුන් හා එක්ව විසීම නම් සුදුසු නොවන්නේයයි සිතා පන්සලින් නික්ම ගොසින් මෙතැන්හි තොප නොසැතපේවයි නිකුත් කළ සේක.

ඒ සොරා එතැනින් නික්ම නොපෙනෙන ලෙස පියවලහා ගියේය. එගම්වැසි මනුෂ්‍යයෝ ගිනිසිළු ඇරගෙන සොරහුගේ පියවර සටහන් ඒ ඒ තැන්හි පරීක්ෂා කොට ගොස් ඒ සොරහු ආවාවූ තැන්ද සැතපුන තැන්ද යන මෙකී තැන් දැක සොරුන් මෙතැන්හි ආයේය. මෙතැන්හි සිටියේය. මෙතැන්හි හුන්නේය. මේ ස්ථානයෙන් නික්ම ගියේය. අප විසින් සොරහු නොදක්නා ලද්දේ යයි ඔබි නොබ ඇවිද නොදැක ගියාහුය. දෙවෙනි දවස්හි මුගලන් මහතෙරුන් වහන්සේ පෙරවරු වේලෙහි රජගහ නුවර පිඬු පිණිස ආහාර කෘත්‍යයෙන් වැලකුන සේක්. වේළුවනාරාමයට ගොස් එපවත් බුදුන්ට දැන්වූ සේක. මොග්ගල්‍යානයෙනි සැක කළ යුතු තැන් සැක කෙළේ තොපි දැන්මතු නොවෙයි. පුරාතන නැවනැත්තෝද සැක කළ යුතු දෙයෙහි සැක කළාහු වේදැයි වදාරා ස්ථවිරයන් විසින් ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් ගෙනහැර දක්වා වදාළ සේක.

කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජකු රජ කරන සමයෙහි අප මහ බෝසතානන් වහන්සේ බරණැස් නුවර සුසාන වනයෙහි කොසඹ ගසෙක්හි වෘක්ෂ දේවතාව උපන්සේක. ඉක්බිති එක් දිනයෙක නුවර දොර සමීප ගමෙක්හි කරන ලද සොරකම් ඇති පුරුෂයෙක් ඒ සුසාන වනයට ප්‍රවිෂ්ට වීය. එකල්හි වනාහි ඒ සුසාන වනයෙහි කොසඹය ඇසතුය යන වනස් පතී වෘක්ෂයෝ දෙදෙනෙක් වූහ. කරණ ලද සොරකම් ඇති පුරුෂයා කොසඹ ගස මුල බඩු පොදිය තබා සැතපුනේය. එකල්හි වනාහි මනුෂ්‍යයෝ සොරුන් ගෙන කොසඹ හුල්හි අමුනති. ඉක්බිති ඒ දේවපුත්‍රයා සිතනුයේ ඉදින් මනුෂ්‍යයෝ අවුත් මේ සොරහු අල්වාගෙන මේ කොසඹ ගසෙහි ශඛාවන් ඡේදනය කොට හුලක් තනා මොහු කොසඹ හුල්හි අමුනුවන්නාහුය. එකල්හි අපගේ මේ විමාන වෘක්ෂයත් නසන්නේය. එබැවින් ඔහු මෙතනින් නිකුත් කෙරෙමි. ඔහු හා සමඟ කථා කරන්නේ කොල සොරු නැගී සිටුව, කවර කාරණයකින් සිතා සයනය කරන්නෙහි දැයි මෙතැන්හි තාගේ සයනය කිරීමෙන් කවර අර්ථයෙක් සිද්ධවේද ගම්හි දරුණු සහාසික චොර ක්‍රියා කළාවූ සොරා යම්සේ රාජ පුරුෂයෝ අල්වා නොගනිද්ද එපරිද්දෙන් නැගී සිට නික්මවෙයි කීයේය. ඒ දේවපුත්‍රයා ඔහුට මේ උක්තප්‍රකාර වචනයෙහි භය ගන්වා ගමන් කර වූයේය. ඒ සොරහු එතනින් ගිය කල්හි ඇසතුරුක්හි වසන දේවපුත්‍රයා කියනුයේ ගමට ප්‍රවිෂ්ට කළ යම් සොරකු රාජ පුරුෂයෝ අල්වා ගෙන වනයෙහි ගෙන ගියා වූ කොසඹ වෘක්ෂයෙන් ශාඛාවක් කපා උල් හිඳුවති. එකල්හි පුචිමන්ද දේවපුත්‍රයාට කවර හානියෙක් වේදැයි කී කල්හි එබස් ඇසූ කොසඹ රුක්හි වසන දේවපුත්‍රයා කියන්නේ අශ්වත්‍ර්‍ඵ දේවපුත්‍රය තෙපි මාගේ ද, සොරහුගේ ද, එක්ව නොවසන බව නොදනුව ගම්හි සොරකම් කළ පුරුෂයා කොසඹ හුල්හි අමුනති. එසේ කල්හි මාගේ විමාන වෘක්ෂය නස්නේය. නොහොත් ශාඛායෙහික්හි බැඳ එල්වූ නම් මාගේ විමානය කුණප ගන්ධයෙන් හමන්නේය. එහි මාගේ සිත සැක කරවයි කීයේය. එපරිද්දෙන් ඒ දේවපුත්‍රයන්ට ඔවුන් කථා කරමින් සිටියදී වස්තු ස්වාමි සිළු කොලගත් අත් ඇතිව පියවර අනුසාරයෙන් අවුත් සොරහු සැතපුනු තැන් දැක පින්වත්ති දැන් මේ සොරු නැගී සිට ගියෝය. ඉදින් සොරුන් ලද මෝ නම් ඔහු මේ කොසඹ හුල්හි හෝ අමුනා ශාඛාවෙක්හි හෝ බැඳ එල්වා යන්නමෝ වේ දැයි කියා ඔබිමොබ දිව ඇවිද සොරුන් නොදැකම ගියාහුය. ඔවුන්ගේ බස් ඇසූ අශ්වත්‍ර්‍ඵ දේවපුත්‍ර කියන්නේ එම්බා නිමබ වෘක්ෂ දේවපුත්‍රය සැක කළ යුතු දෙයෙහි සැක කල යුත්තේය. පාපමිත්‍ර සංසර්ගය දුරු කිරීමෙන් මෙලෙව්හි තමා රක්ෂා කෙරෙති. ත්‍රිවිධ දුශ් චරිතය දුරු කිරීමෙන් මෙලෙව්හි තමා රක්ෂා කෙරෙයි. එසේ හෙයින් අනාගත භය කරණ කොටගෙන නුවණැති සත්වයෝ මෙලොව පරලොව දෙකින් වන වැඩ දක්නහුයයි කීයේය. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා මේ පුචිමන්ද ජාතකය නිමවා වදාළ සේක.

එකල්හි අශවත්‍ර්‍ඵ වෘක්ෂයෙහි නිපන් දේවපුත්‍රයා නම් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේය. එකල්හි නිමබවෘක්ෂයෙහි නිපන් දේවපුත්‍රයා නම් දැන් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.