Skip to main content

302 සයිහ ජාතකය

තවද එක් සමයෙක්හි සංසාර වෘත්තියෙහි අවිද්‍යාදී කෙලශයන් විසින් භ්‍රමණය වන සත්වයන් සඬර්‍මමෘත පානය කරවා සවර්‍ගාපවර්‍ග සමපතති ප්‍රතිලාභය කළාවූ සර්වඥ රාජෝත්තමයානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ශාසනයෙහි උකටලීවූ භික්ෂු කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වා වදාළසේක.

එක් භික්ෂූන් වහන්සේ කෙනෙක් වනාහි සැවැත් නුවරෙහි පිඬුසිඟා වඩනා සේක්. විශිෂ්ටවූ රූපශ්‍රී සම්පත් ඇති එක් ස්ත්‍රියක් දැක උකටලීවූ සේක්. ශාසනයෙහි සිත් නොඇලෙනසේක. ඉක්බිති භික්ෂූන් වහන්සේ නොකැමති කරවා ගෙනගොස් සර්වඥයන් වහන්සේට දැක්වූසේක. ඒ භාග්‍යවත් බුදුරජානන් වහන්සේ මහණ, තෝ උකටලී වූයේ සැබෑදැයි විචාරණ ලද, සැබව, ස්වාමීනියි කීසේක. එතෙපුල් ඇසූ සර්වඥයන් වහන්සේ විසින් මහණ තොප කවරෙක් උකටලී කරවූයේදැයි විචාරා වදාළ කල්හි එපරිදි දැන්වූ සේක. එපවත් ඇසූ බුදුරජානන් වහන්සේ වදාරණසේක්, මහණෙනි තෙපි මෙබඳුවූ නෛය්‍ර්‍යානික ශාසනයෙහි පැවිදිව කවරකරණයකින් උකලීවූයෙහිද පෙර නුවනැත්තෝ පුරෝහිත තනතුරු ලබනනා ඒ සම්පත්තිය නිරපෙක්‍ෂව හැර පැවිදිවූවාහු වේදැයි කාලත්‍රයවර්තීවු සකල නාමරූප ධර්‍මයන්ගේ පරම්පරානුස්සරියක්‍ෂණයෙහි අවිපරීතයෙන් දක්නාවූ සදහම් චක්‍රවර්තීවූ සර්‍වඥරාජෝත්තමයානන් වහන්සේ ඉකුත්වත් ගෙනහැර දක්වා වදාළසේක.

ඒ කෙසෙ ද? යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි පුරණලද බෝධිසම්භාර ඇති අප මහා බෝසතානන් වහන්සේ පුරෝහිත බ්‍රාහ්මණයාණන්ගේ භාය්‍ර්‍යාවූ බැමිණිය කුස පිළිසිඳ රජ්ජුරුවන්ගේ පුත්‍රයා බිහිවන දවස්හිම ජාතවූසේක. එකල්හි පුරෝහිතයෝ මාගේ පුත්‍රයෙක් ඇතැයි කීවාහුය. ඒ තෙපුල් ඇසූ රජ්ජුරුවෝ ඒ බ්‍රාහ්මණ කුමාරයා ගෙන්වා කිරිමවුන්ට භාරකොටදී රජකුමරුවා හා කැටුවම් පිළිඳගුම් කරවූයේය. එතැන් පටන් කුමරුන් දෙදෙනාම පලද‛නා ආභරණ හා ඛාද්‍ය භෝජ්‍යාදී සියල්ලම එකසදාශ වන්නේය. ඔහු දෙදෙනා වැඩිවිය පැමිණි එක්වම තක්සලා නුවරට ගොස් අක්‍ෂර ලිඛිතාදී සියළු උගත්මතා සිල්ප නොවළහා ඉගෙන ආවාහුය. එකල්හි රජ්ජුරුවෝ තමාගේ පුත්‍රයාට යුවරජ තනතුර දුන්නේය. රාජකුමාරයා මහත් යසපිරිවර සම්පත්ඇතියේය. එතැන්තැපටන් බෝධිසත්වයන් වහන්සේ යුවරජ්ජුරුවන් හා එක්වම ආහාර අනුභව කරන්නේය. පානීය යනාදීන් මෙම ක්‍රමයෙන් වන්නේය. මෙසේ ඔවුනොවුන්ගේ විශවාස ධර්‍මය ස්ර්‍ථරවූයේය. එයින් මෑත භාගයෙහි යුවරජ්ජුරුවෝ පියමහ රජුහුගේ අයාමෙන් රාජ්‍ය සම්පත්තියෙහිපිහිටා මහත්වූ රාජ්‍යශ්‍රී සම්පත්තිය අනුභවය කරන්නේය.

ඉක්බිති ඒ විශුද්ධි ශීල සමාධ්‍යාදී ගුණයන්ට වාසස්ථාන වූ අප මහා බෝසතානන් වහන්සේ සිතනසේක් මාගේ මිත්‍රයා රාජ්‍යනුශාසන කරන්නේය. සිතුනු ඇසිල්ලෙහි මට වනාහි පුරෝහිත තනතුරු දෙන සේක. පඤ්චකාම සම්පත්තියෙන් යුක්තවූ ගෘහවාසයෙන් මට ප්‍රයෝජන කිම්දැයි සෘෂි ප්‍රවජ්‍යාවෙන් පැවිදිව කායවිතේතකග්ගතා දෙක වර්ධනය කෙරෙම් සිතා බෝධිසත්‍වයන් වහන්සේ දෙමව්පියන් වැඳ පැවිදිවීමට අනුදන්වා මහත්වූ භවභෝගසම්පත්තිය නිරපෙක්‍ෂව දමා අසහායචාරීවූ මෘගෙන්‍ද්‍රයෙකු පරිද්දෙන් උදකලාවූ ස්වකීය වූ වාසභවනයෙන් නික්ම ප්‍රසිද්ධ සිංහ ව්‍යාඝ්‍රාදීන් විසින් භයානක වූ හිමාලය වනයට වැද සිත්කළු වූ එක්භූමි ප්‍රදේශයෙක්හි පන්සලක් මවා සෘෂිව්‍රජ්‍යාවෙන් පැවිදිව පඤචාභිඥ අෂ්ඨ සමාපත්ති උපදවා චිත්තානු කූලව ධ්‍යාන ක්‍රීඩා කෙළිමින් වාසය කරණසේක. එකල්හි රජ්ජුරුවෝ තම හට මිත්‍රවූ බෝධිසත්‍වයන් සිහිකොට මාගේ විත්‍රයානන් මේ ස්ථානයෙහි දකින්ව නැත්තේය. ඔහු කවර තෙනෙක්හි දැන් වාසය කරන්නේ දැයි වාසය කරන්නේ දැයි විචාළේය.

එතෙපුල් ඇසූ අමාත්‍යයෝ බෝධිසත්‍වයන් වහන්සේ පැවිදිවූ බව කීයේය. එයට ගොස් මාගේ මිත්‍රයානන් කැඳවාගෙණ එවයි ඔහුට පුරෝහිත තනතුර දෙනු කැමතිවෙමි කීහ. එබසට සයහ නම් වූ අමාත්‍යයා, යහපත, ගොස් කැඳවා ගෙන එමියි ගිවිද බරණැස් නුවරින් නික්ම අනුපිළිවෙළින් එක් ප්‍රත්‍යන්ත ගමකට පැමිණි එගම්හි උන්වහන්සේ එනකල ලැගුම් පිණිස කඳවුරක් කරකවා වැදිපුරුෂයන් හා කැටිව බෝධිසත්‍වයන් වහන්සේ වාසය කරන්නාහු පන්සල සමීපයට ගොස් පන්සල් දොරකඩෙහි සකල කමලාසනා නිමි සයුර ගරුඬ මනුෂ්‍ය විෂධරීන්‍ද්‍රයන්ගේ හෘදය නේත්‍රානන්‍ද කරවූ සවර්‍ණ ප්‍රතිබිඹයක්සේ වැඩවුන් බුද්ධාංකුරයන් වහන්සේ දැක දොහොත් මුදුනෙහි තබා වැඳ එකක් පස්ව හිඳ පිළිසඳර කථා කෙරෙමින් ඉක්බිති ස්වාමීන් වහන්ස අපගේ රජ්ජුරුවෝ නුඹවහන්සේට පුරෝහිත තනතුරු දෙනු කැමතියෙන් නුවරට එනු කැමතිසේකැයි කීහ. එබසට බෝසතානන් වහන්සේ කියනසේක් මම පුරෝහිත තනතුරු තබා සියළු කාසි කොසලාදි සියලු ජම්බුද්වීප රාජ්‍යය හෝ චක්‍ර වර්ති රාජ්‍ය ශ්‍රී සම්පත්තිය ලබතෝතිනුත් නොයෙමි. නුවණැත්තෝ වරක් දමන ලද කෙලශයක් නැවත ග්‍රහණය නොකරති. වරක් හරන ලද දෙය වනාහි උත්ගාර කොට දැමූ කෙළ පිඬක් හා සමාන වන්නේයයි කියා ප්‍රකාශ කරණ සේක්. එම්බා සයභ නම්වූ අමාත්‍යය, මම වනාහි චක්‍රවට පර්වතය විසින් පිරිවැරූ සාගරයට කර්ණාවතංසයක් වැනිවූ මේ පෘථීවි සංඛ්‍යාත චක්‍රවර්ති රාජ්‍ය ශ්‍රී සම්පත්තිය ධ්‍යාන සැපයෙන් යුක්ත වූ ප්‍රව්‍රජ්‍යාව හැර පචකාම සම්පත්තියෙන් යුක්තවූ ඓශ්චය්‍ර්‍ය ඇරගතියි යන මේ ලෝක නින්දායෙන් යුක්තව නොකමැතියෙමි. මෙබඳු වූ නින්දා ස්වාභාවයෙන් දනුවයි කියා ශ්‍රේෂ්ඨ අමාත්‍ය ධ්‍යානයෙන් ආත්මය පිරිහෙලා හෝ අධර්මයෙහි හැසිරීමෙන් හෝ යම් යස ලාභ වෘත්තියෙක් ඇත්නම් ඒ සියලු සම්පත්තිය නින්දිත වන්නේය කියාද යම් අධර්මයකින් වස්තු රැස් කිරීමෙක් ඇත්නම් එයින් ජීවත් වීමට වඩා ඉඳින් ගෘහ වාසය හැර භික්ෂා භාජනය අතින් ගෙන අන් කුලයෙක්හි පිඩු පිණිස හැසිරෙමි. එම ජීවත් වීම මට උත්කෘෂ්ට වන්නේයයි කියා මම වනාහි ඉඳින් ගෘහ වාසය හැර සත්ව ලෝකයෙහි සත්වයන්ට හිංසා පීඩා නොකොට භික්ෂා භාජනය අතින් ගෙන අන් කුලයෙක්හි පිඬු පිණිස ්හැසිරෙමි. එබඳු ජීවිකාව රාජ්‍ය ශ්‍රී සම්පත්තියටත් වඩා උත්කෘෂ්ට යයි කීසේක. බෝධි සත්වයන් වහන්සේ අමාත්‍යයා විසින් නැවත යාඥා කරද්දීත් පුරෝහිත තනතුරු මේ ආකාරයෙන් ප්‍රතික්ෂේප කළසේක. එවිට සයහ නම්වූ අමාත්‍යයා බෝධි සත්වයන් වහන්සේගේ සිත් ලැබ ගත නොහී වැඳ අවසර ඉල්වා ගෙන නුවරට ගොස් බෝධිසත්වයන් වහන්සේ නොඑන බව රජ්ජුරුවන්ට දැන්වූයේය. අජරාමර සංඛ්‍යාත නිර්වාණ ක්‍ෂෙම භූමිය ප්‍රණිධානය කළාවූ සත්වයන්ගේ අභිමතාර්ථය සීඬ කර අප තිලෝගුරු බුදුරජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට වදාරා මේ සයහ ජාතකය නිමවා වදාළසේක. චතුරාර්ය සත්‍යය ධර්ම දේශනාවගේ කෙළවර උකටලී භික්ෂූන් වහන්සේද දහසක් නයින් ප්‍රති මණ්ඩිත වූ ශ්‍රොතාපතති ඵලයෙහි පිහිටිසේක. අවශේෂ පිරිසත් මෙවැනි ශ්‍රොතාපත්ති ඵලාදිය ක්‍ෂාත් ක්‍ෂාත් කළාහුය.
එසමයෙහි රජ්ජුරුවෝ නම් දැන් බුද්ධෝපස්ථායක වූ ආනන්ද ස්ථවිරයෝය.

එසමයෙහි සයහ අමාත්‍යයා නම් දැන් ඥානාග්‍රාප්‍රාප්ත වූ ශාරිපුත්‍ර ස්ථවිරයෝය. එසමයෙහි පුරෝහිතයා නම් සමස්ථ සත්වයන් කෙරෙහි පතළ කරුණාවෙන් සමත්‍රිංසත් පාරමිතා ධර්මයන් පුරණය කොට අසවත්‍ර්‍ඵ මූලයෙහිදී ප්‍රාදූර්භූතවූ වජ්‍රාසනාරූඪව සකලඥෙය්‍ය ධර්මයන් කරතලාමලක ක්‍රමයෙන් ප්‍රතිවේධ කළාවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.