299 තෘතීය පලාස ජාතකය

තවද එක් සමයෙක්හි විජිත පංචමාරවූ සර්වඥයන් වහන්සේ පරිනිර්වාන සයනයෙහි සැතපුනුසේක්. ආනන්ද ස්ථවිරයන් අරභයා මේ ධර්ම දේශනාව වදාළසේක. ආයුෂ්මත් වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේ අද රෑ අළුයම වේලෙහි ශාස්තෘවූ තථාගතයානන් වහන්සේ පිරිනිවන්පානාසේකැයි දැන මාගේ ශාස්තෘන් වහන්සේට කළ උපස්ථානය නිෂ්ඵල වන්නේ යයි කියා සෝකයෙන් පීඩිත වූසේක්. උද්‍යානයෙහි වූ නිවාස ගෘහබහ්‍යන්තරවූ අගුළු බාවෙහි එල්බසට හැඬූසේක. සර්වඥයන් වහන්සේ අනඳ මහතෙරුන්නාන්සේ නොදක්නා සේක් මහණෙනි ආනන්දයෝ කොතැන්හි දැයි විචාරා වදාරා ඒ වූ කරුණු අසා කැඳවා කරණ ලද පින් ඇත්තෙහිය. සපධන් වීය්‍ර්‍යයෙහි යෙදෙව එසේවූ තෙපි චතුරාශ්‍රවයන් දුරුකොට රහත්වන්නෝවේද මට කළ උපස්ථාන නිෂ්ඵලයයි නොසිතව, දැන් තෙපි විසින් මට කළ උපස්ථාන කවර කාරණයකින් නිෂ්ඵල වන්නේද පෙරයමක් හට රෝග දෝෂාදී කාලයෙහි කළ උපස්ථාන නිෂ්ඵලනුවූයේ යයි වදාරා ඉකුත් වත් කථා වස්තුව ගෙණ හැර දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රජ්ජය කරණ සමයෙහි මහ බෝසතානන් වහන්සේ බරණැසට නුදුරු තැන්හි කැල ගසෙක්හි දේවපුත්‍රයෙක්ව උපන්සේක. එකල්හි බරණැස් නුවර වාසීහු දෙවියන්ට කළ යුතු මඟුල් නිරන්තරයෙන් බිලියම් කිරීම් ආදියෙහි යෙදුනාහුය. ඉක්බිති දුගී එක් බමුණෙක් මමද එක් දේව පුත්‍රයෙකු පිළිඳමි කියා උසස්වු භූමි ප්‍රදේශයෙක්හි පිහිටියාවූ මහත්වූ එක් කැල රුකක් මුල බිම සමතලා කොට තණ දුරු කොට වට පරීක්‍ෂෙප කොට සුදු වැලි විසුරුවා හැමද ඒ වෘක්ෂයෙහි සුවඳ සදුනෙන් පසගුල්දී ගඳ දුම මල් පහන් ආදියෙන් පූජා කොට පහන් දල්වා සැපසේ සැතපෙවයි කියා වෘක්ෂය පැද කුණු කොට යන්නේය. දෙවෙනි දිනයෙහි උදෑසන් හිම අවුත් සැපයන් විචාරන්නෝය. ඉක්බිති එක් දිනයෙක්හි වෘක්ෂ දේවතාවා මෙසේ සිතුයේය. මේ බමුණු අතිශයින් මා පිළිඳ ගියේය, මේ බ්‍රාහ්මණයා යම් කාරණයකින් මා පිළිඳහීද ඕහට තමා දක්වමි සිතා ඒ බ්‍රාහ්මණයා එතැන්හි අවුත් රුක් මුල හමඳිනා කල්හි මහළු බමුණු වේසයකින් ඔහුගේ සමීපයෙහි සිය කියන්නේ එම්බා බ්‍රාහ්මණයාණෙනි තො පරවෙතන රහිත වූ නොආසන්නවූ කිසිවක් දැනගන නොහෙන්නාවූ මේ කැලෑ ගස යයි දැන පටන් ගන්නා ලද වීය්‍ර්‍ය ඇතිව නිරන්තරයෙන් ප්‍රමාද නොවීම කවර කාරණයක් හේතු කොට ගෙණ සැප සයනය විචාරන්නෙහිදැයි විචාළේය. එබස් ඇසූ බ්‍රාහ්මණ තෙම කියන්නේ බ්‍රාහ්මණයානෙනි මේ වෘක්ෂය දුර සිටියවුන්ට පැහැදී පෙනෙන්නේය. ආසනයෙහි වූ අයට අප්‍රකාශය මහත් ද වෙයි. ඒකාන්තයෙන් මහේශාක්‍ය දෙවියන්ගේ විසීමට සුදුසු වෘක්ෂයෙක් වන්නේය.

එසේ හෙයින් මේ කැලෑ වෘක්ෂයට නමස්කාර කෙරෙමි මේ වෘක්ෂයෙහි යම් දෙවි කෙණෙක් වාසය කෙරේද්ද ඔවුන්ට නිස්කාරණ නොවී ධන ප්‍රතිලාභය කරණ කොට ගෙණ නමස්කාර කෙරෙමි කීයේය. එබස් ඇසූ දේව පුත්‍රයානෝ ඒ දුගී බ්‍රාහ්මණයාට ප්‍රසන්න වූයේ තමාගේ විමාන චරයෙහි මහත් දිව්‍යානුභාවයෙන් උපලක්ෂිතව අහසෙහි සිට එඹා බ්‍රාහ්මණයානෙනි මම මේ වෘක්ෂයෙහි නිපන් දේවපුත්‍රයෙකි. භය නොගනුව. තොපට ධනයක් දෙමි කියා ඔහු ඇස් වසා කියන්නේ එඹා බ්‍රාහ්මණයානෙනි මා වැනි සත් පුරුෂයන්ගේ සමීපයෙහි අවුත් සැප සයනය විචාරීම ආදී වූවාක් චාරයෙන් කළ ව්‍යායාමද හැමදීම් සුවඳ මල් පහන් පූජා කිරීම් ආදීවූ කාය චාරයෙන් කළ ව්‍යායාමද මෙසේ නිෂ්ඵල වේද එසේ හෙයින් තොප විසින් කරණ ලද කෙළෙහි ගුණ දන්නාවූ මම මාගේ දිව්‍යානුභාව වූ පරිද්දෙන් තොපට උපකාරයක් කෙරෙමි සිතා කියා විමානචාරයෙහි සිටියාවූ දිව්‍ය පුත්‍රතෙම අත දිගු කොට කියන්නේ මේ තිඹිරි රුක ඈත පෙණෙන ලද පුලිල වෘක්ෂය පිරිවරා ග්‍රීවයෙන් ග්‍රීවය හැර මහත් රැසක්ව සිටියවූ පූර්ව වස්තු ස්වාමීහු විසින් යාගකොට තබන ලද දැන් මේ අසවාමිකවූ ඒ නිදානයන් ගොස් උගුළුවා ගණුවයි මෙසේද කියා නැවත ඒ දේව පුත්‍රයා කියන්නේ බ්‍රාහ්මණයාණෙනි තෙපි මේ නිදානයන් උගුළුවා ගන්නේ ක්ලාන්ත වෙයි තෙපි නික්ම වෙයි මම තොපගේ වාසස්ථානයට ගෙණ ගොස් අසවල් තෙන නිධාන කෙරෙමි තොපි ජීවිතාන්තය දක්වා පරිභෝග කරමින් දන් දෙව සිල් රකුවයි කියා ඒ බ්‍රාහ්මණයාට අවවාද දී ධනයන් තමාගේ දිව්‍යානුභාවයෙන් ඒ බමුණානන්ගේ ගෙයි පිරවූයේය. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණ හැර දක්වා වදාරා මේ පලාස ජාතකය නිමවා වදාළ සේක.

එකල්හි බ්‍රාහ්මණයා නම් දැන් ආනන්ද ස්ථවිරය එකල්හි වෘක්ෂ දේවතාව නම් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.