298 විතිය සුජාත ජාතකය

තවද එක් සමයෙන්හි ශාක්‍යකූල තිලකවූ බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසනසේක්. මල්ලිකා දේවන් අරභයා මේ ධර්ම දේශනාව දෙසා වදාළසේක.

එක් දවසක් කොසොල් රජ තමාගේ මල්ලිකා දේවීන් සමඟ සයන කලහයෙක් වූයේය, ඒ රජ කිපී ඒ බිසව ඇති බව නොදන්නේය. මල්ලිකා දේවී තොමෝ කොසොල් රජ තමා කෙරේ කිපුනු බව සර්වඥයන් වහන්සේ නොදනිති සිතුවාය. බුදුරජානන් වහන්සේද එපවත් දැන වදාරා මොවුන් දෙදෙනාගේ සමගි භාවය කෙරෙමියි සිතා වදාරා පෙරවරු එක් ක්‍ෂණයක් මුළුල්ලෙහි හිඳිනා සිව්රු හැඳ කයින් සිව්ර හා අතින් පාත්‍රය ගෙණ පන්සියයක් භික්ෂුන් පිරිවරණ ලද සේක්. සැවැත් නුවරට ප්‍රවිෂ්ටව රාජචාරයට වැඩිසේක. කොසොල් රජ තථාගත යානන් වහන්සේගේ පාත්‍රය ගෙණ තමාගේ වාස භවනයට වැඩම කරවා ගෙණ පනවන ලද බුඬාසනමසතකයෙහි වඩා හිඳුවා බුදුපාමොක් මහ සඟනට දක්ෂිණාදකය දී කැඳ අවුලු ගෙන්වූයේය. බුදුහු පාත්‍රය ශ්‍රී හස්තයෙන් වසා මහා රජානෙනි මල්ලිකා දේවීන් කොතැන්හිදැයි විචාළසේක, ස්වාමීනි බුදුරජානන් වහන්ස ඇගෙන් ප්‍රයෝජන කවරේදැයි ඕ තොමෝ තමාගේ යසසින් මහත්වූයයි දැන්වීය, මහරජානෙනි තොපම යස පිරිවර සම්පත් දී මාතුගාමයන් උසස් කොට උන් විසින් කරණ ලද අපරාධ සහනය නොකිරීම නම් සුදුසු නොවන්නේයයි වදාළසේක. ඒ කොසොල් රජ බුදුරජානන් වහන්සේගේ වචනය අසා බිසවුන් ගෙන්වූයේය. ඒ බිසව අවුත් බුදුරජහු වැලඳවූවාය. සර්වඥයන් වහන්සේද ඔවුනොවුන් සමගිවන්නට සුදුසුයයි සාමාගගි කෘත්‍යයාගේ ගුණ වර්ණනා කොට වැඩිසේක. එතැන් පටන් ඔවුන් දෙදෙන සමගිව වීසීමෙන් වාසය කළාහුය. ඊට අනතුරු කොට භික්ෂූන් වහන්සේ දම් සභා මණ්ඩපයෙහි රැස්ව වැඩ හිඳ ඇවැත්නි ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ එක වචනයෙන්ම ඔවුන් දෙදෙනා සමගි කොට වදාළසේකැයි කිය කියා කථාවක් පහළ කළාහුය. ශාස්තෘවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ එතැන්හි වැඩ වදාරා මහණෙනි දැන් මා එන්නාට පූර්‍වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා මෙනම් කථාවකින් යුක්තව උනුම්හයි දැන් වූ කල්හි මහණෙනි දැන් මතු නොවෙයි පූර්වයෙහි මම මොවුන් දෙදෙන එකම අවවාද වචනයකින් සමගි කෙළම්වේදැයි වදාරා ඉකුත්වත් ගෙණහැර දක්වා වදාළසේක.
ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්ජය කරණ කල්හි මහා බෝසතානන් වහන්සේ ඒ රජහට අත්‍ර්‍ඵයෙන් ධර්මයෙන් අනුශාසනාකරණ අමාත්‍යවූ සේක. ඉක්බිති එක් දිනයෙක්හි බ්‍රහ්මදත්ත නම් රජ මහා සිව් මැදරු කුවුළුව හැර රාජාගනය බලමින් සිටියේය. එකෙණෙහි විසිතුරු වූ මැදුරු කුවුළුව හැර රාජාගනය බලමින් සිටියේය. එකෙණහි විසිතුරුවූ රූ ඇතිව ප්‍රථම වයසෙහි සිටියාවූ ඩෙබරඵල වෙළඳක්හුගේ එක් දුවක් ඩෙබර පැයක් හිස තබා ගෙණ ඩෙබරඵලගනුවයි කිය කියා රාජභවනයෙන් යන්නීය. ඒ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ ඇගේ ශබ්දය අසා ඈ කෙරෙහි පිළිබඳ සිත් ඇතිව හිමියන් නැති බව දැන කැඳවමින් රාජාගනයට ගෙන්නා ඒ ස්ත්‍රිය අගමෙහෙසුන් තනතුරෙහි තබා මහත් යස පිරිවර සැපත් දුන්නේය. ඕ තොමෝ රජහට ප්‍රිය වන්නීය. මනවඩන්නීය. ඉක්බිති එක් දිනයෙක්හි රන්තලියෙහි බහන ලද ඩෙබර ඵල අනුභව කරමින් හුන්නේය. සුජාතා දෙවීතොමෝ ඩෙබර ඵල අනුභව කරන්නාහු දැක මහ රජ්ජුරුවන් වහන්ස නුඹ වහන්සේ කවර නම් ඵලයක් අනුභව කරණසේක්දැයි කියන්නී දේවයන් වහන්ස රන් තලියෙහි බහන ලද්දාවූ ලෙහෙවන් පැහැ ඇති නිමිලවූ කවර ඵලයෙක් වන්නේදැයි විචාළාවූ මට එපරිද් නොවළහා කියවයි කීවාය. එබස් ඇසූ බරණැස් රජ කිපී කියන්නේ පැසුණු ඩෙබර ඵල වෙළදාම් කරන ග්‍රහපතියන්හු දුටු කෙල්ල තිගේ වංශයට අයිතිවූ ඩෙබර ඵලයන් නොදනීදැයි නින්දා බස් කියන්නෝ දෙවිනි. තෙපි හිස පැස තිබීමෙන් මොටවූ හිසක් ඇතිව දිරුනු රෙදි ඇඳවලට වැද දෙහෙටිල්ලෙන් අතු නමා කැඩූ කැඩූ ඵල අතින් එකතුරු පටට අවුලා වෙළදාම් කරන්නීය, එසේ හෙයින් මා අනුභව කරන්නාවූ මේ ඩෙබර ඵල තිගේ අයිති වන්නේය. මේ කාලකන්නි ස්ත්‍රීය ලෝකුඹුනිරයෙහි වෙසෙන්නියක මෙන් අපගේ මේ රාජභවනයෙහි සිත් අලවා වාසය කරන්නීය. අශ්‍රිකවූ මේ ස්ත්‍රිය මේ රාජ සම්පත හැරීයාහුයයි කියා ඒ රජ යම් තෙනකින් ඩෙබර ඵල රැස් කිරීමෙන් විකිණී ගෙන ජීවත් වන්නිද එතැන්හිම ගෙණ ගොස් හැරලවයි කීයේය. එබස් ඇසූ මහබෝසතානන් වහන්සේ මා හැර අන් සත්ව කෙනෙක් ඔවුන් සමගි කරවන්ට නොහැකිවන්නාහු යයි සිතා රජහු අනුදන්වා මේ බිසවුන් පිටතලීමට අවසර නොදෙමි සිතා රජ හට කියනසේක්.
මහරජ්ජුරුවන් වහන්ස උසස්වූ බිසෝ තනතුරට පැමිණි ස්ත්‍රීන්ගේ මෙබඳුවූ ප්‍රමාද දෝෂ නොවන්නේ නොවෙයි. එසේ හෙයින් නර ශ්‍රේෂ්ඨ වූ දේවයන් වහන්ස මේ සුජාතාවන්ගේ ස්වල්ප වූ මෙබඳුවූ අපරාධයට නොකිපී සමාකළ මැනවයි කීසේක. ඒ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ අමාත්‍යයාගේ වචනයෙන් සුජාතා නම් බිසවගේ ඒ අපරාධය ක්ෂමා කොට ඈ බිසෝ තනතුරෙහි පිහිට වූයේය. එතැන් පටන් ඔහු දෙදෙන සමගිව වාසය කොට විසූහ. ශාස්තෘවූ සර්වඥයන් වහන්සේ මේ ජාතක ධර්ම දේශනාව ගෙණහැර දක්වා වදාරා මේ සුජාතා ජාතකය නිමවා වදාළසේක.
එකල්හි බරණැස් ජර නම් දැන් කොසළ මහ රජය, එකල්හි සුජාතාවෝ නම් දැන් මල්ලිකාදේවිය. එකල්හි අමාත්‍ය වූයේ නම් දැන් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේම දක්වා වදාළසේක.

 

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.