Skip to main content

291 ගාමණි චණ්ඩ ජාතකය

තවද ලෝකාවචාරීවූ සර්වඥයන් වහන්සේ සැවැත්නුවර වාසය කරණ සමයෙහි ප්‍රඥාපාරමිතාව අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

සර්වඥයන් වහන්සේ ප්‍රඥාවිශේෂයක් යහපත් නියාව කියනසේක් ඇවැත්නි මහාපඤෙඤ, මහත්වූ අර්ථ ධර්ම නිරුත්ති ප්‍රතිභානාදී ගුණයෙන් යුක්ත වූ හෙයින් මහත්වූ ප්‍රඥා ඇතිසේක. පුථුපඤෙඤ දෙලක්ෂ සතලිස් දහසක් යොදුන් ඝණකඩ බොල් මහපොළොවසේ පැතිරපවත්නාවූ ප්‍රථුලවූ ප්‍රඥාවෙන් යුක්තසේක. හාසුපඤෙඤ, හාසුබහුලවූ තෘෂ්ටිබහුලවූ ප්‍රමෝi බහුලවූ ප්‍රඥාවෙන් යුක්ත වූසේක. ජවනපඤෙඤ, ජවනහංසගතියක් පරිද්දෙන් සීඝ්‍රව පවත්නාවූ ප්‍රඥාවෙන් යුක්තසේක. නිබ්බේධික පඤෙඤ ජීර්ණපුටයෙක්හි දිවයනසයංතප්ත අස්ඛලිත අයස්සුලයක් පරිද්දන් සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්තිය යන පංචවිධ ප්‍රකාරවූ ඥෙය්‍යමණ්ඩලයෙහි අස්ඛලිතව විනිවිද පවත්නා වූ ප්‍රඥාවෙන් යුක්තසේකැයි ප්‍රඥවිෂශෂය වර්ණනාකොට හුන්නාහුය. සර්වඥයන් වහන්සේ එතනට වැඩවදාරා මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි දැන්මතු නොවෙයි පෙරත් සර්වඥයෝ නුවනඇත්තෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර ජනසන්ධව නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජයකරණ සමයෙහි බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ගේ අග්‍රමෙහෙසිකා බිසවුන් කුස පිළිසිඳ දසඑකඩ මසකින් බිහිවූහ. ඒ රාජකුමාරයන්ගේ මැදපු කැඩ පතක්මෙන් යහපත්වූ මුඛශ්‍රීයක් ඇති හෙයින් ආදාසමුඛ කුමාරයෝයයි නම් තුබූහ. ඒ කුමාරයන් සත් ඇවිරිදි අවස්ථාවෙහිම ඉගැන්වූවමනා සියළු ශාසත්‍රම උගන්වා නිපුණකරවා යුවරජතනතුරු සලස්වා ජනසන්ධව නම් රජ්ජුරුවෝ සවර්ගස්ත වූහ. ඉක්බිති අමාත්‍යයෝ සිතන්නාහූ මේ ආදාසමුඛ නම් රාජ කුමාරයා බලය මුන් වහන්සේගේ නුවන පරීක්ෂා කරන්ට වුවමැනවැයි කියා එක් දවසක් සහායේ ඉඳූවා දෙපසින් ගමන්කරන්ට දන්නා කම්පස් වඳූරෙකු පිළිඅන්දා ඉස තලකඩුපපුවක් බැඳ රියන්දණ්ඩක් අතට දී වානරයා රජ්ජුරුවන් වහන්සේ දක්වා දේවයන් වහන්ස මේ නුඹ වහන්සේගේ පියානන් වහන්සේට ආචාරීධුරයෙහි හිසට වස්තු විද්‍යා ආදී කටයුතු කාරීයෙහි පටන් නුවනින් ඉතා වැඩිතරම් එකෙකැයි කීහ. එසේ හෙයින් මුරකිණාබව යහපතැයි කීහ. රජ්ජුරුවෝ එකියන වානරයා බලා මූවනාහී මනුෂ්‍යයෙක් නොවෙයි, මේ වනාහී වඳූරායයි සිතා අමාත්‍යයන්ට කියන්න හූ මුන්සේදු වඳූරෝ තමන්ගේ නකුට සඟවා ඉන්දනොදී ඉන්නෝ වස්තු විද්‍යා කෙසේ දනිද්දැයි මේ කා වඳුරාය මූ ඇරපියවයි කීහ. අමාත්‍යටයෝත් සැබැව දේවයන් වහන්ස නුඹ වහන්සේ පරීක්ෂා කරණ නිසා කළම්හයි කියා ඒ වානරයා ඇරගෙණ පලාගොස් කීප දවසක් අපොකොටලා දෙවෙනිව එම වානරයා පිළිඅන්දා සැට්ටමෙලක්කට්ටුලා පොත්ක් අතටදී ඔහු ඇරගෙණගොස් රජ්ජුරුවන්ට දක්වා දේවයනි නුඹ වහන්සේගේ පියානන් වහන්සේගේ අවධියේ අධිකරණ නායකකමට නියුක්තව සිටි අමාත්‍යයවරයා මොහු රැක්ක මැනවයි කීහ. එවිට රජ්ජුරුවෝ ඔහු වඳුරා නියාව දැන අමාත්‍යයන්ට කියන්නාහූ සත්පුරුෂයන්සේ නොවෙයි ලොම්දික්ව ලොම්ත්දව තිබෙන මුගේ ලෙයි කුමන ගුණයෙක් ඇද්ද මුන් සේවුවන් ජනසන්ධව රජ්ජුරුවන් වහන්සේ අධිකරණ නායකකමට නොසල්වනසේක. එසේ හෙයින් මේ වඳුරාය මූ එපිටලවයි කීහ. එවිට අමාත්‍යයෝ කියන්නාහූ සැබෑව දේවයන් වහන්ස නුඹ වහන්සේ විමසන පිණිස කළම්හයි කියා ඔහු එපිටලා පෙරලා කීප දවසකින් ඔහු අනික් වෙසක් ගන්වා රජ්ජුරුවන් වහන්සේ කරා ගෙණගොස් නුඹ වහන්සේගේ පියානන් වහන්සේ සමීපයෙහි දෙමාපියන්ට උපස්ථාන කරන්නට සපන් ධර්මිෂ්ට වූ පුරුෂයෙකැයි කියා මූ රැක්ක මැනවයි කීහ. එවිටත් රජ්ජුරුවෝ ඌ වඳූරා නියාව දැන නියන්නාහූ මුන් සේවුවන් තමන්ගේ දෙමාපියන් මල්බෑ ආදී වූවන් රකින්ට අසමර්ථිය මේ වනාහී වඳූරාය මූ අරවයි කීහ. එවිට අමාත්‍යයෝ වඳුරා ඇර රජ්ජුරුවන් වහන්සේ මහානූව නැතිසේකැයි කියා රාජ්ජයට තිබා ඔටුනුපලන්දා ආදාසමුඛ රජ්ජුරුවන් වහන්සේගේ ආඥාවයි කියා නුවර බෙරලැවුය. එකියන රජ්ජුරුවෝත් දැහැමෙන් සෙමෙන් රාජ්ජය කොට දසරාජ දර්මයට අකෝප්‍ය නොව රාජ්ජය කරන්නාහ. ඒ රජ්ජුරුවන්ගේ යසස් හා කීර්තීය දශ දිසාවෙහි පැතිරිනි. ඒ රජ්ජ්රුවන් මත්තෙහි විමසූ ප්‍රශ්න මෙසේ දත යුතු. ඒ කෙසේද යත් ගොණො පුතොතා භයෝවෙවනලකාරේ ගාම භෝජකෝ ගණිකා තරණි සපොපා මිගො තිතතර දෙවතා නාගො තපස්සිනා වේවා අථො බ්‍රහ්මණ මානවොයි යනාදින් ප්‍රශ්න දසසතරක් විසඳුසේක. ඒ කෙසේද යත්. ඒකියන ආදාසමුඛ නම් රජ්ජ්ුරුවන් වහන්සේගේ පියානන් වහන්සේට දුකගත් ගාමණිචණ්ඩනම් එක් පුරුෂයෙක් සිතන්නේ මුන් වහන්සේ බාලසේක. මම් වනාහී වයොවෘද්ධයෙමි. එසේ හෙයින් බාල රජ්ජුරුවන්ට දුක්ගැණි යහපත් නොවෙයි සිතා එතනින් පලාගොස් දෙයොත්නක් විවරකින් ඔබේබ එක්ගමෙක වාසය කරන්නේය. වැසිවට කල්හි සිසාන්ටයයි කියා වෙන අයකුගෙන් ගොන්ගෙයක් ඇරගොණගොසින් සීසා අන්තයෙහි ඒ ගොන්ගේ පාවාදෙන්ට සිතා ඔහුගේ ගෙට ගියේය. ඒ වෙලාවට ඒ ගෙයි දෙමහල්ලන් බත්කන හෙයින් තෙමේ මන් ගෙටගියේ නම් මා බත්කන්ට කියති සිතා ගොන්ගෙයි ගෙටම දක්වාලීය. ඒ වෙලාවට ස්ත්‍රී සහ පුරුෂයා බත්කමින් සිට මධ්‍යය අතට ඇරගෙණ නැගීසිට ගොන්ගෙය දුටුහ. එකියන පුරුෂයාත් ගොන්ගෙය දුටු නියාව දැන ගොන්ගෙය පාවානොදීම පලාගියේය. එ කියන ගොන්ගෙය තමන් සිටිනා පට්ටියෙහිම සිටියාහ. එදා රෑ සොරු ඇවිත් ඒ කියන ගොන්ගෙය ඇරගෙණ ගියාහ. ඒ පුරුෂයෝත් තමන්ගේ ගොන්ගෙය නොදැක ගාමණිචණ්ඩියන් කරා අවුත් ඇයි තොප සාන්ට අපගෙන් ගොණගිය ගොන්ගෙය දෙවයි කීහ. ගාමිණිචණ්ඩියෝ කියන්නෝ තොප බත්කමින් සිටියදී නොවේද මා ගොන්ගෙය ගෙට බාණකා ආයේයයි කීවත් ඒ ගොන්ගෙය දෙන්ට උවමැනැයි කියා නොයෙක් හෙයින් රජ්ජුරුවන්කරා යන්ට නික්මිණි. දෙන්නා රජ්ජ්ුරුවන් දකින්ට යනකලට ගාමණිචණ්ඩයෝ අතරමග තමන් අඳුනන ගෙයක් දැක මේ ගෙටගොස් බක්කාපියායෙමි සිතා ගෙට වන්හ. ඒ වේලාවට ඒ ගෙයි පුරුෂතැන, එවිට ඒ ගෙයි ඉන්නා ස්ත්‍රී ගාමණිචණ්ඩියන් දැක මුන්ට බත් උයන්ට කොටුවට නැගෙමියි සිතා සත්මැසි බඩින් ඉඳ ඉනක් වතුරුවා නැගෙන්ට වන් වෙලාවට ඉන්පයපලාවැටුනු ස්ත්‍රියගේ දරුගැබ වැටිහින. ඒ වෙලාවට ඒ ගෙයි පුරුෂයා ගෙට අවුත් ඇයි ගාමණිචණ්ඩයෙනි මාගේ බිරින්ද මරා දරුගැබ කුමක් නිසා ඵලාපුදැයි කියා කැටක්නගා මොහු රාජදුතයයි කියා ඇරගෙණ ගාමණිචණ්ඩයන් මධ්‍යයේලාගෙණ දෙන්න දැලයෙන් නික්මුණාහ. ඒ වෙලාවට එක් අස්ගොව්වවෙක් තමාගේ අසාගේ බැඳූන් කඩාගෙණ ගාමණිචණ්ඩයන් කරා දිවනහෙයින් මයිලනුවෙනි ගාමිණිචණ්ඩයෙනි අසුව කැටක් ගසාලා රඳවාලවයි කීහ. යහපතැයි ගාමණිචණ්ඩයොත් අසා රඳවන පිණිස කැටක් ගැසූහ. ඒ ගැසූ කැටින් අසාගේ කකුල උන කිලිල්ලක් සේ බිඳින එකියන අස්ගොව්වාත් අසා ඉක්මවන්ට කීපමණක් විනා මාගේ අසාගේ කකුල ගසා කඩන්ටකීම් දැයි කියා කැටක් නගාලා පා මොහු රාජ දූතයෝයයි කියා ගාමණිචන්ඪයන් මධ්‍යකොට තුන්දෙනා නික්මුනාහ. එවිට ගාමණිචණ්ඩයෝ කියන්නේ මම ශරීරකෘත්‍යයට යෙමි තෙපි සැම මෙසේ සිටු වයි කියා වලට වැද ගලකට නැගී මියන්ටයයි කියා ගලින්පාත පැනපීහ. එකීයන ගලපාත කුළුපොතු දෙපුතුපියකෙණෙක් උනදඬු කපමින් සිටියාහ. එකී යන ගාමණිචණ්ඩයෝ පනින්නාහූ මාළු කුළුපොත්තා පිටට පැණපූහ. ඒ කුළුපොත්ත එකපිම්මෙන්ම මළේය. ගාමණිචණ්ඩයෝ නොමියුනු හෙයින් එකී යන කුළුපොත්තාගේ පුතා මාගේ පියා මරාපූ පිතෘඝාතක සොරායයි කියා කැටක් නගා මොහු රාජදුතයෝයයි කියා ගාමණිචණ්ඩයන් ඇරගෙණ තුන්දෙනා සිටිතැනට ආය, එකියන තුන්දෙනා මේ කින්දැයි විචාළාහ, කුළුපොත්තා විසින් මාගේ පියා මැරූ සොරායයි එසේහෙයින් ගෙණාමි කීහ. සතරදෙන වට කොටගෙණ නික්මුණාහ. ඒ වෙලාවට එක් ගම්මුදලියෙක් ගාමණිචණ්ඩයන් දැක එළඹ රජ්ජුරුවන් වහන්සේ මහානුවනෑතිසේක,

එහෙයින් මා කී අස්න ගොසින් කියවයි කියන්නේ ආදී මම මහත්වූ උපභොග පරිභොග ලැබුයෙමි. මමත් නිරෝගීවීම් දැන්වනාහී මම ඔබ්බෙන් සම්භාවන්නාවූ සම්පතුත් නැත, පාඬුරෝගත් මට ඇතිව දුක්විඳිමි. මීට කාරණා කින්දැයි රජ්ජුරුවන් වහන්සේ අතින් විචාරවයි කීහ. දෙවෙනිව එක් වෛශ්‍යාස්ත්‍රීයක් ගාමණිචණ්ඩයන් දැක කියන්නී රජ්ජුරුවන් වහන්සේ මහානූවනැතිසේක, මා කී අස්නක් කියාලවයි කියන්නී ආදී මම බොහෝ ලාබලැබිමි පුරුෂයෝ මා කරා එලඹෙන්නාහ, දැන් වනාහී බුලත්පතක් විවර නොලබමි, ඊට කාරණා කින්දැයි විවාරවයි කීහ. ඉක්බිති යහපතැයි කියා ඔබ්බට යනකලට එක්තරා ස්ත්‍රියක් ගාමණිචණ්ඩවයන් දැක කියන්නී රජ්ජුරුවන් වහන්සේ මහානුභාව නැති සේක. එසේහෙයින් මා කී අස්නක් රජ්ජුරුවන් වහන්සේ මහානුභාව නැතිසේක. එසේ හෙයින් මා කී අස්නක් රජ්ජුරුවන් වහන්සේට කියවයි කීයන්නී මම ස්වාමි පුත්‍රයා ලඟත් ඉන්දනොයෙමි, දෙමාපියන් ලඟත් ඉන්දනොහෙමි, මීට කාරණා කින්දැයි රජ්ජුරුවන් අතින් විචාරවයි කීහ. ඉක්බිති යහපතැයි කියා නික්මුනු වේලාවට එක් සර්පරාජයෙක් ගාමණිචණ්ඩයන් දැක කියන්නෝ තොපගේ රජ්ජුරුවෝ මහා නුවනැත්තෝල, මා කියන යුක්තියක් කියවයි කියා කියන්නේ මම තුඹසින් නික්මෙනවෙලේ ගැහැටි ගැහැටි කින්මෙම්, ගොදුරු කා තුඹසට වහා වැදයෙමි, මේ කාරණෘව රජ්ජුරුවන් වහන්සේගෙන් විචාරවයි කීහ. යහපතැයි කියා ගිවිස ඔබ්බට නික්මුණ කලට ඒක් මුවෙක් ගාමණිචණ්ඩයන් දැක කියන්නේ රජ්ජුරුවන් වහන්සේ මහත්වූ නුවනැතිසේක්ල, එසේහෙයින් මා කී අස්නක් කියවයි කියා කියන්නේ මා සිටිනා ගසසමීපයේ තණ කන්ටත් මට අභිප්‍රාය, ඔබ්බේ තණකන්ට මට අභිප්‍රාය නැත, ඊට කාරණා කින්දැයි රජ්ජුරුවන් වහන්සේගෙන් විචාරවයි කීහ. යහපතැයි කියා නික්මුණකලට ඔබ්බේ තීත්වටුවෙක් ගාමණිචණ්ඩයන් දැක කියන්නේ රජ්ජුරුවන් වහන්සේ මහා නුවනැතිසේක්ල, එසේ හෙයින් මා කී අස්න කියවයි කියා කියන්නේ මම තුඹසපිට හිඳ නාදකරණ වේලේ යහපත් කොට නාදකරමි අනිත්තෙනක ඉද නාදකරණ වේලේ යහපත්ව නාදනොවෙයි මේ කවරකාරණයක් නිසාදැයි විචාරවයි කීහ. යහපතකියා නික්මුණවේලාවට එක් වෘක්‍ෂදේවතාවෙක් ගාණිචණ්ඩයන් දැක කියන්නේ තොපගේ රජ්ජුරුවෝ මහානුභාවනැති සේක්ල මා කී විත්තියක් රජ්ජුරුවන්ට කියවයි කියා කියන්නේ මාගේ වෘක්‍ෂයට පළමු බොහෝ බලිපූජා ඇත. දැන් බලිපුජා නැත, ඊට කාරණාකින්දැයි රජහු අතින් විචාරවයි කීය. යහපතැයි කික්මුනු වේලාවට දියෙහි වසන නයෙක් කියන්නේ මාගේ විල පැන් පළමු ප්‍රසන්න තිබෙයි දැන් කැළඹිතිබෙයි ඒ කවර කාරණාවක් නිසාදැයි විචාරවයි කීහ. යහපතැයි කියා ඔබ්බට නික්මුණු කලට තාපසවරු කියන්නාහූ රජ්ජුරුවෝ මහා නුවනැත්තෝල, පළමු අප වසන්නාවූ පන්සල අඹ කොස් ආදීවූ වෘක්‍ෂවල ඵලාපල ඉතා මධුරය, දැන් එම ඵලා ඵල තික්තරසය ඒ කවරකාරණයක් නිසාදැයි විචාරවයි කීහ. මේ නියායෙන් ගාමණීචණ්ඩියෝ එකී ප්‍රශ්න දසය සිත තබාගෙණ ඒ යුක්ති කියන සතර දෙනා ඇරගෙණ රජ්ජුරුවන් අධිකරණයෙහි උන් වෙලාවට අවුත් රජ්ජ්ුරුවන් දුටුහ.. රජ්ජුරුවෝත් ඇයි ගාමණිචණ්ඩයෙනි මෙතෙක් දවස් කොයි උන්නාද නැතැක්දවස් තොපගේ උකුලේ උනුම්හ මෙතෙක් දවස් නුදුටුම්හ කුමක් නිසා ආවාදැයි විචාළාහ. එවිට ගාමණිචණ්ඩයෝ කියන්නාහූ මේ සතරයුක්තියක් නියන නිසා මා ඇරගෙණ ආහයිකීහ. එබස් අසා රජ්ජුරුවෝ කියන්නාහූ යුක්තියක් නිසාවුවත් තොප අප දුටුසේ යහපතැයි සතුටුව යුක්ති කියන්ට ආ අය අතින් රජ්ජුරුවන් විචාරන්නාහූ මුන් තොප ඇමට කිලු අන්‍යය අයුක්තිය කියවයි කීහ. පළමුකොට ගොන්යුකති එකා කියන්නේ දෙවයන් වහන්ස සීසාන්ට උවමැනවයි කියන්නා ගොන්ගෙයක් දිලිම් මොහුවනා හී පසුව ගොන්ඉල්එකල නුදුන්නේය. ඒ ගොන් මට දෙවාවදාරන්නේ යහපතැයි කීහ. එවිට රජ්ජුරුවෝ සැබෑද ගාමණිචණ්ඩයෙනි විචාරා සැබැව දේවයන් වහන්ස සීසාන්ටයයි කියා ගොන්ගෙයක් ඇරගෙණ සීසා අන්තයෙහි මුන් බත්කමින් සිටියදී ගෙට වනින්නම් මාත් බත්කන්ට කියත්දෝහෝයි සිතා ගොන් ගෙටම දක්කාලිමි. ඒ වෙලාවට මුන් ගොන්ගෙය දුටුහ. ගොනුත් පට්ටියෙම සිටියදී සොරුන් ඇරගත්තාට මූ මට නයකියයි කීහ. එබස් රජ්ජුරුවෝ අසා එකියන පුරුෂයා අතින් විචාරන්නාහූ තා විසින් ගොන්ගෙය දක්නාලදැයි විචාළාහ. එවිට පුරුෂයා කියන්ට මම ගොන්ගෙය නුදුටුම්හයි කීහ. රජ්ජුරුවෝ ඇයි තොප මා ආදාසවුඛ රජ්ජුරුවන් නියාව නොදනීද මා දැක්කදී ඇත්තවිනා බොරු නොකියවයි කීහ. එවිට ඒ පුරුෂයා කියන්නේ සැබැව දේවයන් වහන්ස ගොන්ගෙය දිටිමි. කීහ. එවිට රජ්ජුරුවෝ ගාමණිචණ්ඩයන්ට කියන්නාහූ ගාමණිචණ්ඩය මාගෙන් මසුරන් සොළොස් කළඳක් හැරගෙණ ගොන්ගෙයක් දිපියා මූ මා දැක්ක බොරුකීවාට ඇස්දෙක උදුරා පියවයි කීහ. එවිට ගොන්යුක්තිය කියන්ට ආ පුරුෂයා එබස් අසා කියන්නේ ගාමණිචණ්ඩයෙනි මට ගොන්ගෙයි මිලත් එපයි මාගේ ඇස්දෙක උදුරන්ටත් එපායි මා ගලවාපුවමැනවයි කිහ. යහපතැ කියා ගාමණිචණ්ඩයෝ උන් ගළවා යවාපූහ.

ඉක්බිති දරුයුක්ති කියන එකා රජ්ජුරුවන් ලඟට අවුත් දේවයන් වහන්ස මූ වනාහී මාගේ අඹුවත් මරා දරුගර්භය එළීය. එසේ හෙයින් මට දරුවන් දුනමැනවයි කීහ. එවිට රජ්ජ්ුරුවෝ එකියන පුැරෂයා අතින් මෙවිට කරන්නේ කිම්දැයි විචාළාහ. දේවයන් වහන්ස කෙසේවුවත් දරුවන් ලබන්ට උවමැනවයි කියන්නා එවිට රජ්ජුරුවෝ කියන්නාහූ ගාමණිචණ්ඩයෙනි මුන් දරුවන් උවමැනවයි කියන පසු මළ දරුවන් උපද්දවාදෙන්ට බැරිවුවත් එසේහෙයින් මුන්ගේ බිරින්ද තෙපගේ ගෙයි තිබාගෙණ දරුකෙණෙකුන් ලත්කල අඹුවනුත් දරුවනුත් පාවාදෙවාලවයි කීහ. එවිට ඒ පුරුෂයා මා සත් ඇවිරිදි කාලයෙහි පටන් පිසවා කෑ බිරින්ද දැන් මා වියෝ නොකළමැනව මට දරුවනුත් එපයි කියා ගාමණිචණ්ඩයන්ගේ පයගෙණ අඬා කන්නලව් කීහ. යහපතැයි කියා ගාමණිචණ්ඩයෝ ඔහු අලහ.

එවිට අස්සලයා රජ්ජුරුවන් කරා ගොස් කියන්නේ මොහු විසින් මාගේ අනර්ඝවූ අශ්වයාගේ පය බිඳනාලදහ. මට අස්මිළ දුනමැනවැයි කීහ. එවිට රජ්ජුරුවන් විසින් සැබෑද ගාමණිචණ්ඩය තා විසින් අශ්වයාගේ පය බිඳිනාලදදැයි විචාළාහ. එසේය දේවයන් වහන්ස මොහු විසින් මට මයිලනුවෙනි කැටක් ගසා අසා රඳවාලවයි කී විසින් කැටක් ගැසීමි, එවිට අසාගේ පයබිඳුනේ සැබැවයි කීහ.එවිට රජ්ජුරුවෝ අස්සලස තා විසින් එසේ කියන ලදදැයි විචාළාහ. අස්සලයා ස්වාමීනි නොකීමි කියන්නා ඇයි මා ආදාසමුඛ රජ්ජුරුවන් නියාව නොදනීද?. මා දැක්කදී ඇත්තක්විනා බොරු නොකියවයි කීහ. එවිට අස්සලයා කියන්නේ සැබෑව දේවයන් වහන්ස කැටක් ගසා රඳවයි කීහ. රජ්ජුරුවෝ ගාමණිචණ්ඩයාට කියන්නාහූ අසාගේ පය බිඳුනාට මිළදීයයුතුය. මාගෙන් මසුරන් දහසක් ඇරගෙණ මුන්ට දිපියව අසා කැටක් ගසා රඳවන්ට කියාලා මාමැද නෙැකීමි කියා බොරු කීහෙයින් මුගේ දිව කපවයි කීහ. එවිට අස්සලයා මට දිය යුතු මසුරන් දහස නුඹ වහන්සේ ඇරගෙණ මාගේ අසාගේ පය බිදූනාටත් මට පලිනැත, මාගේ දිව ගලවාපූව මැනවයි ගාමණිචණ්ඩයන්ට මුරගා කියා ගැලවී ගියේය.

ඉක්බිති කුළුපොත්තා ඇවිත් කියන්නේ මූ විසින් මාගේ පියා මරණලද, ඒ මට විචාරන්නේ යහපතැයි කියා එවිට රජ්ජුරුවෝ සැබෑද ගාමණීචණ්ඩයයි කියා විචාරා එසේය දේවයන් වහන්ස මුන් තුන්දෙනා විසින් මා වටකොට ගෙණහෙයින් මම සිත්නෙම් ගොන්ගෙය යන ගෙවාගත නොහෙන දරුවන්ගේ නය හා අසාගේ නය කෙසේ දී ගැලවෙම්දැයි සිතා මාගේ ප්‍රාණය නසා ගනිමි සිතා පර්වතයට නැගී පනින්නෙම් මුගේ පිය ගේ ඇඟට පැණීපිම් මාගේ පිනූවේගයෙන් ඌ මීයාගියේයයි කීහ. එවිට රජ්ජුරුවෝ කුළුපොත්තාට කියන්නාහූ අන්‍යයෙන් මැරූගමනක් නොවෙත් නොදැන කළවරදට කරන්නේ කිම්දැයි කීහ. ඒ කෙසේ වුවත් දේවයන් වහන්ස මාගේ පියානන් ලදමැනවයි කිහ. එවිට රජ්ජුරුවෝ ගාමණීචණ්ඩයන්ට කියන්නාහූ මළාවුපියා උපද්දාගන්ට බැරි වූව එසේ හෙයින් මුගේ මහගෙණ තොප පිසවාකන්නා තොපපියායයි කීහ. එවිට කළුපොතු කියන්නේ මාගේ මව නුඹ වහන්සේට කෙසේ දෙම්ද මාගේ පියාත් මට එපයි මාගේ මවත් දෙන්නේනැතැයි කන්නලව් කියා ගැලවීගියේය.ගාමණීචණ්ඩයෝ යුක්තියෙන් දිනා සිටිනාහූ අතරමගදී රජ්ජුරුවන් වහන්සේට කියන්ට කී ස්වරූප කියමි සිතා කියන්නාහූ අගසිට මුලට විචාළාහ.

ඒ කෙසේද යත්,

දේවයන් වහන්ස බ්‍රාහ්මණ මානවක මොත්තමක් මට කියන්නාහූ ආදී අපි සිල්ප වණපොත් කළදේ යහපත්කෙට සිතතිබෙයි, දැන් සිතනොතිබෙන්නේ කුමන කාරණයක් නිසාදැයි විචාරන්ට කිවුය, කුමක් නිසාදැයි වදාළමැනවැයි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ ආදීවුවන්ගේ ගෙදරවල නොවරද්දා අඬන කුකුලෙක් ඇත. එසේහෙයින් සිල්පශාස්ත්‍රය සිත තිබෙයි දැන් වනාහී මධ්‍යම රාත්‍රීවේලේ හෝ පාන්වන්ට සිටියදී හෝ අඬන කුකුලෙක් ඇත, එසේ හෙයින් සිල්පශස්ත්‍ර නිදිමත හෙයින් සිත නොතිබෙයි අනික් කුකුලෙකු වෙලාදැන අඬන ලෙස සලස්වයි වදාළ සේක.

දේවයන් වහන්ස තාපසවරු මොතත්මෙක් මට කියන්නාමූ ආදී අප වසන පන්සල අඹකොස් ආදී ඵලාඵල මධුරය, දැන් එම ඵලාඵල තික්තරසය ඊට කාරණය විචාරාගෙණ එවයි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ ආදී ඒ තාපසවරුන් යහපත්කොට තපස්රකිනාහෙයින් ඵලාඵල මිහිරිය, දැන් තපස් නපුරුකොට රකිනාහෙයින් තික්තරසය ඉනිබ්බේ මාගේ ආඥාකියා ඉඳූරා තපස් රකින්ට කියවයි කිහ.

නැවත තුන්වෙනි පැනය කියන්නේ පළමු මාගේ විල පැන් ප්‍රසන්නව තිබෙයි දැන් කැළඹිතිබෙයි ඒ කාරණය විචාරාගෙණ එවයි කීහ. ඊට කාරණා කවරේදැයි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ ආදී ඒ නයා මෛත්‍රීකෙරේ දැන් නොයෙක් අඬදබර කරණහෙයින් පැන් කැලඹිතිබෙයි බළමුසේ මෛත්‍රී්කොට වාසය කරන්නා පැන් නොකැලඹි තිබෙයි ඒ නියාවට වාසය කරන්ට කියවයි කීහ.

සතරවෙනි පැනය කියන්නේ වෘක්‍ෂදේවතාවෙක් කියන්නේ තමා පළමු නොයෙක් බලිබිලිපටන් සියල්ල ඇත දැන් නොලැබෙයි ඒ කුමක් නිසාදැයි විචාරන්ට කීය. ඊට කාරණා කියවයි කීහ. ඊට රජ්ජුරුවෝ කියන්නාහූ වෘක්‍ෂදේවතාවා විසින් පළමු මනුෂ්‍යයන් සිතුදෙය සිද්ධකරණහෙයින් බලිපූජා කරන්නාහ. දැන් සිතුදෙය සිද්ධකරණ හෙයින් බලිපූජා සිද්ධනොකරන්නාහ. ඉනිබ්බේ මාගේ ආඥාකියා මනුෂ්‍යයන්ගේ සිද්ධාර්ථය සිද්ධකරන්ට කියවයි කීහ.

එවිට පස්වෙනි ප්‍රශ්නය කියන්නේ තිත්වටුවෙකු තුඹසක් පිට ඉඳ නාද කරන්නාවූ වේලෙහි යහපත්ව නාදකෙරෙමි අනික්තැනට ඉඳ නාදකරණ වේලේ නාදය යහපත් නොවෙයි ඒ කාරණය විචාරාගෙණ යන්ට කිය. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ ඒ තුඹසයට යහපත් නිධානයෙක් ඇත, එසේ හෙයින් නාදය යහපත් වෙයි ඒ තුඹස බිඳපියා නිධානය තොප ඇරගණුවයි කීහ.

සවන ප්‍රශ්ණය කියන්නේ එක්මුවෙක් තමා වාසය කරන්නාවූ ගසමුල තණ කන්නා මිහිරිය, අනික්තෙනක තණකන්ට නොමිහිරිය මේ කාරණය විචාරාගෙණ එවයි කීය. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ ඒ මුවා වසනනාවූ ගස අග මහත්වූ බඹමියෙක් ඇත, ඒ මී බින්දු වට පැගිරීමෙන් තණණ මිහිරි වන්නේය. ඒ ගස මිස සලාගෙණ තොපිත් ඇරගෙණ අපටත් මී එළවාලවයි කීහ.

යහපතැයි කියා සත්වන ප්‍රශ්නය කියන්නේ එක්නයෙක් තමා වසන්නාවූ තුඹසින් පිටවන වේලේ ගැටී ගැටී පිටත්වෙමි. ගොදුරුකා තුඹසට වදිනා වෙලේ යුහුව වැදයෙමි මේ කාරණය විචාරගෙණ යන්ට කියවයි කීහ. එබස් අසා රජ්ජුරුවෝ කියන්නාහූ ඒ නයා වසන තුඹස මහත්වූ නිධානයෙක් ඇත, ඒ නිධානයෙහි ගත් ආසාවෙන් නික්මෙන වේලාවේ ගැහැටි ගැහැටි නික්මෙයි. තුඹසට වදිනාවේලේ එහි ගත් ලෝහයෙන් වහා වැදයෙහි එසේ හෙයින් ඒ තුඹස බිඳපියා නිධානය ඇරගණුවයි කීහ. යහපතැයි කියා අටවෙනි පැනය කියන්නාහූ එක්ස්ත්‍රියක් දෙමවිපියන්ගේ ගෙයිත් ඉන්දනොහෙමි ස්වාමිපුත්‍රයාගේ ගෙයිත් ඉන්දනොහෙමි මීට කාරණකින්දැයි විචාරන්ට කියවයි කියන්නා රජ්ජුරුවෝ කියන්නාහූ එසේ වීනම් ඒ ස්ත්‍රියගේ අතරමග ඉන්නා චරපුරුෂයෙකු ඇත. තොපි ගොසින් ඉනිබ්බේ ඒ ස්ත්‍රියට හා පුරුෂයාට මාගේ ආඥාකියා එසේ වූ නොකටයුත්තක් නොකරන්ට කියවයි කීහ. යහපතැයි කියා නැවත ප්‍රශ්නයක් කියන්නේ දේවයන් වහන්ස එක්තරා වෛශ්‍යාස්ත්‍රියක් කියන්නී පළමු මට බොහෝ සම්පත් ලැබෙයි දැන්වනාහී මට මස්සක් විවරක් දෙනෙකෙණෙක් නැත ඒ කුමක් නිසාදැයි විචාරන්ට කිවුය. ඊට කාරණාකින්දැයි විචාළිය. රජ්ජුරුවෝ කියන්නාහූ ආදී තමාගේ වෛශ්‍ය ධර්ම නොරකිණාහෙයින් කවුරුත් වුවමැනවයි නොසිතති ඉනිබ්බේ වෛශාධර්මය රකින්නා කවුරුත් වුවමැනවැයි නොසිතති කීහ.

නැවත දසවෙනි ප්‍රශ්නය කියන්නේ ගම්මුදලියා පළමු තමාට බොහෝ සම්පත් ලැබෙයි, දැන් කිසිවකුත් නොලැබෙයි පාණ්ඩරෝගයක් ඇත මීට කාරණෘ කින්දැයි විචාරන්ට කීය. ඊට කාරණා වදාරන්නේ යහපතැයි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ පළමු මෙහු විසින් අන්‍යයනොවී යුක්තායුක්ති විචාරණ හෙයින් කවුරුත් බොහෝ සම්පත් දෙන්නාහ. දැන්වනාහී අයුක්ති කාරණ විසින් කවුරුත් සම්පත් නොදෙන්නාහ. තෙමේත් රෝගීය. එසේ හෙයින් ඉනිබ්බේ තමාගේ අඥකියා යුක්ති ඉඳූරා විචාරන්ට කියවයි කීහ.
මේ නියායෙන් ගාමණිචණ්ඩයන් කී ප්‍රශ්න දසයම බුදුකෙණෙකුන් වහන්සේගේ ප්‍රශ්ණ විසඳීමෙන් විසඳා වදාරා ගාමණිචණ්ඩයන්ට කිසිකෙණෙකු ගෙණුත් අවුලක් නොවන නියාවට ගමකුත් සලස්වා යවුහ. ගාමිණිචණ්ඩයොත් රජ්ජුරුවන්ට කී මෙහෙවර බමුණන්ට හා තපස්වරුන්ට හා නයාට හා වෘක්‍ෂදේවතාවාට හා ස්ත්‍රීයට හා ගම්මුදලියාට කියා නයාගේ හා තිත්වටුවාගේ හා නිධාන දෙකක් උදාරා ඇරගෙණ මුවා වසන්නාවූ ගලඋඩ තුබූ බඹරමියත් සලාගෙණ ඉන් අග්‍රමී රජ්ජුරුවන් කරා යවා තමන්ගේ ගමට ගොස් දැහැමෙන් සෙමෙන් දවස් යවා කම්වු පරිද්දෙන් මියපරළොව ගියාහ. එකියන ආදාසමුඛ රජ්ජුරුවන් වහන්සේ දැහැමෙන් සෙමෙන් රාජ්ජ්ය කොට කම්වුපරිද්දෙන් මිය පරලොව ගියාහයි. වදාරා මේ ගාමණිචණ්ඩ ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි ගාමණිචණ්ඩයෝ නම්මෙසමයෙහි ආනන්ද ස්තවිරය, ආදාසමුඛ රජව උපන්නෙමි බුදුවූ ම්මමයයි වදාළ සේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.