Skip to main content

289 කුමාර පත්ත ජාතකය

තවද හුදුප්‍රඥාවෙන් මවාලු රුවක්වැනි වූ සර්වඥයන් වහන්සේ සැවැත්නුවර උත්තරා රාමයේ වැඩවසන සමයෙහි ක්‍රීඩාසිලීවූ සාමනේර වහන්දෑ අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

සර්වඥයන් වහන්සේ උඩුමාලේ ඉන්දදී යටමාලේ ඉඳිනා සාමරනේරයන් වහන්දෑ බොහෝසේ අරගලකොට උනුන් හා මහත්කොට දොඩා කෝළාහල කළසේක. සර්වඥයෝ එපවත් අසා සැරියුත් සාමින්ට, ශාරීපුත්ත ස්ථවිරය, මේ යට මාලේ හිඳිනා භික්ෂූහු බොහෝ කොට අරගළ කරන්නාහ. උන් භයගන්වා මතු අරගල නොකරණලෙස හික්මවයි වදාළසේක. එවිට ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ එගෙයි කොත්කැරැල්ල පයින් අල්වාගෙණ සොලවාලුසේක. එවිට යටමාලේ උන් සාමනේරයන් වහන්දැ උනුන් ඇඟගැයි භයින් තැතිගෙණ දොරට ගොස් මළුවේ සිටිසේක. එතනට ශාරිපුත්ත ස්ථිවිරියන් වහන්සේ වැඩ අරහල නොකරවයි භයගැන්වූසේක. මේ කථාව දම්සභාවේ රැස්වූ මාළුවරුන් වහන්සේ කීය. කියා උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා එපවත් අසා මහණෙනි මේ සාමණේරයෝ දැන් මතු නොවෙයි පෙරත් ක්‍රීඩාවෙහි තත්පරයෝ වේදැයි ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණසමයෙහි බෝධිසත්වයන් වහන්සේ කුමාරපත්ත නමින් යුක්තව බ්‍රාහ්මණ කුලයක ඉපිද පංචකාමයෙහි ආදීනව දැක සෘෂිප්‍රවෘජ්ජ්ාවෙන් පැවිදිව ඒ වනාන්තරයට වන්නාහ. ඒ වනාන්තරයෙහි පන්සියයක් තාපසවරු එක් පන්සලක වාසය කරන්නාහ. උන් ඇම කෙළිනා ක්‍රීඩා වානරයකුත් ඇත ඒ තාපසවරු ලුනු ඇඹුල් නිසා මනුෂ්‍යපථයට ගියාහු එකල බෝධිසත්වයෝ ගොස් ඒ පන්සල උන්නාහ. ක්‍රීඩා වානරයා පළමු තාපසරු සේම වනැයි සිතා ඒ තාපස යන්ට මුඛවිකාර දැක්විය. එවිට බෝධිසත්වයෝ එඹල වානරය තාපසරුන් ලඟ වසන්නාහූ සුසික්‍ෂිත උවමැනවයි ආචාරශීලයෙන් යුක්ත උවමැනවයි වානරයා හික්මවූසේක. එතැන් පටන් වානරයා හික්ම ආචාරශිලයෙන් දවස් අරිනේය. ඒ තාපසවරු ලුනු ඇඹුල් සපයාගෙණ තමන් වාසය කළාවූ පන්සලට ආවාහ. එවිට ඒ වානරයා පළමු පරිද්දෙන් නොකල බැන නොනැගී උන්නේය. එවිට තාපසවරු කියන්නාහූ ඇයි?. වානරය තෝ පළමු අප හා හසතවිකාර මුඛවිකාර පෑ කෙළෙනෙහි වෙද්ද දැන් නොකෙළින්නේ ඇයිදැයි විචාළාහ. එවිට වානරයා කියන්නේ එම්ඹා තාපසරුනි. කුමාරපතත්ත නම් තාපසයන් වහන්සේ මට අවවාද කළසේක. ඒසේහෙයින් උන්වහන්සේ කී අවවාද මා සිත ඇත. පෙරසේ නොකොළමි කීය, එසේනම් අපට අවවාද කියාගියා නියාවේදැයි වදාරා මේ කුමාරපත්ත ජාතකය නිමවා වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.