288 උදුඹර ජාතකය

තවද හුදුක්‍ෂාතතියෙන් මවාලු රුවක්වැනි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි එක්තරා භික්ෂූ කෙණෙකුන් වහන්සේ වාසය කරණසේක්. උන් වහන්සේ වාසයකරන්නාවූ විහාරය සිත්කලුය.ඡායසම් පන් නය, පැන් ඵාසුය, උපාසකවරුත් ආවේනිකව පසදෙන්නාහ. මෙසේ බොහෝ දවසක් ඒ විහාරයේ වාසයකරණ කල්හි එක් ආගන්තුක භික්ූෂන්කෙනෙකුන් වහන්සේ විහාරයට වැඩිසේක. උන්වහන්සේට ආගන්තුක සාදකම්කොට උපාසකවරුන් ලවා පසයත් දවා කිපදවසක් විහාරයෙහි වාසයකොට ආගන්තුක නම සිතනසේක් මේ විහාරය ඵාසුය මේ භික්ෂූහු පහකොට මා මෙතන වාසය කරන්ට උවමැනවයි සිතා ඇයි ඇවැත්නි. බුදෝධාපස්ථානයට නොයෙද්ද බුදුන් නොදැක වාසය කරන්ට සුදුසුදැයි වදාළසේක. උන්වහන්සේ වදාරණ සේක් බුදුන් දකින්ට අභිප්‍රා ඇත්තෙමි, මාගේ විහාරය පාළුවේදෝහෝයි සිතා විහාරය බලනකෙනෙකුන් නැති හෙයින් නොයන්නෙමියි වදාළසේක. එවිට ආගන්තුක භික්ෂූන් වහන්සේ වදාරණසේක් තමන් වහන්සේ එනතෙක් විහාරය බලමි තොපි ගොසින් බුදුන් දැක එන්නේ යහපතැයි කිසේක. උන්වහන්සේත් ආගන්තුක භික්ෂූන් වහන්සේට විහාරය පාවාදී උපාසක වරුන්ට උපස්ථානකරන්ට සලස්වා බුදුන් දකිනා නියා ජේතවනාරාමයට වැඩිසේක. උන් වහන්සේ ජේතවනාරාමයට ගොස් එනකලට භික්ූෂතෙම විහාරයත් ගස උන් උපාසක වරුනුත් අත්ගෙණ උන්වහන්සේට වැඩඉඳිනාතෙක් විචාරකුත් අවසරයක් නුදුන්සේක. උන්වහනසේ වෙන විහාරයක සැතපී මුන් වහන්සේ කුමක් උවත් මා බොහෝ දවසක් වාසයකළ ගැමි උපාසකරු වට ආවේනිකව නොසිතද්දැයි උදැසනක්සේම උන්වහන්සේ ගමට සිඟාවැඩිසේක. උපාසකවරුත් දන්දෙන්නා තබා සාමිවිකථාපමණකුත් නොකළෝය. උන්වහන්සේ උන්ඇම කෙරේ විපරීත නොව මෙතන වාසය කරන්නේ කිම්දැයි නැවතත් ජේතවනාරාමයට ගොස් එනකලට ආන්තුක භික්ෂූතෙම විහාරයක් ගම උන් උපාසක වරුනුත් අත්ගෙණ උන්වහන්සේට වැඩ ඉඳිනාතෙනක් විවරකුත් අවසරයක් නුදුන්සේක. උන්වහනසේ වෙන විහාරයක සැතපී මුන්වහන්සේ කුමක් උවත් මා බොහෝ දවසක් වාසය කළ ගම් උපාසකරු මට ආවේනිකව නොසිතද්දැයි උදෑසනක්සේම උන්වහන්සේ ගමට සිඟා වැඩිසේක. උපාසකවරුත් දන්දෙන්නා තබා සාමිචිකථා පමණකුත් නොකොළෝය උන් වහන්සේ උන් ඇම කෙරේ විපරිතනොව මෙතන වාසයකරන්නේ කිම්දැයි නැවතත් ජේතවනාරාමයට වැඩිසේක. මේ කථාව දම්සභාවේ රැස්වූ මාළුවරුන් වහන්සේ කිය කියා වැඩ උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි දැන්මතු නොවෙයි පෙරත් මුන්ගේ වාසස්ථානය උදුරාගත්තේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඡයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ වනාන්තරයෙහි වෘක්‍ෂදේවතාව උපන්සේක. එතනට නුදුරු ගල්ගුහායෙක රත්වූ මුඛ ඇති කුඩා වඳූරෙක් වාසය කරන්නේය. සත් රෑ සත්දාවලක් නොහැර ඝණවර්ෂාවක් වසින්ට වන එවිට එක් ක්‍රිෂ්ණ මුඛ නම් මහත් වානරයෙක් වැස්සේ තෙමි ඒ ගල්ගුහාව සමීපයට අවුත් සිතන්නේ බොරුවක් කියා මේ වඳූරා මෙතනින් පහකොට මේ ගුහාව ගණිමි සිතා ඒ ඵලාඵල කෑ එකෙකුමෙන් බඩපුප්පා කියන්නේ වඳූර, මේ වනයේ අඹ දඹ නුග ආදීවූ යහපත් ඵලාඵල ඇති ඒ අනුභවකොට පියා එවයි කියා ඒ වඳූරා එතනින් පහකොට තෙමේ ගල් ගුහාවට වැද උන්නේය. ඒ කුඩා වඳූරාද ඒ වනය මුළුල්ල ඇවිද නුග ගෙඩියක් විවරයකුත් නොදැක ගල් ගුහාව සමීපයට අවුත් මේ වඳූරා මා වංචාකොට මෙතනින් පහකොට පියමි සිතන්නේ තොප කී සැටියේ වනාන්තරයට වැද අඹ දඹ ආදීවූ ඵලාඵල අනුභවකොට ආමි. තොපිත් ගොසින් ඵලාඵල අනුභව කොට එවයි කීහ. එවිට ඒ මහවඳූරා කියන්නේ මේ වනයේ ඵලාඵල අනුභව කොට එවයි කීහ. එවිට ඒ මහවදූරා කියන්නේ මේ වනයේ ඵලාඵලයෙක් කොතනක ඇද්ද යටත් පිරිසෙයින් අඹ දඹ තබා කුඹුක්ගෙඩියක් පමණකුත් මේ වනයේ ඇද්දයි කියා ඒ ගුහායෙන් නොගියෝ වේදැයි වදරා මේ උදුඹර ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි කුඩා වානරයා නම් නේවාසික භික්ෂූහුය. මහා වානරයා නම් විහාරය නෑර උන් ආගන්තුක භික්ෂූහුය. වෘක්‍ෂදේවතාව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.