Skip to main content

286 අන්ත ජාතකය

තවද මුදිතාවෙන් මවාලු රුවක් වැනිවූ සර්වඥයන් වහනසේ වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෝකාලිකස්ථවිරයන් වහන්සේ හා දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද. මෙහි වර්ථමාන කථාව පළමු කී ජාතකයෙහි පෙනෙන්නේය.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත් නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍ය කරණ සමයෙහි බෝධිසත්වයෝ එඬරුවනයක දෙතාව උපන්නාහ. එනුවර මීමෙකු මළගමනේ නුවරින් පිටතට එඬරුවනය ගාවා ඇදපූහ. ඒ කුණුකන්ට කැණහිලෙකු ඇවිත් කමින් සිටිතැනට කපුටෙක් ඇවිත් සිතන්නේ මේ කැණහිලාට ප්‍රශංසා කොට ම මුන් අතින් මස් ඉල්ලා ගන්ට උවමනාවැයි සිතා ප්‍රශංසාකරන්නේ වෘෂභරාජයෙකු බඳුවු කණක් ඇති සිංහරාජයෙකුට බඳූවූ ගාත්‍රයක් ඇති කැණහිලානෙනි. කිසිවක් දෙව්දැයි කීයේය. එවිට කැණහිලා කියන්නේ මිහිරි කටහඬක් ඇති කපුටුවානෙනි උත්තමයන්ගේ ගුණ දනනෝ උත්තමයෝයයි කියා තමා කන කුනින් කැබැල්ලක් දුන්නේය. ඒ වනයේ වසන්නාවූ දේවතාවා කැණහිලා සිවුපාවුන්ට අධමය කපුටුවා පක්‍ෂීන්ට අධමය එඬරුගස් වෘක්‍ෂජාතියට අධමය මේ තුන්දෙනා එක්තැන්වූ නියාය යහපතැයි වදාරා මේ අන්ත ජාතකය නිමවා වදාළසේක.
එසමයෙහි කැණහිලා නම් දේවදත්ත ස්ථවිරියෝය. කපුටා නම් කෝකාලිකස්ථවිරයන් වහන්සේය. වෘක්‍ෂදේවතාව උපනනෙම් බුදුවු මම්මයයි වදාරා මේ අන්ත ජාතකය නිමවා වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.