285 කායවිච්ඡන්‍ද ජාතකය

තවද මාගේ ස්වාමිවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි පාඬුරෝග ඇති පුරුෂයකු අරභයා මේ ජාතකය දක්වන ලදී.

හේ කෙසේද යත්,

පාඬුරෝග ඇති මනුෂ්‍යයෙකුට වෙදවරු බේත්කොට අසාද්ධ්‍යයයි කියා අළහ. නෑසියෝත් ලෙඩ අසාධ්‍යයයි ආලිස්සන්වුහ. ඒ පුරුෂයා සිතන්නේ ඉඳින් මේ ලෙඩින් සමනයෙක්වීනම් බුද්ධශාසනයෙහි මහණවෙමි සිතිය. ඒ සිතූ ආනුභාවයෙන්ම ඒ ව්‍යාධිය නොබො දවසකින් සමන විය. එ කියන පුරුෂයා මහණව උපසම්පදාව භාවනා කොට රහත්ව පිරිනිවන්පෑසේක. එක් දවසක් භික්ෂූන් වහන්සේ දම්සභා මණ්ඩපයෙහි රැස්වහිඳ අසවල් නම් පාන්ඩුරෝග ඇතිව මියන්ට උන් තැනැත්තේ බුද්ධශාසනයෙහි මහණවෙමියි යන සිතුවිල්ලෙන් මහණව භාවනාකොට රහත්ව නිවන් දුටුවෝදැයි කිය කියා වැඩ උන් තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නට පුර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා එපවත් අසා දැන් මතු නොවෙයි පළමුත් නුවණැත්තෝ බුද්ධශාසනයේ මහණවෙමි යන සිතිවිල්ලෙනේ රෝගය සන්සිඳූවා මහණවුවෝ වේදැයි එපවත් අසා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ බ්‍රාමණව ඉපිද වාසයකරණ කල්හි පාන්ඩුරෝගයක් ඇතිව උපන් අවස්ථාවෙහි ගෙයි අඹුදරුවෝ නෑසියෝ වෙදවරු අසාධ්‍ය ව්‍යාධියයි කියා අලහ. බෝධිසත්වයෝ සිතන්නාහූ මේ රෝගයෙන් මිදෙනම් මහණවෙමියි යන සිතිවිල්ලක් සිතුනු නොබෝදවසකින් ව්‍යාධිය සන්සිඳින. හිමාලය වනයට වැඳ සෘෂිප්‍රජ්ජායෙන් පැවිදිව පංචසෘධි අෂ්ට සමාපත්ති උපදවාගෙණ උදන් අනන්නාහූ අඤ්ඤතරෙන, අට අනූවක් රෝගයන් අතුරෙන් එක්තරා, රොගෙන, ඛ්‍යඤජන ස්වරූපයෙන් අතරෙන් රෝග නම්වූ. ව්‍යාධිනා පාන්ඩුරෝග ස්වරූපසඛ්‍යාත රෝගයෙන් බාල්හං දැඩිකොට ඵුළුස්ස, පහකරණලද, දුක්ඛ, දුක්ඛිතවූ රූප්පතො ව්‍යධියෙන් පිඩීතවූ මේ මාගේ ඉදං කලේබරං මේකලේබරය, ආතපෙ ආතප ඇති හෙවත් අව් පහරණ, පංසුනි පාංසුවෙයි කතං කරණලද, පදුමංයථා පද්මයෙක්මෙන්වුයේයි අජ්ඤඤං, අපවිත්‍රවූ නොදතහැකිවූ මේ ආත්මය, ජඤඤසංඛාතං, අඥානසත්වයන් විසින් පවිත්‍රයයි අසූචිං, අපවිත්‍රවූ මේ ශරීරය, සුචිසම්මත්තං, සුචියයි දන්නාලදද, නානාකුණප්පරිපූරං, නොයෙක් කුණපයෙන් පරිපූර්ණ වූ මේ ශරීරය අපස්සතො ඤාණවක්‍ෂූසින් බලන්නාහට, ජඤඤරූපං, දතහැකිවූ ස්වරූප ඇත්තෙයි, යත්ථ, යම් ශරීරයෙක්හි, ුඅධිමුච්ඡතා, කෙලශමුර්ජාවෙන් අතිශයින් මුර්ජාවූ, පජා, සත්වයෝ සුගතුප්පත්තිය, සප්තකාම ස්වර්ගයෙහි, මග්ගං මාර්ගය, හාපෙනති, පිරිහෙද්ද (එසේ වුසත්වයන් ඇතුළුවූ) ජෙගුචරියං ප්‍රතිකූලවූ අසූචිං සුචිනුවූ, ව්‍යාධිධම්මං, ව්‍යාධිප්‍රකෘති ඇති, ඉමංපූතිකායං, මේ කුණුප ශරීරයට, ධිරත්ථූ, නින්දාවෙයි කියා වදාරා කායච්චඡන්ද ජාතකය නිමවා වදාළ සේක.
එසමයෙහි බ්‍රාහමණතාපසව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.