
තවද මටම පිහිවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි බ්රාහ්මණයෙකු අරභයා මේ ජාතකය දක්වන ලද. මෙහි වර්ථමාන කථාවත් එකක නිපාතයෙහි සීලවිමංස ජාතකයෙහි දක්වන ලදි.
යටගිය දවස බරණැස් නුවර බ්රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ බ්රාහ්මණව ඉපද සීලය වැඩිදෝහෝයි ජාතිය වැඩිදෝහෝයි විමසන පිණිස විථියේ පිළින් රන් තුන්මස්සක් සොරකම් කොට ඇරගත්තාහ. විථියේ වෙළෙඳූන් බමුණා රන්සොරා අරගතැයි අල්ලා ගෙණ රජ්ජුරුවන්ට පාන්ට යයි ගෙණෙන කලට අතරමග පාඹට්ටියෙක් නයෙකු ඇරගෙණ කෙළවන්ට වන. ඒ වෙලාවට බෝධිසත්වයෝත් සර්පයා නන් විෂඝෝරය. එසේවූ සර්පයා අල්වාගෙණ කෙළින්ට යහපත් නොවෙයි ඇරපියවයි කීහ. එකියන පාඹට්ටියා කියන්නේ මේ සර්පයා සිල්වත කඩා නොකති කීහ. එවිට බෝධිසත්වයෝ සිතන්නාහූ සර්පයා පවා කඩානොකන්නේ සිල්වතැයි අසාගතැයි සිත සිතා රජගෙට ගියාහ. රජ්ජුරුවෝත් ආචාරීනි මේ කෙළේ කිම්දැයි කියන්නා දේවයන් වහන්ස, මා සොරකමට කළදෙයක් නොවෙයි, සීලය වැඩිදෝ ජාතිය වැඩිදෝහෝයි සිතා පරීක්ෂාකරන්ට කෙළෙමියි කියන්නාහූ, සිලං, ආචාරසීලය, කල්යාණංකිරෙව, යහපත් වන්නේය. ලොකෙ, ලොකයෙහි, සිලං, සීලය, අනුත්තරං, නිරුත්තරය, පස්ස, බලව, ඝොරවිසෝනාගො, ඝොරවූ දරුනු විෂ ඇති සර්පයා, සිල්වා ඉති සිල්වතැයි කියා, නහඤ්චති, හිංසනය නොකෙරෙයි, සිල්වා, සිල්වත්වූ පුරුෂ තෙම යෙන, යම් සිලාභරණයක් හේතුකොටගෙණ සිල්වා සිල්වත් වූයේ ආරියවුත්ති සමාචාරො, බුද්ධාදී වූ ආර්යයන්ගේ ප්රතිපත්තිය හැසිරෙන්නේයයි වුච්චති, කියනු ලැබේ. ලොකො, ලොකයෙහි සිවං, නිරුපද්රයයි, අනුමතං, දන්නා ලද බවද, එසේවූ, සිලං සිලය, සෝ අහං, ඒ මම , සමාදිස්සං, සමාදන්වෙමි, සිල්වා, අඛංඩාදින් යුක්ත කොට රක්ෂාකරණ සිලය ගුණයෙන් යුක්තවූයේ ඤාතිනච නැයන්ටද, පියෝ ප්රියවුයේ, හෝති වන්නේය. මිතෙතසුව, මිත්රයන් කෙරෙහිද, විරොචති, බබලන්නේය, කායස්සභේදා,ශරීරයාගේ භේදයෙන් චුති, චුති, චිත්තයෙන් මත්තෙහි සුගතිං, සුගතියෙහි, උප්පජ්ජති, උපදනේයයි කියා දේවයන් වහන්ස, මට ගිහිගෙයින් ප්රයෝජන නැතැයි කියා අවසර ගෙණ හිමාලය වනයට වැද සෘෂිප්රවෘජ්ජාවෙන් පැවිදිව පඤචාසෘධි අෂ්ටසමාපත්ති උපදවා බ්රහ්ම ලෝකයෙහි උපන්නේ යයි වදාරා සීලවිමංසන ජාතකය නිමවා වදාළ සේක.
එසමයෙහි බ්රාහ්මණව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළ සේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk