279 මච්ඡවාර ජාතකය

තවද මාගේ කල්‍යාණ මිත්‍රවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි එක් සොර වෙළඳාම් දන්නා ව්‍යාපාරිකයෙකු අරභයා මේ ජාතකය වදාරණසේක්.

මෙහි වර්තමාන කථාව යටගිය ජාතකවල පෙණෙන්නේයයි. මෙහි වනාහී බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයහි බෝධිසත්වයෝ කෙළෙඹි කුලයෙක ඉපිද තමන්ගේ මලනුවන් හා සමග වෙළදාම් කොට මස්සෙන් දහසක් උපදවාගෙණ දෙබෑයෝ ගමට එන්නාහු සැඩ ගඟක් සමීපයෙහි වැල්ලේ ඉඳ බෝධිසත්වයෝ බත් කා මසුන්ට බත්ලා දෙවියන්ට පින්දුන්නාහ. ඒ ගංගාවේ වාසයකරන්නාවූ දේවතාවා පින් අනුමෝදන්විය. ඒ විපාකයෙන් එමවිටම බොහෝ සම්පත් ලැබ බෝධිසත්වයන් කෙරේ සතුටුවිය. ඒ අවස්ථාවට බෝධිසත්වයෝත් බත් කා වැල්ලේ නිදන්ට වන්නාහ. ඒ වෙලේ බෝධිසත්වයන්ගේ මලනුවෝ වංඤචා ප්‍රයෝග දන්නාහ. එසේ හෙයින් මාගේ බෑනනුවන් චඤාකොට මසුරන් දාස ඇරගන්ට උවමැනවැයි සිතා බොරළු පයියක් මසුරන්දාස නියාවට බැඳ බෝධිසත්වයන් ලඟ තබා බෝධිසත්වයන් පිබිද යන්නාවුන් හා සමඟ ඔරුවට නැගෙන ගමනේ රන්පයියත් බොරලු පයියත් ඇරගෙණ නික්මුනාහ. බෝධිසත්වයන්ගේ මලනුවෝ බොරලු පයියත් ඇරගෙණ නික්මුනාහ. බෝධිසත්වයන්ගේ මලනුවෝ බොරළු පයිය දමා රන්පයිය ගනිමියි සිතා දමන තැනැත්තෝ බොරළු පයිය තිබාගෙණ රන්පයිය දැමුහ. බොරලුපයිය දමමි සිතා රන්පයිය වැටිනැයි කීහ. එවිට බෝධිසත්වයෝ යහපතැයි කියන්නාටයයි කියා උන්නාහ. ගඟ වසන්නාවූ දේවතාවා ලාභයක් කළ තෙනැත්තවුට මා උපකාරකරන්ට උවමැනවයි සිතා වැටුනු මසුරන්දහස මත්ස්‍යයෙකු ගිලින්ට සලස්වා තෙමේත් ඒ මත්ස්‍යයන්ට ආරක්ෂා ගත්තේය. එකියන දෙබෑයෝ ඔරුවෙන් ගොඩනැගී තමන්ගේ ගමට ගියාහ. බෝධිසත්වයන්ගේ මලනුවෝ රන්පයිය යයි සිතා බොරළු පයිය මුදා බලා සිතන්නේ රන් මටත් නුවුයේය. මාගේ බෑනන්ටත් නුවුයේය. බොහෝ වික්‍ෂේපව වැදහොත්තාහ. එවෙලාවට කෙවුලෝ මාදැල් එලා කුඩමැස්සන් අල්ලන්ට ගියාහ. දේවතාවගේ ආනුභාවයෙන් මසුරන් දහස ගිලුනු මත්සයා මාදැලට අසුව ගියේය. එවිට කෙවුලෝ කුඩමැස්සන් මරාගෙණ අවුත් සෙසු මත්ස්‍යයන් විකොට රන්දාස ගිලු මත්ස්‍යයා ගෙයක් පාසා ඇරගෙණ මසුරන් එක්දාස් සත්කලඳකට ඇරගණුවයි කියා ඇවිද ඇරගන්නන් නැති හෙයින් බෝධිසත්වයන්ගේ ගෙදරට ගෙණ ගියාහ. බෝධිසත්වයෝ කොතනට විකුනන්නේයයි විචාරන්නා එක්දහස් සත්කලඳකට යයි කියන්නා සත්කලඳකට දෙවයි කියා ඉල්ලු ගමනේ යහපත, නුඹවහන්සේ ඇරගණිතොත් ඒ නියාවට දෙම්හයි කියා රන් සත් කලඳක් ඇරගෙණ මත්ස්‍යයා දුන්නාහ. ඈ මත්ස්‍යයා දෙම්හයි කියා රන් සත් කලඳක් ඇරගෙණ මත්ස්‍යයා දුන්නාහ. ඈ මත්ස්‍යා ගෙණ ගොසින් මාලු කරණකලට මත්ස්‍යයා බඩුතුබු මසුරන් දහස දැක බෝධිසත්වයන්ට ගෙන ගොසින් දුන්හ. බෝධිසත්වයෝ දාසින්බඳ පියල්ල දැක තමන්ගේ අස් නියාව දැන කවුරුදෝ මාගේ මේ ලාභය මට පවත්කොට දුන්නේයයි සිතා උන්කලට දේවතාවා ආකාශයෙහි සිට මමය මේ මත්ස්‍යයා අනික් කෙණෙකුන් ඇර ගත නොදි තොපට ගෙනැවිත් දුන්නේම් මම්මයි කියාත් තොපගේ මලනුවන් කෙළේ මෙලෙසයයි කියාත් උන්ට මින් මස්සකුත් නොදෙවයි කියාත් දේවතාවනුත් යම්කෙනෙකුන්ට ප්‍රසංසා වන්නේ යහපත් කෙනෙකුන්ට විනා මුන්සේවූ ලෝභින්ට ප්‍රසංසා නොවෙයි කියා මස්සකුත් නොදෙවයි කීහ. එසේ වුවත් බෝධිසත්වයෝ මසුරන් පන්සියයක් දුන්නාහයි වදාරා මච්ඡචාර ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි කුටවාණිජ වෙළඳා නම් මෙසමයෙහි සොරවෙළඳුය, එසමයෙහි කෙළෙඹි පුත්‍රව උපන්නේ නම් බුදුවූ මම්මයයි තමන්වහන්සේ දක්වා වදාළ සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.