Skip to main content

275 සෙය්‍යංස ජාතකය

තවද සෘද්ධි විෂයෙහි සුක්‍ෂම වූ ගුණ ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්තරා අමාත්‍යයෙකු අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

කෝසල රජ්ජුරුවන්ගේ අමාත්‍යයෙක් ඇත, ඒ අමාත්‍යයා කෙරෙහි සෙසු අමාත්‍යයෝ දෝෂ කියා රජ්ජුරුවන් බිඳවුහ. රජ්ජුරුවෝත් ඇත්තෙකැයි කියා අමාත්‍යයා තමන්ගේ රාජ්‍ය ආසාවෙන් සිරගෙයි වැස්සූහ. ඒ අමාත්‍යයා සිරගෙයි ඉඳම බුද්ධාලම්බන ප්‍රීතියෙන් භාවනාකොට සෝවාන් වූහ. රජ්ජුරුවෝත් ඔහු නොවැරදි නියාවත් දුර්ජනයන්ගේ බස් නිසා ගැහැට පැමිණි නියාවත් දැන දම් කපා පළමු සිටියාවූ ස්ථානාන්තරයෙහි පිහිටුවා බොහෝ තරම් පදම් කී රැක්කාහ. එකියන අමාත්‍යයා සර්වඥයන් වහන්සේ දකින්ට ගියේය. සර්වඥයන් වහන්සේ එකියන අමාත්‍යයා දැක උපාසකයෙනි තොපට දුඃඛයක් පැමිණියයි කියන්නා ඇසුම්හයි වදාළසේක. සැබැව, ස්වාමිනි දුඃඛයක් පැමිණියේය. පැමිණි දුඃඛයෙන් වැඩකට පැමිණියෙමි කියන්නා සර්වඥයන් වහන්සේ වදාරණසේක් කුමන සැපයෙක් ලද්දෝදැයි විචාරන්නා බුද්ධාලම්භන ප්‍රිතියෙන් සෝවාන් වීම් කියන්නා පළමුත් උත්තමයෝ දුඃඛයට පැමිණ සැපයකට පැමිණියෝ වේදැයි වදාරන්නා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි දශධර්ම කොප්‍යය නොකොට රාජ්ජය කරන්නාහ. දවස් පතා පංඥශිලය රකින්නාහ. පොහොයෙන් පොහොය අටසිල් රකින්නාහ. මේ නියායෙන් ධර්මිෂ්ඨව රාජ්ජය කරණ සමයෙහි ඒ රජ්ජුරුවන්ගේ අබ්භ්‍යන්තර අමාත්‍යයෙක් රජ්ජුරුවන්ගේ අන්තඃපුරයට වැදින. රජ්ජුරුවෝ එපවත් අසා තුමූම පරික්ෂා කොට නියම දැන තෝ මාගේ විජිතයෙන් එපිට නොරඳා පලා යවයි අළහ. මේ කථාව යටකියනලද සීලව ජාතකයෙහි පෙණෙන්නේය. මෙය වනාහී එකියනලද අමාත්‍යයා කොසොල් රජ්ජුරුවන් කරා ගොස් දේවයන් වහන්ස යම්තම් සේනාවක් ලබන්නා බරණැස් නුවර රාජ්ජය සාධගත හැකැයි කීහ. රජ්ජුරුවෝත් මූ කියන්නේ කිම්දැයි කියා මිනිසුන් යවා එක් ගමක් කොල්ල කෑවුහ. ඒ කොල්ලකෑ ගම මිනිසුන් අල්වා ගෙණ රජ්ජුරුවන්ට පානා රජ්ජුරුවෝ ඇයි. තොප ඇම මාගේ රාජ්ජය කොල්ලකෑයේ විචාරන්නා සම්පත් නැත්තෙම් කොල්ලකෑම්හයි කී කල්හි එසේ උන්ට බොහෝ සම්පත්දී යැවුහ. එපවත් කෝසල රජ්ජුරුවෝ අසා එසේවීනම් බරණැස් නුවර ගහතැකැයි කියා මහත්වූ සේනාව ඇරගෙණ බරණැස් නුවරට ආහ. බරණැස් නුවර යෝධයෝ රජ්ජුරුවන් කරා ගොස් කියන්නාහූ කෝසල රජ්ජුරුවෝ උන් හා කැටිව යුද්ධයට යන නියායෙන් අවසර දුන මැනවැයි කීහ.

ඒ අසා බරණැස් රජ්ජුරුවෝ යුද්ධ කරන්ට කාරණා කිම්ද?. යුද්ධයට නොයවයි කියා අමාත්‍යයන් පිරිවරා මතුමාලේ ඉඳ වාසල් දොර අරුවයි කියා දොර ඇරවූහ. කෝසල රජ්ජුරුවවෝ සේනාව ඇරගෙණ කිසි සැකයක් නැතිව තමන්ගේ රාජ්ජයට වදිනාසේ වැද මතුමාලට නැගී රජ්ජුරුවනුත් බිසවනුත් තමන්ගේ රාජ්ජයට වදිනාසේ වැද මතුමාලයට නැගී රජ්ජුරුවනුත් බිසවනුත් අල්වා සිරගෙයි වැස්සූහ. බෝධිසත්වයෝ සිරගෙයි හිඳ මෛත්‍රී භාවනා කොට ධ්‍යාන උපදවා ගත්තාහ. එකියන රජ්ජුරුවන්ගෙත් බිසවුන්ගේත් මෛත්‍රී භාවයෙන් ආනුභාවයෙන් රජ්ජ්රුවන්ගේ ශරීරය දාහ වැදගත. කෝසල රජ්ජුරුවෝ මේ කිමෙක්දැයි විචාරන්නා අමාත්‍යයෝ කියන්නාහූ මෛත්‍රී කරණ රජ්ජුරුවන් වහන්සේගේ රාජ්ජය ඇරගත් හෙයින් උන්වහන්සේ කරණ මෛත්‍රී ආනුභාවයෙන් ශරීරයේ දාහ වැදගතැයි කියන්නා රජ්ජුරුවෝ සිරගෙයි උන් රජහුගේ දම් කප්පවා නුඹවහන්සේගේ රාජ්ජය නුඹ වහන්සේම පිළිපැද්ද මැනවැයි කියා පාවාදී ඒ කියන කේලාම් කී අමාත්‍යයා මරවා තමන්ගේ නුවරටම නැගී ගියහ. බෝධිසත්වයෝත් පණවන ලද සිංහාසනාරූඩව අමාත්‍ය මංඩලය පිරිවරා උන්නාහූ අමාත්‍යයෙනි මා විසින් එක රජ්ජුරුවන්ට කළාවූ මෛත්‍රී ආනුභාවයෙන් මමත් ගැලවී තොප ඇමත් ගලවාගතිමි එසේ හෙයින් මට රාජ්ජයෙන් කම් නැතැයි කියා මහණ වූ හයි වදාරා බුදුව වැඩ හිඳ වදාරණ සේක් එකියන රජ්ජුරුවෝ මෛත්‍රී ආනුභාවයෙන් ගැලවී ගියෝ වේදැයි වදාරා සෙය්‍යංස ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි කෝසල රජ්ජුරුවෝ නම් දැන් ආනන්ද ස්ථවිරයෝය. නොකටයුතු කියා බිඳුවු අමාත්‍යයා නම් දේවදත්ත ස්ථවිරය. බරණැස් රජ්ජුරුවෝ නම් බුදුවූ මම්ම වේදැයි තමතන් වහන්සේ දක්වා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.