272 සාලොහිත ජාතකය

තවද සඳූට වඩා සෞම්‍යවූ ගුණ ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි චුල්ල කුමාරිකා පලෝහනය අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක් භික්ෂූ කෙණෙකුන් වහන්සේ චුල්ලකුමාරිකා යන ස්ත්‍රියකට ආලය ඇති නියාව භික්ෂූන් වහ්සේ සර්වඥයන් වහ්නසේට දැන්වූසේක් සර්වඥයන් වහන්සේ සැබෑද මහණැයි විචාරා වදාරන්නා සැබැව, ස්වාමිනි කී කල්හි පෙරත් තොපි මුන් නිසා අමුත්තන්ට බලන්නට මස්වුයේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ එක්තරා ගෙයක ගොන්ව උපන්නාහ. බෝධිසත්වයන්ට මහලෝහිත යයි නම් තුබූහ. බෝධිසත්වයන්ගේ මලනුවන්ට චුල්ලලෝහිතයයි නම් තුබූහ. එ කියන ගොන් දෙන්නා ඒ ගෙයි කළමනා යම්තාක් මෙහෙවරක් කොට සිටිනාහ. සාලක නම් එක් ඌරෙකු ඒ ගෙයි ඇත්තෝ වඩා තමන් කන්නාසේ බොන්නාසේ කවා පොවා වර්ධනය කරන්නාහ. එවිට චුල්ලලෝහිතයෝ කියන්නාහූ මේ ගෙයි කළමනා යම්මදෙයක් කරන්නාහු අපය, අපට තණ හා කුඩු ලති. නිකම් ඉඳිනාවූ ඌරාට නිරන්තරයෙන් සියලු කනදෑ කවා ඌව පෝෂ්‍යකරන්නාහ. අපට එලෙස නොකරන්ට කාරණා කිම්දැයි කීහ. එවිට මහාලෝහිතකයෝ කියන්නාහූ එම්බා මලඩ ඌට සියළු කනබොනදෑ ලන්නේ ඌගේ මාංශ වර්ධනවන නිසාය. මේ ගෙයි වැඩෙන කුමාරිකාව දුටුවාද?. ඈ සරණපාවා දෙන මගුලේ බත්කන්ට ආ අමුත්තන්ට මාළු පිණිස කීපදවසකින් මූ මරන්නාහ. අපට ඒ කැවිල්ලෙන් කම් නැත, අපට දීර්ඝායුවට තණ හා කුඩු පමණැයි කීහ. ඊට කීපදවසකින් ඒ කුමාරිකාව සරණපාවා ගන්නා පිණිස ආවාවූ මනුෂ්‍යයන්ට ඒ කියන ඌරා කඩකඩ කොට කපා මාළුකොට ආ අමුත්තන්ට අමුතුබතට දුන්නාහ. ඒ දැක ගොන් දෙන්නා දුටුවාද සැපසේ කවා පොවා ඌරාටවු දැය?. අපට අපගේ තණ හා කුඩුම් යහපත් වියයි උන්ට කීහයි වදාරා බුදුව වැඩහිඳ වදාරණසේක් ඒකියන ගොන් දෙන්නා ඒ ඌරාගේ කැවිල්ලට පළමුකොට නොසතුටුවූවෝ පසුව සමාධිවූවෝ වේදැයි වදාරා සාලෝහිත ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි කුමාරිකාව නම් මේ කුමාරිකාවය. එසමයෙහි ඌරා නම් මේ භික්ෂූහුය. චුල්ලලෝහිතයෝ නම් ධර්මභාණ්ඩාගාරික වූ ආනන්ද ස්ථිවරිය. මහාලෝහිත නම් බුදුවූ මම්මයයි වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

273 කාම විලෝපන ජාතකය
271 ලාභගරු ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.