Skip to main content

261 උදපාන දුසක ජාතකය

තවද මාගේම කරුණානිධාන වූ සර්වඥයන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනාරාමයෙහි වැඩ වසනසේක් බොන පැන් ලිඳක් කසල කරණ කැණහිලෙකු අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක්තරා කැණහිළෙක් බොහෝ භික්ෂූන් වහන්සේ බොනපැන් වළඳන්නාවූ ලිඳක්දැක ඒ ලිඳක් දවස්පතාම පැන් බී ඒ ලිඳ කසල කරන්නේය. එක් දවසක් එකියන කැණහිල් බල්ලා දැක සාමණේර මහළුවරුන්වහන්සේ කැටකැබිලිති දමාගසා එතනින් පහළකළසේක, එයිත් එවක්පටන් එතනට නාවිරීය. එපවත් දම්සභා මණ්ඩපයෙහි රැස්වූ මාළුවරුන්වහන්සේ කථාකොට කොට උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා එපවත් අසා මහණෙනි දැන්මතු නොවෙයි පෙරත් මෙකියන කැණහිල් මේ බොන පැන් ලිඳම කසල කළේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බෝධිසත්වයෝ එක්තරා කුලයක ඉපිද තාපසව එම්බරණැස් නුවර ඉසිපතනාරාමයේ බොහෝ තාපසවරුන් පිරිවරා වාසය කරන්නාහ. එසමයෙහි මෙම කියන ලිද මෙම කියන කැණහිල් පැනුත් බී කසලත් කරන්නේය. එවිට තාපසවැන් මල්බාන්ලා කැණහිලා අල්වාගෙණ ගොස් බෝධිසත්වයන්ට පෑහ. බෝධිසත්වයෝත් එකියන කැණහිලා දැක කියන්නාහූ ඇයි තා විසින් තාපසවරුන් පැන් බොන්නාවූ ලිඳ කසල කරන්නේ ඇයි දැයි කීහ. එබස් අසා කැණහිල් කියන්නේ තාපසයන් වහන්ස මට කෝප නොකළමැනව අපගේ සත්මුත්තන් පරම්පාරාවේ යම්තෙනකින් යමක් අනුභව කළමෝනම් එතන කසලකිරීම් අපටතිබී ආ ජාතධම්මයහ, එසේ හෙයින් කෙළෙමි මට කෝප නොකළ මැනවයි කීහ. එවිට බෝධිසත්වයෝ තොප ඇමගේ යාපතට ඇරගත්දේ මෙසේකළ නපුර තමාම වේදැයි කියා අදපටන් තොපි මේ ලිඳ කසල කළානම් දන්නවාදැයි කියා අළහ. එකියන කැණහිලා එතනට එන්නාක් නොකළේයයි වදාරා මේ උදපාන ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි තාපසව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.