Skip to main content

255 කුරග්ග ජාතකය

තවද ලෝකස්වාමී වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි විර්ය අඩු භික්ෂූන් කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක්තරා වීර්ය අඩුනමක් සර්වඥයන් වහන්සේට දක්වන්නා මහණ මේ නියා සැපතෙහි සිට වීර්ය වඩවතොත්විනා අඩුවෙන්ට කාරණා කින්ද පෙර උත්තමයෝ පවා තනිවසිටත් වීර්ය කළෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සෙක්.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ වනයක් සමීපයෙහි ගමෙක සේවායන් පන්සියයක් ඇරගෙණ යන එන්නාවූ මනුෂ්‍යයන් ඒ වනයෙන් ඈතලා ඉන්ලත් දෙයක් ඇරගෙණ ජීවත්වන්නාහ. එසමයෙහි පන්සියයක් ගැල් ඇරගෙණ සාත්තුනායක ව්‍යාපාරයෙක් එකියන බෝධිසත්වයන් වසන්නාවූ ස්ථානයට ආය. බෝධිසත්වයෝත් ඔහු දුන් කුලී ඇරගෙණ මොවුන් මා විසින් ගලවා හරින්ට උවමැනවයි සිතා තමන්ගේ සේවා පන්සියයක් ඇරගෙණ ඒ ගැළුත් පදවාගෙණ වනාන්තරයට නික්මුණාහ. ඒ වනාන්තරය මධ්‍යයෙහි සෙරුන් පන්සියයක් ඒ ගැල් කොල්ලකන්ට ආහ. ඒ වෙලාවට බෝධිසත්වයන් හා කැටිව ආ සේවායන් පන්සියය භයින් සැඟවි ගියාහ. එවිට බෝධිසත්වයෝ තනිවසිට ඇත මෑත පැන භයගන්වා සතුරන් පලවා ගැන් පන්සියය ගලව වනාන්තරයෙන් එතරකළහ. එවිට ගැල් සාත්තු නායකයා බෝධිසත්වයන් රස මසවුළෙන් යුක්තවූ ආහාරය කවා කියන්නේ ආයුධ සන්නද්ධ සොරුන් ආ සොරුන් දැක භයක්වත් තැතිගැන්මක් වත් නැත. උන් දැක මට මහාසන්තෝෂ උපන තොප හැමකළාවූ උපකාරය සිතා සතරන් බිනිමි යන සිතින් නිර්භීතව සිට සතුරන් සැදීම වදාරා කුරගඟ ජාතකය නිමවා වදාළසේක. බණ අවසානයෙහිදි විර්යය අඩු භික්ෂූ විර්යය වඩා රහත් වූහයි වදාරා එසමයෙහි එකී වෙළදුන් ගැළවූ පරුෂයානම් බුදුවූ ම්මමයයි වදාළ සේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.