Skip to main content

251 පදුම ජාතකය

තවද ලෝකේශ්වර සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ආනන්දබෝධීන් වහන්සේට පූජාකළ භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද. ආනන්ද බෝධිකථාව කාාලිංගබෝධි ජාතකයෙහි පෙනෙන්නේමය. මේ වනාහී ආනන්ද බෝධීන් වහන්සේට පූජා කරණ පිණිස පිටිසර සිට එක් නමක් සැවැත්නුවරට වැඩිසේක. මාලාකාර විථියේ මල් සොයාගියසේක් විථිමුලුල්ලේ ඇවිදින් මල් නොලැබ පෙරලා අත්දස්වමින් කරා අවුත් මල් නොලදුම්හයි කීසේක. ආනන්දසාමින් යහපත දැන් මල් ගෙණනනිසා බැළුව මැනවයි කියා විථියට ගොස් බොහෝ ඇරගෙණගොස් ඒ පිටිසර සිට ආ නමට දුන්සේක. ඒ නමත් ආනන්දබෝධීන් ඇරගෙණ ගොස් ඒ පිටිසර සිට ආ නමට දුන් සේක. ඒ නමත් ආනන්ද බෝධීන් පූජාකළසේක.

ආනන්දසාමින් මල්ලත් කථාව ධම්සභා මණ්ඩපයෙහි රැස්වූ මාළුවරුන් වහන්සේ කිය කියා උන්තෙනට සර්වඡයන් වහන්සේ වැඩවදාරා මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි දැන්මතුනොවෙයි පෙරත් නුවවැත්තෝ මල් ලද්දෝවේදැයි වදරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්ස් ඉකුත් වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ සිටු කුලයක සිටුකුමාරයෙක්ව උපන්සේක. ඒ නුවර මල්වතු බලන්නාවූ පුරුෂයෙක් නාසාභිනය එක්දවසක් මානෙල් මලින් ප්‍රයෝජනයක් ඇත්තාවූ සිටු කුමාරවරු තුන්දෙනෙක් එකියන නාසා හීන මල්කරුවා කරාගොස් මල්ඉල්ලන්නා ඉන් එක සිටුපුත්‍රයෙක් අර උයන්ගොව්වා සිත්ගෙණ කියමි මෙසේ කීය. දැලිඅන්දන් කපාපුවා දෙවනුව අටගණිද එමෙන් තාගේ නාසය අටගන්නා නියායෙන් අපට මල් දෙවයි කීහ. ඌ ඊට කාන්සිව මල්නොදී ඉන්නා අනික් සිටු කුමාර කියන්නේය මාසේ කපාගත් ගොයම් අටගනිද එසේම තාගේ නාසය අටගන්නා නියායෙන් අපට මල් දෙවයි කීහ. ඊට ඌ විසින් වික්‍ෂේපව මල්නොදෙන විසින් අනික් සිටු කුමාර කියන්නේ මුන්දෙන්නාම කීයේ බොරුය. කපාපු නාසය නම් ඇති නොවෙයි මේ මා කීයේ සත්‍යය යාළු මට මල් දෙවයි කීහ. එවිට ඒ පුරුෂ මුන් කීයේ ඇත්තැයි සිතා ඔහු මල් මිටියක් ඇරඝෙන ගොස් ඒ සිටු කුමාරයන්ට දිනැයි වදාරා මේ පදුම ජාතකය නිමවා වදාළ සේක.
එසමයෙහි මල් ලත් සිටු කුමාර නම් බුදුවූ ම්මම වේදැයි වදාළ සේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.