Skip to main content

250 දුත ජාතකය

තවද අසාධාරණ වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි තෘෂ්ණාසවඟවූ භික්ෂූ කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද. මෙහි වර්ථමාන කථාව නවවෙනි නිපාතයෙහි කාකා ජාතකයෙන් විස්තර වශයෙන් බස්නේය. මෙහි වනාහී සර්වඥයන් විසින් මහණෙනි මේ භික්ෂූහූ තෘෂ්ණාවෙහි අධිකත්වයෙන් ඉස්කැපීමට පැමිණියෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ට පුත්ව උපන්නාහ. අන්නාපාන යහපත් කොට අනුභව කරණ හෙයින් පාජිනසුද්ධ රජ්ජුරුවෝයයි කියා නම් තූබූහ. ඒ රජ්ජුරුවෝ අන්නපාන කණලද බොහෝ මනුෂ්‍යයන් මධ්‍යයේ දළපුඩුසේසත්යට සිංහාසනයෙහි ඉඳ රන්තලියෙහි ලාලු රසමසවූලෙන් යුක්තවූ ආහාර බොහෝ දෙනා මධ්‍යයෙහි අනුභව කරන්නාහ. එවිට එක්තරා පිටිසර මනුෂ්‍යයෙක් රජ්ජුරුවන් බත් මේ නිමන තෙනට ආයේ රජ්ජුරුවන් මේ නිමවන්නාවූ බොහෝ ඛව භෝග දැක තෘෂ්ණා ඉවසාගත නොහෙන්නේ අතක් උඩනගා මම දූතයයි කියා අඬගැසීය. ඒ අවධියේ යම් කෙණෙක් මම දූතයයි කියා අඬගැසී නම් උන්ට අවකාස ඇර රජ්ජුරුවන් කරා ගෙණයන්නාහ. එසේ හෙයින් ඔහු දූතයයි කියා කී හෙයින් මනුෂ්‍යයන් දෙපලට බෙදී ඌට අවකාස අළහ. ඔහු වහා අවුත් රජ්ජුරුවන් මෙනිමවන්නාවූ රන්තලියෙන් බත් පිඩක් උකාගෙණ කාපිය. එතන සිටි පුරුෂයෙක් නමා අතතුබූ කඩුව කොපුවෙන් ඇද අයා ඉසකපන්ට වන. රජ්ජුරුවෝ උගේ ඉස නොකපවයි රජ්ජුරුවෝ තලියෙන් අත අයා ඕහට බත්කන්ටහැර කා ඉක්බිති මිහිරි පැනුත් පොවා අත කට සෝධවා කපුරු හා බුලතුත් කවා අන්තයෙහි ඇයි තෝ කවර රජ්ජුරුකෙණෙකුන් ලඟසිට අව්දැයි විචාරන්නා කියන්නේ කීමෙන් මම ඇවිත් නුඹ වහන්සේගේ තලියෙන් බත්කෑම්මය, එසේ හෙයින් යථොක්ත වූ රජ්ජුරුවන් වහන්ස තෘෂ්ණාවසඟවූ ආවාවූ මට කෝප නොකළමැනවයි කීහ. රජ්ජුරුවෝත් ඌ කී බසට සතුටුව එම්බල ඒ එසේ මය යම් මනුෂ්‍යකෙණෙක් දුක්ගන්නේ තෘෂ්ණාව මූලිකවමය, එසේ හෙයින් මමත් තෘෂ්ණාවසඟව ඉන්නා එකෙකිමි. එසේහෙයින් තොයිත් තෘෂ්ණාවසඟව ආ හෙයින් දුතයන්ට සංග්‍රහ කළමනානොවේදැයි ඵළගෙරින් සියයක්ද ගම්වර පසක්ද ආදීවූ බොහෝ සංග්‍රහ කළහයි වදාරා මේ දූත ජාතකය නිමවා වදාළසේක. මේ බණ අවසානයෙහි භික්ෂූන් වහන්ස් අනාගාමිඵලයෙහි පිහිටි සේකැයි වදාරා මේ ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි තෘෂ්ණාවසඟවූ පුරුෂයානම් මෙසමයෙහි මේ භික්ෂූහුය. එසමයෙහි පාජිනසුද්ධ රජ්ජුරුවෝ නම් දැන් බුදුවූ මම්මයයි වදාළ සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.