Skip to main content

25 තීත්‍ර්‍ථ ජාතකය

තවද එක්සමයෙක්හි බැළු බැළුවන් ඇස් නොනිමවන මනහර රූ ඇති ලොකස්වාමී වූ බුදුරජානන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සේක් දෙවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අජාසත් කුමාරයන් පහදවා ලාභසත්කාර ඉපිද වූ සේක. අජාසත් කුමාරයෝ දේවදත්ත ස්ථවිරයන් වහන්සේ ගයාහිස විහාරයෙක් කරවා නොහෙක් රස ඇති තුන් අවුරුදු ගිය සුවඳ ඇල්සාලෙ බත් දවසක් පාසා පන්සියයක් වසුන්වලින් එවති. ලාභසත්කාර නිසා දේවදත්ත ස්ථවිරයන් වහන්සේට පිරිවර මහත් විය. දේවදත්ත ස්ථවිරයන් වහන්සේ පිරිවරා හා සමග විහාරයෙහි ම වසන සේක. එසමයෙහි රජගහනුවර වසන්නාවූ යහළුවෝ දෙදෙනෙක් වෙති. ඔවුන් අතුරෙන් එක්කෙනෙක් බුදුන් සමීපයෙහි මහණ වූය. එක් කෙනෙක් දේවදත්ත ස්ථවිරයන් ලඟ මහණ වූය. ඔහු දෙදෙන ඔවුනොවුන් ඒ ඒ තෙනදීත් දකිති. විහාරයට ගොසිනුත් දකිති.

ඉක්බිත්තෙන් එක්දවසක් දෙවදත්ත නිශ්‍රීත මහණ අන් භික්ෂූහට කියන්නේ කිමෙක්ද තෝ දවසක් දවසක් පාසා ඩා පෙර පෙරා සිඟන්නෙහිය. දෙවදත්ත ස්ථවිරයන් වහන්සේ ගයාහිස විහාරයෙහිම හිඳ නොයෙක් අග්‍ර රසයෙන් යුක්තව භෝජනය වළඳන සේක. මෙබඳු උපායෙක් ඇත කුමක් පිණිස තෝ දුක් අනුභව කරන්නෙහිද. කිමෙක් ද තා විසින් උදෑසන ම ගයාහිස විහාරයට අවුත් අවුළු සහිත කැඳ වළඳා අටලොස්වැදැරූම් වූ ඛාiා අනුභවකොට නොයෙක් අග්‍ර රසයෙන් යුක්ත වූ භෝජනය වළඳන්නට නපුරු දැයි කීය. ඒ මහණ නැවත නැවත කියන බස් අසා යනු කැමති ව එතැන් පටන් ගයාහිසට ගොස් වළඳා වේලපස වෙළුවනයට එන්නේය. ඒ මහණ හැම කල සඟවාගත නොහුණුයේය. ගයාහිසට ගොස් දේවදත්ත ස්ථවිරයන්ට තබා දෙනලද බත වළඳන්නෙයයි නොබෝකලකින්ම ප්‍රසිද්ධ විය. ඉක්බිත්තෙන් ඕහට සහාය භික්ෂූන් කියන්නාහු සැබෑද මහණ තෝ දේවදත්ත ස්ථවිරයන්ගේ බත වලඳන්නෙහි දැයි කී කල්හි අසවල්ලුයයි කිවුය. සැබෑව ඇවැත්නි මම ගයාශිර්ෂයට ගොස් වළදිමි ම වූට කලී දේවදත්තයෝ බත් නොදෙති අන්මනුෂ්‍යයෝ දෙති කීය. ඇවැත්නි දේවදත්තයෝ සර්වඥයන්ට ප්‍රතිපක්ෂයෝය දුශ්ශීලයෝය. අජාසත් රජ්ජුරුවන් පහදවා අධර්මයෙන් තමන් ලාභසත්කාර ඉපදවූය. තෙපි මෙබඳූ නෛර්යාණික ශාසනයෙහි මහණව දෙවදත්තයන්ට අධර්මයෙන් උපන්නාවූ භෝජනය වළඳවා වරෝ යම්හ බුදුන් සමීපයට ගෙණයම්හයි කියා ඒ භික්ෂූව කැඳවාගෙණ දම්සභා මණ්ඩපයට ආවාහුය. සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන් කැඳවා කිමෙක් ද මහාණෙනි තොපි මොහු නොකැමැති පිරිද්දෙන්ම කැඳවාගෙණ අවුදැයි වදාළ සේක. එසේය ස්වාමීනි මේ මහණ නුඹ වහන්සේ සමීපයෙහි මහණව දෙවදත්තයන්ගේ අධර්මයෙන් භෝජනය වළඳන්නේ යයි දැන් වූ සේක. එබස් අසා බුදුහු සැබෑද මහණ තෝ දේවදත්තයන්ගේ අධර්මයෙන් උපන් භොජනය වළඳවයි දැයි විචාළ සේක. එබස් ඇසූ මහණ දේවදත්තයෝ මට නොදෙති. මනුෂයෝ දෙති ඒ බත මම වළඳමියි දැන්වූසේක. එබස් ඇසු සර්වඥයන් වහන්සේ වදාරණ සේක්. මහණ තෝ මෙහි මහණව මාගේ ශාසනය භජනය කෙරෙමින් දේවදත්තයන්ගේ බත කෙසේ නම් අනුභව කෙළෙහිද හැමකලම දුටු දුටුවන් භජනය කරණ සුළුවූයෙහි වේදැයි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.
යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙක් රාජ්‍යය කරණසේක. එකල්හි අප මහා බෝසතානන් වහන්සේ ඒ රජහට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ අමාත්‍යයෙකු වූසේක. එකල්හි රජහුගේ මගුල් අශ්වයා නහනතොට එක්තරා ඛළුඪකාශ්වයකු නැහැවුවාහුය මගුල් අශ්වයා ඛළුඪකාශ්වයා නහවන ලද තොටට බස්වනු ලබන්නේ පිළි කුල් කොට බස්නට නොකැමැති වූයේය. අස්ගොව්වා ගොස් රජහට දැන් වූ යේය. මහරජ්ජුරුවන් වහන්ස මගුල් අශ්වයා තොටට බසින්ට නො කමැති වූයේ යයි කීය. රජ්ජුරුවෝ බෝධිසත්වයන් යවනසේක් යව පණ්ඩිතයෙනි දැනගණුව කවර කාරණයකින් අශ්වයා තොටට බස්වනු ලබන්නේ නොබස්නේදැයි විචාළ සේක. බෝධිසත්වයන් වහන්සේ යහපත මහරජයි කිය ගංතෙරට ගොස් අශ්වයා බලා ඔහු නිරොගී බැව් දැන කවර කාරණයකින් මේ අශ්වයා තොටට නොබස්නේදැයි පරීක්ෂා කරණ සේක් පළමුකොට මෙහි අශ්වයකු නහවන ලද්දේ වන. එහෙයින් පිළිකුල් කරන්නේය. තොටට නොබස්නේ යයි සිතා අස්ගොව්වාගෙන් විචාළ සේක. පින්වත්නි. මේ තොටෙහි කවරක්හු පළමුකොට නහවන ලද්දේදැයි විචාළසේක. ස්වාමීන් වහන්ස අන් ඛළුඪකාශ්වයෙකැයි කීයේය. බෝධිසත්වයන් වහන්සේ සිතන සේක් මේ අශ්වයා තමා සුචිකාම බැවින් පිළිකුල් කෙරෙමින් මෙහි නහවන්නට නොකැමැතිය. මොහු අන්තොයෙක්හි නහවන්නට වටනේ යයි ඔහුගේ අභිප්‍රාය දැන පින්වත් අශ්වාචාර්යය. ගිතෙල් මී සකිරායෙන් අභිසංස්කෘත ක්‍ෂිරපායාසයද වනාහී නැවත නැවත අනුභවකරන්නාහට තෘප්තිය වන්නේය. මේ අශ්වයා බොහෝ වර මේ තොටෙහි නහවන ලද්දේය. මොහු වනාහී වෙන තොටකට බස්වා නහවා ජලය පොවාලවයි කියා මෙසේ කීසේක. රථාචාර්යය අශ්වයා අන් තොටකින් නහවා පැන් පොවව. යම් පුරුෂයෙක් සර්පි මධු සකීරායෙන් අභිසංස්කෘත පායාසය අධීකකොට කෑමෙන් තෘප්තියට පැමිණේද එපරිද්දෙන් අනික් අශ්වයෙකුගේ නැහැමෙන් අපවිත්‍ර වූ තොටෙහි තමාගේ ශෘංගාරත්වය හේතුකොට ගෙණ ස්නානය නොකමැත්තේය. අන් තොටකින් නහවවයි කී සේක. අශ්වාචාර්යයා බෝධිසත්වයන් වහන්සේගේ වචනය අසා අශ්වයා වෙන තොටක බස්වා පැන්පෙවා නැහැවුයේය. බෝධිසත්වයන් වහන්සේ අශ්වයා නහවා පැන් පොවන කල්හි රජුහුගේ සමීපයට ගොස් සියලු ප්‍රවෘත්තිය දැන්වූ සේ. රජ්ජුරුවෝ මෙබඳු තීරශ්චීනයාගේ අභිප්‍රාය දැනගත්සේකැයි කියා අප මහබෝසතානන් වහන්සේට මහත් ඓශ්චර්‍යාදී ජිවිතයාගේ කෙළවර කම්වූ පරිද්දෙන් මිය පරලොව ගිය සේක. බෝධිසත්වයන් වහන්සේද කම්වූ පරිද්දෙන් මිය පරලොව වැඩිසේක. ශාස්තෘ වූ බුදුරජනානන් වහන්සේ වදාරණ සේක් මහණෙනි මම මොහුගේ අභිප්‍රාය දැනගත්තෙමි දැන්මතු නොවෙයි පෙරත් අභිප්‍රාය දැනගත්තෙම් වේ දැයි කියා මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගලපා මේ ජාතකය නිමවා වදාල සේක.

එසමයෙහි මංගල්‍ය අශ්වයා නම් දැන් මේ භික්ෂූන් වහන්සේ වූ සේක. එකල්හි රජ්ජුරුවෝ නම් දැන් ආනන්දස්ථිවිර වූ සේක. පණ්ඩිත අමාත්‍යව උපන්නෙම් වනාහි තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 

 

 

උපුටාගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.