Skip to main content

243 ජරූදපාන ජාතකය

තවද සංසාරවාහවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි පන්සියයක් වෙළදුන් අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්.

 

පන්සියයක් උපාසක වෙළෙන්දෝ වෙළදාම් පිණිස යන්නාහූ සර්වඥයන් වහන්සේ දැක පන්සිල් ඇරගෙණ යම්හයි සිතා ආම්හයි කියා සර්වඥයන්වහන්සේ අතින් පන්සිල් ඇරගෙණ නික්මුණාහ. නික්ම අතරමගදී පුරාතන ලිඳක් දැක ඒ ලිඳ පැන් ඇද්දෝහෝයි සිතා බලා පැන් නොදැක පැන් උනන තුරු කනුම්හයි සිතා කැනන්නාහූ පළමුකොට යකට ලෝකඩ තඹ රත්රන් මුතු මැණික් ආදීවු බොහෝ සම්පත් දැක තමන්ගේ පන්සියයක් ගැල්පුරා ගෙණ සැවැත්නුවරට ආවාහුය.

 

ඇවිත් සර්වඥයන් නිසාය අප සැපසේ යාත්‍රා කොටගත්තේයයි කියා සර්වඥයන් වහන්සේ එපවත් අසා පෙරත් ඒ ළිඳන් වෙළෙන්දු සම්පත් ඇරගන්ට සිතා බොහෝ විනාශයට පැමිණියෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

 

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ වෙළෙඳකුලයෙහි සාත්තුනායකව උපන්නාහ. පන්සියයක් වෙළෙදුන් ඇරගෙණ වෙළඳාම් පිණිස නික්ම මෙම ලිද සමීපයට අවුත් බොහෝ සම්පත් කැණ ගොඩනැගූහ. බෝධිසත්වයන් ඉතකින් පමණ නොකණුවයි කියව කියා කනින්ටවන්හ. එකියන ලිඳ පාත වසන්නාවූ දියනයෙක් ඇත. ඒ නයාගේ ඉස උළුපස් වැටෙන්න වන, එවිට නයා කිපි පණ්ඩිත වෙළඳ හැර සෙසු වෙළෙන්දු මියෙත්වයි සිතා නාසාපුටයෙන් විෂධුමයක් ඇර පන්සියයක් වෙළදුන් ජීවිතක්ෂයට පමුණුවා පන්සියයක් ගැල්ම බෝධිසත්වයන්ට පාවාදී තමන්ගේ නාගනෙවියන් ලවා ගැල්පද්දවා බෝධිසත්වයන්ගේ ගෙයි ලැවුහ. බෝධිසත්වයෝත් බොහෝ යාචකයන්ට දන්දී කුසල්කොට පංචසීලය රැක පෙහෙවස් රැක කම්වූපරිද්දෙන් මිය පරලොව ගියාහ. ඒ අර්ථය දක්වන සර්වඥයන් වහන්සේ මහණෙනි යම්සේ ඒ වෙළෙන්දු යකඩ තඹ ලෝකඩ රත්රන් මුතු මැණික් ආදීවූ සම්පත් දැක පණ්ඩිත වෙළදා ඇඹේයි කියාදි තෘෂ්ණාවසඟවා විනාසයට පැමිණියාහ. තොප ඇමවනාහී තොප ඇමට විචර සම්පත් ගෙණාහෙයින් විනාසයට නොපැමිණියයි වදාරා ජරදපාන ජාතකය නිමවා වදාළසේකී. එසමයෙහි පණ්ඩිත වෙළෙඳා නම් බුදුවූ මම්මයයි වදාළ සේකී.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.