Skip to main content

237 තෙලොවාද ජාතකය

තවද සංසාර ජාරගතවූ සර්වඥයන් වහන්සේ විසාලා මහනුවර කුටාගාර ශාලාවෙහි වැඩ වසන සමයෙහි සිංහනම් සෙනෙවිරදුන් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

සර්වඥයන් වහන්සේ සිංහනම් සෙනවිරදුන්ට බණ කියා උන් සෝවාන් කළ දවස් උන් විසින් බොහෝ මත්ස්‍යමාංස ඇතිව රස සවුලෙන් යුක්තව ආහාරය සර්වඥයන් වහන්සේ ඇතුළුව සංඝයාවහන්සේට දන්දුන්නාහ. ඒ දුටු නිඝණ්ඨනාථපුත්‍ර බුදුන් කෙරේ කාංසිව උක්කෙ ට නාකොට කියන්නේ ශ්‍රමණ භවත් ගෞතමයන් තමන් නිසා මැරූ මස් තමන් වලදනලදැයි උක්කොටනා කළහ. සර්වඥයෝ එපවත් භික්ෂු සංඝයා වහන්සේ අතින් අසා පෙරත් නිගණ්ඨ නාථපුත්‍රයෝ උචචිඨිමාංශය කෑවයි පෙරත් උක්කොටනා කලෝවේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ බ්‍රාහමණ කුලයෙහි ඉපිද සෂිප්‍රවෘජ්ජාවෙන් පැවිදිව බරණැස් නුවරට ලුනු ඇඹුල් සෙවුනාපිණිස ආහ. එසමයෙහි බරණැස් නුවර කෙළෙඹිපුත්‍රයෙක් බෝධිසත්වයන් දැක බෝධිසත්වයන් වෙහෙසන පිණිස තමාගෙට පවරා ගෙන්වාගෙණ රසමසවුලෙන් යුක්ත ආහාරය දන් දී අන්තයෙහි කියන්නේ නුඹවහන්සේ නිසා මම වධකොට මස්මරා දන්දිනිමි එසේහෙයින් ඒ පව් නුඹවහන්සේට හා මට හා සරියයි කීය. බෝධිසත්වයෝත් තොප විසින් තොපගේ අඹුදරුවන් මරා මස් මට ළූවත් මා විසින් මෛත්‍රී පුරශ්‍ර විසින් වලඳන්නමෝයයි කියා බෝධිසත්වයෝ හිමාල වනයට ගියාහයි වදාරා තෙලොවාද ජාතකය නිමවා වදාළ සේක.
එසමයෙහි කෙළෙඹිපුත්‍රයා නම් මෙසමයෙහි නිගණ්ඨනාථ පුත්‍රය, එසමයෙහි තාපසව උපන්නෙම් බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.