Skip to main content

230 එකපාද ජාතකය

තවද සද්ධර්ම කිරීටවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෙළඹි පුත්‍රයෙකු අරභයා මේ ජාතකය වදාරණ ලදි.

ඒ කෙසේද යත්,

එක්තරා කෙළඹිපුත්‍රයෙක් තමාගේ පුත්‍රයෙකු අකයේ ඉඳූවාගෙණ උන්නේය, ඒ පුත්‍රයා පියාට කියන්නේ එකපාදයකින් යුක්තවු බොහෝ වුතය ඇති එකචාර ප්‍රාසාදය මට කියවයි කීම. එවිට ඒ පුරුෂයාත් මේ ප්‍රශ්නය සර්වඥයන් වහන්සේට මිසක් අපට නොදැනෙයි සිතා සර්වඥයන් කරා තමාගේ පුතත් ඇරගෙන ගොස් කියන්නේ ස්වාමිනි මේ පුත්‍රතෙම එකචාරනම් ප්‍රශ්නයක් මා අතින් විචාරයි ඒ මට නොදැනෙයි වදාළොත් යහපතැයි කිහ. සර්වඥයෝත් උපාසකයෙනි මේ කුමර ප්‍රශ්නය පළමුත් විචාළේය. නුවැනැත්තෝ මුට ප්‍රශ්නය විසඳූය, මේ වනාහී භවයෙන් සැඟවුනු විසින් නොදැනෙයි වදාරා ඒ කෙසේ දැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍ය කරන සමයෙහි බෝධිසත්වයන් වහන්සේ සිටුකුලයක උපන්සේක. එක්දවසක් බෝධිසත්වයෝ තමන්ගේ පුත්‍රකෙණෙකුන් ඔක්කේ වඩාගෙණ උන්නාහ. එවිට කුමාර කියන්නේ එකපාදයෙන් යුක්ත බොහෝ අර්ථ ඇත්තාවූ එකචාර ප්‍රශ්නය කිවමැනවයි කීහ. එවිට බෝධිසත්වයන් කියන්නාහූ එඹල දරුව බොහෝ කොට කිමෙන් කාර්යකින්ද එකසීල රකිනාම බොහෝ කෙලෙසුන් නැසීමට හා බොහෝ සතුන් නැසීමට කාරණාවෙයි කීහයි වදාරා මේ ඒකපාද ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි පුත්‍රයානම් මෙසමයෙහි මේ කුමාරයයි. බරණැස් සිටුව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළසේකී. මේ බණ අවසානයෙහිදි දෙපුතුපියෝ දාසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝවාන් පෙලෙහි පිහිටියාහ.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.