
තවද සද්ධර්ම චුඩාමානික්ය වූ සර්වඥයන් වහන්සේ සාකෙත නුවර වැඩ වසන සමයෙහි සාකෙත නම් බ්රාහ්මණයා සර්වඥයන්ට ප්රිය නෑකම් කී හෙයින් මේ ජාතකය දක්වන ලද. මෙහි ඉකුත් වර්ථමාන කථාවක් එරක නිපාතයෙහි බස්නේය.
මෙහි පළමුත් තමන්ටම පුත් උපන්හෙයි ජාතිවාසනා හේතුකොට කියන්නාහයි වදාළ කල්හි එවිට භික්ූෂන් වහන්සේ දක්වනසේක්, ස්වාමීනි පූර්ව වාසනා ඇතැයි කියා පසුව ජාතියේ විශ්වාසය වේදැයි වදාළසේක, සර්වඥයන් වහන්සේ වදාරණ සේක් මහණෙනි යම්සේ දියෙහි අටගන්නා නෙළුම් අල කෙතෙක් දවසින්වුවත් දිය හා මඩඑක්වුද එදවස් ඇතිවේද එමෙන් කොතෙක් දවසින් උවත් අනුන් දුටුවේලේ පූර්වාසනා බලයෙන් වුව ඒ නැත්නම් උන් නිසා තමාට පැමිණි ලාභයක් නිසා වුවත් තවත්නාහයි වදාරා මට මව්පියව උපන්නෝ මේ බමුණා හා බැමිණිමය උන්ට පුත්ව උපන්නෙමි බුදුවු මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk