Skip to main content

228 බක ජාතකය

තවද සද්ධර්ම මහා සමුද්‍රවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි වංචාප්‍රයෝග දන්නා භික්ූෂකෙණෙකුන් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්.

එක් වංචාප්‍රයෝග දන්නා භික්ෂූන් කෙණෙකුන් වහන්සේ මාළු සිවුරක් සකස් කොට ගෙත්තම් කොටගෙණ ජේතවනාරාමයට ආසේක. ජේතවනාරාමයෙහි වහන්දැ සිවුරදැක මේ සිවුර අපට දුන මැනවයි කියන්නාහූ අප දුකසේ ලබාගත් සිව්ර දෙන්නේ කෙසේදැයි කියන්නා එසේවීනම් අපගේ අළුත් පිළිඇරගෙණ සිවුර අපට දුන මැනවයි කියා පිළිඇගෙණ සිවුර දුන්නාහ. ඒ කිලිටු සිවුර සෝදාපු ගමනේ රෙදි සිවුර නියාව දැන ඒ වංචාකළ භික්ෂූන් වහන්සේ ඇරගෙණ බුදු රජානන් වහන්සේ කරාගොස් සර්වඥයන්ට පෑහ. සර්වඥයෝ පළමුත් මේ භික්ෂූහු වංචාප්‍රයෝග දනිති වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාල සේක.
ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහම් දත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ මත්ස්‍යව ඉපිද බොහෝ මත්ස්‍යයන්ට රජකම් කරන්නාහ. එසමයෙහි කොකෙක් ඒ වැව සමීපයෙහි පියාපත් දෙක විදා කරනමාගෙන බකතපස් කෙරෙමින් සිටියේය. ඒ වොවට බෝධිසත්සයෝ බොහෝ මත්සයන් පිරිවරා කොකා උන් ස්ථානයට ආහ. ඒ වෙලාවට මත්ස්‍යයෝ කොකාදැක ඵල නෙළුම් මලෙක පැහැ ස්ථානයට ආහ. ඒ වෙලාවට මත්ස්‍යයෝ කොකාදැක ඵල නෙළුම්මලෙක පැහැ සමානවූ යහපත් තාපසකෙනෙකැයි සිතා කියන්නාහූ මූ වනාහී පියාපත් විදාගෙණ කරබාගෙණ සිටියාහ. එසේහෙයින් මූ මහසිල්වත් කෙනෙකැයි කීහ. එබස් බෝධිසත්වයෝ අසා කැකැවී බලා කොකා නියාව දැන කියන්නාහූ එම්බල මත්ස්‍යයෙනි මුන් මෙසේ ඉන්නේ තාපසයන් නිසා නොවෙයි අපගේ අවකාශයක් බලාය. මුගේ කුමන ශීලයෙක්දැයි කීහ. එවිට මත්ස්‍යයෝ දියකළඹා ඌ එතනින් යවාපුවාහයි වදාරා බක ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි කොකා නම් වංචාප්‍රයේග දන්නා භික්ෂූහුය. මත්සව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළ සේක
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.