
තවද කුඹිල ජාතකය පළමු කියන ජාතක වලින් ම විස්තරාවසානයෙන් පෙණෙන්නේය.
තවද මුළුලොව එකබන්ධවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයේහි වැඩ වසන සමයෙහි කෝසල රජ්ජුරුවන් අරභයා මේ ජාතකය දක්වන ලදි.
ඒ කෙසේද යත්,
කෝසල රජ්ජුරුවන්ට වැඩ පස්නා එක් අමාත්‍යයෙක් අන්තඃපුරයට එක් ද්‍රෝහයක් කළේය. රජ්ජුරුවෝ උන්කෙරේ ක්ෂමා කොට එපවත් සර්වඥයන් වහන්සේට සැලකළාහ. සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි උන්ගේ එක්තරා වැඩ පස්නා අමාත්‍යයෙක් අන්තඃපුරයට ද්‍රෝහයක් කෙළේය. ඒ අමාත්‍යයාගේ ගෙට උගේ ගෙයි එක්මිනිසෙක් ගෙටවැද ද්රෝහකෙළේය. එකියන අමාත්‍යයා තමාගේ ගෙයි ගෙයි ද්රාහකළ තැනැත්තහූ අල්ලාගෙණ රජ්ජුරුවන්ට පෑ කියන්නේ දේවයන්වහන්ස මට වැඩ පස්සා මාගේ ගෙයි එක්මිනිසෙක් මා ගෙට වැරදින. ඌට කුමක් කරම්දැයි විචාළහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ එම්බල මාගේ ගෙයිත් එක් වැඩපස්නා අමාත්‍යයෙක් ද්රෝහකළේය. එසේහෙයින් උන්කෙරේ තොප විසින් මෛත්‍රී කරවයි කීහ. එබස් අමාත්‍යයෝ සාමින් මාත් සිතාය මේ කිවේයයි සිතා එවක්පටන් අන්තඃපුරයට ද්රෝහකරන්නට නොසිතීයයි වදාරා ඛත්තියවර්ණ ජාතය නිමවා වදාළ සේක.
එසමයෙහි රජව උපන්නෙම් බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk