Skip to main content

211 වීතීය කූට වානිජ ජාතකය

තවද මුළුලොවට ගුරුවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි සොරවෙළඳාම් දන්නා උපාසකයෙකු අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

සැවැත්නුවර වාසය කරන්නාවූ පණ්ඩිත වෙළඳාය සොර වෙළඳායයි ව්‍යාපාරයෝ දෙදෙනෙක් පන්සියයක් ගැල්වලින් බඩුපුරෝගෙන නැගෙණහිරට බස්නාහිරට වෙළඳාමට ගොස් වෙළඳාම් කොට දෙවැනිව සැවැත්නුවරට අවුත් පණිඩිත වෙළඳා වෙළඳාම් කොට ගෙණ ආ බඩු සරියේ බෙඳාගණිමිහයි කියා එවිට සොරවෙළඳ සිතන්නේ මෙතෙක්දා කටුක ආහාරකෑමෙන් දුක්ඛවූ සයන ආදී වූ දෙයෙහි සැතපී රෑපාන නිදිමරා බොහෝ දුක්විඳිනලද, එසේ හෙයින් මිහිරිවූ භෝජනයකා යහපත් වූ යහන්වල සැතපූනුකලට අජීර්ණ වූ ආහාරය හෙයින් දිරවාගත නොහි මියන්නේය. මු මළකල මුගේ සම්පත් ඇරගනිමි සිතා දවස් පසුකරන්නට වන. එපවත් පණ්ඩිත වෙළඳා දැන දසවිටකංසංකොට බඩුසරියේ බෙදාගත, පසුවදවස් ගඳ දුන්මල් පහන්ගත් අත් ඇතිව බුදුන් දකින්ට ගියේය. එවිට සර්වඥයෝ ඇයිද උපාසකය කවරද ඇයිදැයි විචාරා ස්වාමිනි මා ආයේ පසළොස් දවසකට ඇතැයි කියන්නා උපාසකය මෙතෙක්දවස් කළ බුද්ධෝප්ස්ථානයට නායේ ඇයිදැයි විචාරා එපවත් අසා එකියන ව්‍යාපාර පළමුත් වංචා ප්‍රයෝග දන්නෝ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රජ්ජ්‍ය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ රජ්ජුරුවන්ගේ අධිකරණනායක අමාත්‍යව උපන්සේක. එසමයෙහි පිටිසර ගමක වාසයකරන්නා වූ එක් ව්‍යාපාරයෙක් බරණැස් නුවර වසන්නාවූ සොර වෙළඳම්කරණ ව්‍යාපාරයෙක් ඇත. ඌ ලගට අවුත් යහළු පන්සියයක් තිබේන ලෙස කියා පාවාදී ගියේය. ඒ ව්‍යාපාරයත් තමා අභිප්‍රාය නියාවට වියදම් කොට මියන්ගේ මීබෙටි පළු යහළු තිබූගෙයි විසුරුවාලීය. කල්යාමකින් පිටිසර වෙළඳා බරණැස් නුවර වෙළඳා සමීපයට අවුත් මා තොපට තබන්ට දුන් යහළු පන්සියය දෙවයි කීහ. එකීයන වෙළඳා කියන්නේ යහළු පන්සියය මීයෝ කාපූයයි කියා මීබෙටි ගෙනුවත් පෑය. එවිට පිටිසර වෙළඳා අසා එසේද මීයෝ යපළු කෑවුදැයි කියා කිසිදෙයකුත් නොකියා බරණැස් නුවර වෙලඳා හා කැටිව ප්‍රිය කථාකොට ඌගේ පුතා කැඳවාගෙණ ජලස්නානයට යෙමි ඇරගෙණගොස් අනික් ගෙයක සඟවාතබා තුමූ ඉස සෝධා නහා ගෙට ගියේය. එවිට බරණැස් නුවර ව්‍යාපාරිකයා පිටිසර වෙළඳා අතින් තොප හා කැටිව නාන්නට ගිය මාගේ පුතා කොයිදැයි විචාළේය. එවිට කියන්නේ තොපගේ පුතා ගොඩ සිටුවාලා මා නාන්ට බටදී උන් උකුස්සෙක් ගසාගෙණ ගියේය. මමත් අත්පිඩිගා බොහෝ උත්සහාකොට එලවා ගතනුහුනුයෙම් කීහ. එවිට බරණැස් නුවර වෙළඳු කියන්නේ උකුස්සෝ කුඩා කොල්ලන් ගසාගෙණ යෙද්දැයි කීහ. එවිට පිටිසර වෙළඳා කියන්නේ ඒ කියෙත් කාරණමය මම කුමක් කෙරෙම්දැයි කීහ. එවිට බරණැස් නුවර වෙළඳා කියන්නේ තෝ මාගේ දරුවන් කොයිබදෝ සඟවාපිය අවුත් උකුස්සා ගසාගෙණ කියේයයි බොරුකියාදැයි කියා අධිකරණ නායකන්ට කියම්හයි කියා වෙළඳ බෝධිසත්වයන්ට කියන්නේ ස්වාමිනි මේ කියන ව්‍යාපාර මුාගේ පුතා නාන්නටයි තමා කැටිව කැන්දාගෙණ ගොස් මේ කොයිබදෝ සඟවාපියා උකුස්සාගෙණ ගියයි කියයි මේ යුක්තිය නුඹ වහන්සේ මැදහත්ව විචාළ මැනවයි කීහ. එබස් අසා බෝධිසත්වයෝ පිටිසර වෙළඳා අතින් මූ කියන්නේ ඇත්තදැයි විචාළාහ. එකියන ව්‍යාපාර කියන්නේ ඇත්තමය මා කියන්නකුත් අසන්නේ යහපතැයි කියා ස්වාමිනි මාගෙන් තුබු යපළු පන්සියය මීයන් කෑකල කුඩා කොල්ලා උකුස්සා ගසාගෙණ යෑම අරුමකින්ද මාගේ යහළු පන්සියය මියන් කෑකළ නියාව සැබෑව බොරුව මටත් විචාර කිව මැනවයි කිය. එබස් අසා බෝධිසත්වයෝ එසේ වීනම් මූකළාවූ වංචාවට ප්‍රතිවංචාවක් කළනියාව යහපතැයි කියා උදන් අනන්නාව ඒ ඒසේමය. මීයන් යපළු කෑකල උකුස්සා කුඩා කොල්ලා ගසාගෙණයාම අපූර්ව කිම්දැයි එසේහෙයින් තා කළ වංචාවට ප්‍රතිවංචාකළ නියාව යහපතැයි කියා නැවත කියන්නාහූ තොප මුන්ගෙන් තිබු යපළු පන්සියය දිපියන්නා තොපගේ පුතා මු පාවාදෙති කියන්නා එවිට යහපැතිය කියා මම යපළු පනසියය දෙමි මාගේ පුතා පාවාදෙවයි කියා ඒ නියාවට උන්ගේ යපළු පන්සියය උන්ට පාවාදී උන්ගේ පුතා උන්ට පාවාදුන්නැයි වදාරා මේ කූටවාණිජ ජාතකය නිවමා වදාළසේක.
එසමයෙහි සොරවෙළඳා නම් දැන් සොර වෙළඳාමය. එසමයෙහි පණ්ඩිත වෙළඳානම් දැන් පණ්ඩිත වෙළඳාමයි. එසමයෙහි අධිකරණ නායකව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළ සේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.