Skip to main content

210 සෙග්ගු ජාතකය

තවද මාගේ ස්වාමි දරුවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි පණ්ණක නම් උපාසකයකු අරභයා මේ ජාතකය දක්වන ලද. මෙහි වර්ථතමාන කථාව එකාදසනිපාතයෙහි වූ පණ්ඩිත ජාතකයෙහි විස්තව වසයෙන් බස්නේය. මෙහි පණ්ණකනම් උපාසකයෝ කීපදවසක් බුදුන් කරා ගොස් බුදුන් දකින්ට ගියහ, ස්වාමින් ඇයි තා මෙතෙක්දා පවාවූයේ ඇයිදැයි විචාළා සේක. ස්වාමිනි මාගේ දුව විමසා නිදොස් නියාව දැන ඔබ්බකට විවාහමගුල් කරවා මගුල් කෙරෙමි ඒ නිසා පමාවිම් කිහ. සර්වඥයෝත් තොප පළමුත් නිද්දෝෂ තැනැත්තිය විමසුයේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ වෘක්‍ෂදේවතාව ඉපිද වනයේ වාසය කරණ සේක. එක්තරා කෙළඹිපුත්‍රයෙක් තමාගේ දුව විශිෂ්ටවූ රූ ඇති සඳහාත් භාවභාවලීලාකටාක්‍ෂයෙන් තමාට සැක උපන් හෙයින් මේ කන්‍යාස්ත්‍රීය නොවේදෝහෝයි පරීක්ෂාකරන්නට උවමැනවයි සිතා දුව අත අල්වාගෙණ වනාන්තරයට ගොස් කෙලෙස් වසඟව අත ඇල්ලුවාසේ ඇඟවිය. එවිට දූ භයින්ම අඬන්නට වන, එවිට පියා මේ වංචාවෙන් අඬති සිතා කුමක්ද පංචකාම විෂය නම් කාටත් සරිය එසේහෙයින් තොපි කන්‍යාස්ත්‍රිය නොවුනම් අඬන්නේ ඇයිදැයි කීහ. එබස් අසා පියානන් වහන්ස මම එසේවූ පංචකාම රසවිඳිනා සැටියක අනහ්‍යසයෙහි. අඬන්නී මම දුක්ඛයක් පැමිණිවේලේ ප්‍රතිෂ්ඨාව සිටිනාවූ දෙමව්පියන් විසින් පැමිණි දුක්ඛය කාටකියම්ද කියා ඇඬුහ. එවිට පියාත් තමාගේ දුව නිද්දෝෂ නියාව දැන ඒ නියාවට සුදුසු මගුල් කොට ඔබෙම සරණ පාවා දුන්නාහයි වදාරා මේ සෙග්ගු ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි ඒ දුනම් මේ දුමය. කෙළෙඹි පුත්‍රයා නම් පණ්ණක නම් උපාසකය, වෘක්‍ෂ දේවතාව උපන්නෙම් බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 

 

උපුටා ගැනීම- www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.