

රතන සූත්‍රය යනු බුද්ධ ශාසනය තුල වැඩි වශයෙන්ම භාවිතයට ගන්නා අසිරිමත් සූත්‍ර දේශනාවකි. එහි බලය අති මහත්ය. භාග්‍යවතුන් වහන්සේ විශාලා මහ නුවරදී සිදුකල මෙම දේශනය කෝටි ලක්ෂයක් සක්වලයන්ට ආඥා චක්‍රය පැතිරවූ අසිරිමත් දේශනයකි. එදා විශාලා මහනුවර වෙලාගෙන සිටි තුන්බිය දුරුකරවා මුලු නුවරම සර්ව ආරක්ෂා සිදුකල අතර ඒ දේශනය නිසාම කෝටි ගණන් සත්වයන් මාර්ග ඵල අවබෝධ කරගත්හ. එවන් අසිරිමත් දේශනයක් සිදු කිරීමට මුල් වූ හේතුව ඉතාම හරබර අයුරින් ප්‍රංශයේ වෙසෙන තුසිත රජජපක්ෂ මහතාගේ තෙලි තුඩින් රචනා වී ඇත. මින් ඇරඹෙන්නේ ඒ අසිරිමත් කථා පුවතයි…
පලමු කොටසට පිවිසීම … – https://wp.me/p4UHR6-3CO
(තුසිත රාජපක්ෂ මහතා ප්රංශයේ සිට ලියයි …)
🌷 මස්වැදැල්ලෙන් බිහිවුණ ලිචඡවී දරුවන් හට ඇඟිලි තුඩෙන් කිරිදුන් තාපසයා සහ විසාලා මහා නුවර ගොඩනැගුන අයුරු.. 🌷
🌼 කෙටි සදහන
අතීතයේ විසල් පුර නොහොත් වජ්ජි දේශය නොහොත් විසාලා මහ නුවර ලෙඩ රෝගත්, දැඩි ආහාර ගිගවීමත්, අමනුෂ්ය බියත් ආදී තුන් ආකාර උවදුරු ඇතිවුනා. ඒ උවදුරු දුරුකරගනු පිණිස ලීච්ඡවී රජදරුවන් රජගහ නුවරට ගොස් ආයාචනාකොට භාග්යවතුන් වහන්සේ විසාලාවට වැඩම කරවනු ලැබුවා. මෙසේ වැඩමවාගෙන ආ භාග්යවතුන් වහන්සේ ඒ උවදුරු දුරුකරනු පිණිස මෙම සුත්ර දේශනාව දේසනා කරනු ලැබුවා. එය අපි කවුරුත් දන්නා එහි කෙටි සටහනයි. එය එසේ වුනත් එහි පසුබිම් කතාව මිට වඩා බොහෝ රසවත් වගේම ත්රිවිධ රත්නය කෙරෙහි බොහෝ ශ්රද්ධාව පිහිටවන්නක්. ඒ විතරක් නෙවෙයි. ඒ සුත්ර දේශනාවේ බලවත්කම කියාපාන්නක්. අද ලොව තුල මෙම කොරෝනා වයිරසය නිසා එදා මෙන්ම තුන් බියක් ඇතිවීමේ පෙර නිමිති පහල වී තිබෙන මොහොතක බොහෝ වෙහෙර විහාරස්ථාන වල මෙම සුත්ර දේශණාව සජ්ජායනා කිරීමට පටන් ගෙන තිබෙනවා. එම නිසා මෙම ලිපි පෙළ ඔබ සැමට එහි ගාම්භීර භාවයද බලවත් භාවයද අවබෝධ කොටගෙන ත්රිවිධ රත්නය කෙරෙහි අසීමිත ගෞරවයෙන් සජ්ජායනා කොට ලෝකයටම සෙත් පැතිය හැකි ආකාරයට සකසනු ලබනවා.
සාදු සාදු සාදු මෙම වසංගත රෝගය මෙම සුත්ර දේශනාවේ අනුහසින් නිම වේවා !!!!
තුසිත රාජපක්ෂ මහතා – ප්රංශයේ සිට ලියයි …
🌷 සුරලොවක් වූ විසාලා මහ නුවර ප්රේත භවනක් බවට පත්වීම. 🌷
🌻 සුරලොවක් වූ විසාලා මහා නුවර
මේ විසාල නුවර අප භාග්යවතුන් වහන්සේ ලොව පහළ වුණායින් පස්සේ මහත් යසඉසුරින් සපිරුණ. එහි රජවරුම හත්දහස් හත්සිය දෙනෙක් රජකම් කළා. එසේම යුවරජවරු, සේනාපතිවරු, භාණ්ඩාගාරික තනතුර දරන්නෝ ද ඊට සාපේක්ෂව සිටියා. ‘ඒ කාලයෙහි විසාලාව යසඉසුරින් පිරුණු බොහෝ ජනගහණයෙන් යුතු නිති මිනිසුන් ගැවසෙන ආහාර සුලබ වූ හත්දහස් හත්සිය සතක් පහයෙන්ද එපමණක්ම වූ කුළුගෙවලින්ද මල්පලතුරු උයන්වලින්ද එපමණ පොකුණුවලින්ද යුතු කිසියම් කෙනෙකෙට යටත් කල නොහැකි මහා විශාල රාජධානියක් ලෙස වැජඹුනා.
( තුසිත රාජපක්ෂ මහතා ප්රංශයේ සිට ලියයි. )
🌻 විසාලා මහා නුවර දක්වා බුදුරජුන් රැගෙනයාමට සරසනු ලැබූ නව්කාව
එතැන සිට විසාලා නුවර දක්වා යෑමට නියමිතව තිබුනේ ගොඩබිමින් නෙවෙයි. ගංගානම් නදිය මතින් නාවිකයන් හා සමග. ඒ වනවිටත් ඒ සඳහා සියළු ආකාරයෙන්ම අලංකාර වූ නැවක් සකසා භාග්යවතුන් වහන්සේව ඒ අලංකාර නැව්කාව වෙත වැඩම කරවාගෙන යාම සඳහා සියලු කටයුතු බිම්බිසාර රජතුමා විසින් සකස් කරලයි තිබුණේ. ඉතාම ගෞරවයෙන් රජතුමා ඇතුළු පිරිස භාග්යවතුන් වහන්සේව නව්කාව වෙත වැඩම කරවනු ලැබුවා. මේ සියලු වත්පිළිවෙත් මෙලෙස පිළියෙළ කොට සියල්ලන්ම උන්වහන්සේට පෙරගමන් කරව යි විසල්පුර වාසීන්ට පණිවුඩයක් යැවුවා. ඒ විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ සමග යාමට රජතුමාත් එකතුවුනා. හරිම පුදුමයි එකල රජවරු මිත්රත්වයෙන් මනුෂ්යත්වය වෙනුවෙන් කටයුතු කල ආකාරය.
🌻 පසුගිය ලිපියෙන්.
යක්ෂ භූත නොමිනිසුන් පලාගිය කෙණෙහිම මිනිස් සිරුරුවල රෝග සංසිදී ගියා. නිරෝගී සුව ලැබූ ජනතාව පැමිණ සියළු සුවදමලින් භාග්යවතුන් වහන්සේ පුදනු ලැබුවා. මහජනයා නගර මැද පිහිටි රැස්විම්හල සියළු සුවද තවරා වියන් බැද සියළු අලංකාරයෙන්ම සරසා එහි බුදුරජාණන් වහන්සේට අසුනක් පණවා වැඩම කරවුවා. භාග්යවතුන් වහන්සේ රැස්වීම්හලට පිවිස පණවන ලද අසුනෙහි වැඩසිටියා. සංඝයා වහන්සේද රජවරුද නගරවාසීහුද සුදුසු පරිදි ඉඩ ඇති තැන්වල අසුන්ගත්තා. සක්දෙව්ද දෙව් පිරිස සමග අසලින් අහසෙහි රැඳී සිටියා. වෙනත් දිව්යතල වල දෙවියෝද පැමිණ සිටියා. ආනන්ද තෙරණුවෝ ද මුළු විසාලාවෙහිම සැරිසරමින් රැකවරණය සලසා නගරවාසීන් ද සමග පැමිණ එකත්පස්ව වැඩ සිටිය. එහිදී භාග්යවතුන් වහන්සේ සියල්ලන්ටම ඒ රතන සුත්රයම නැවත වරක් දේශනා කරනු ලැබුවා.
🌻 රතන සුත්රයේ කෙටි අරුත.
අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ අවසානයේ රැස්වූ දෙව්මිනිසුන් ඇතුළු සියලු පිරිස් සඳහා මෙම සුත්ර දේශණාව නැවත වරක් දේශණා කරනු ලැබුවා. එහෙත් ඒ අප අද කියවන කෙටි අරුතෙන් නෙවෙයි. අසුහාරදහසක් දෙනාට ධර්මය අවබෝධ කරගැනීමට හැකි ගාම්භීර මෙන්ම ප්රඥාඇස විවර කරගැනීමට හැකිවන දේශනාවක් ලෙසින්. ඒ නිසා මෙම සුත්ර දේශනාව ප්රධාන අනුහස් තුනකින් සමන්විතයි කියලා මට හිතෙනවා. එහි පළමුවැන්න රෝගබිය සහ දුර්භික්ෂ බිය පහකිරීමයි. දෙවැන්න අමනුෂ්ය බිය පහකිරීමයි, ඒ සියල්ලම තාවකාලික ආශීර්වාද. එහෙත් අවසන් ආශීර්වාදය තමයි සංසාර රෝග බිය සදහටම දුරුකරලිම. එනම් නිවන් සාක්ෂාත් කරදීම. එමනිසා මෙම සුත්ර දේශණාව එවැනිම ගැඹුරු අර්ථයකින් අවබෝධකරගත යුතුනම් ඔබ අනිවාර්යයෙන්ම පණ්ඩිත විශාරද පින්වත් ධර්ම කථික භික්ෂුන් වහන්සේ නමකගේ දේශනයකට සවන්දිය යුතුමයි.
පසුගිය ලිපියෙන්
සක්දෙව් මෙසේ මෙම ගාථා තුන කියා භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට දෙව් පිරිස සමග දෙව්පුරයටම ගියා. බුදුරජාණන් වහන්සේ ඒ රුවන් සුතුරම දෙවන දිනයෙහිද දේශණා කරනු ලැබුවා. එදිනද නැවතද අසූහාර දහසකට දහම් අවබෝධ වුණා. මේ අයුරින් සත්දිනක්ම රතන සුත්‍රය දේශනා කලා. ඒ ඒ දිනවල දේශණාව අවසානයෙහි පෙර පරිදිම පිරිස් දහම් අවබෝධයට පැමිණියා.
සක්දෙවූ රජගෙන් රතන සුත්‍රයට එකතු වූ අවසාන ගථා තුන.
ඉහතින් කි පරිදි සක්දෙවිදු භාග්‍යවතුන් වහන්සේ විසින් තෙරුවන් ගුණය පිහිටුවමින් එහි සත්‍ය සහතික කොට පැවසීමෙන් නගරය සුවපත් කරන ලදැයි සිතා මා ද නගරයෙහි හිතසුව පිණිස තෙරුවන් ගුණය පිළිබදව යම්කිසිවක් කිවයුතු යැයි අවසානයේදී යානිධ භූතානි ආදී අවසාන ගාථා තුන පවසා භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට දෙව් පිරිස සමග දෙව්පුරයටම ගියා.
යානීධ භූතානි සමාගතානි
භුම්‌මානි වා යානි ව අන්‌තලික්‌ඛෙ
තථාගතං දෙවමනුස්‌සපූජිතං
බුද්‌ධං නමස්‌සාම සුවත්‌ථි හොතු.
පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද (අපි) දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජාණන් වහන්සේ නමදිමු. (සත්ත්වප්‍රජාවට) සෙත් වේවා.
Read More