
🌷 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 07 🌷
🌻 දීපංකර බුදුරජාණන් වහන්සේ ලොව පහළවීම.
මේ කාලය තුල දීපංකර බෝධිසත්වයන් වහන්සේ වැඩ සිටියේ තුසිත දිවිය ලෝකේ දෙවු සැප විඳිමින්. නිසි කාලය පැමිණි කල දස දහසක් සක්වළ දෙවිවරුන් පැමිණ දීපංකර බෝසතානන්හට “මහා වීරයාණනි, මේ ඔබට බුදුවීමට කාලයයි”. මවු කුස ඉපදී දෙවු මිනිසුන් සසර දුකින් එතෙර කරන මෙන් ආරාධනය කරන්නට වුනා. ඒ බෝසතාණන් වහන්සේද එම ආයාචනය එක්වර පිළිනොගෙන පස්මහ බැලුම් බලා එය සුදුසු කාලයම බව දැන දෙවිවරුන්ට ප්රතිඥා දී දෙවිවරුන් ව පිටත් කොට තුසිත දෙවියන් විසින් පිරිවරන ලදුව තුසිත දෙව් ලොව නන්දන නම් වනයට පිවිසියා. සියලු ම දේව ලෝකවල නන්දන වනයක් ඇතයි කියනු ලැබේ. එහිදී දෙවියෝ “මෙයින් චුත ව සුගතියට යන්න, මෙයින් චුත ව සුගතියට යන්න” යැයි කරන ලද කුසල් සිහිගන්වමින් එහි ඇවිදිමින් ම චුත වුනා.