Skip to main content
Monthly Archives

December 2015

ඇරඹුමක ආරම්භය (ලෝක විනාශය සිදු වන ආකාරය)

By සිරි සදහම් ( Dhamma) No Comments

මින් වසර 2600 කට පෙර ලෝ වැසි සියලු සතුන් දුක් විඳින සසර කතරට අමා වැසි වැස්සවූ මහා කරුණාවෙන් ලොව අග්‍ර වූ මෛත්‍රියෙන් ලොව තෙමූ, කල්ප ගණනක් ඇවෑමෙන් ලොවට පහළවන ශාස්තෲවරයෙක් සිව්රඟ සෙනගින් පිරිපුන් මාර බලය බිඳ දමා පහළ වූ සේක් ද ඒ සිද්ධාර්ථ ගෞතම නම් වූ මේ මහා භද්‍ර කල්පයෙහි සිව්වනුව බුදු පදවිය ලැබූ ශාස්තෲවරයාණන් වහන්සේගේ ලොව පහළ වීම සිදු විය. හේ කෙසේද යත්;

දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රථම නියත විවරණය ලැබ දාන, සීල, නෛශ්කම්ම ආදී දස පාරමී, උපපාරමී, පරමත්ත පාරමී නම් තුන් අයුරින් සම්පාදනය කොට අවසන් වශයෙන් පාරමී දම් සපිරීම වෙසතුරු ආත්මයේදී සිදුකොට නමුලොවින් ඉවත්ව දෙව් ලොව බිහිව සුදුසු කල්හි පස්මහ බැලුම් බලමින් දෙවියන්ගේ ආරාධනය පිළිගෙන සුදොවුන් මහ රජුට පුත් රුවනක් වෙමින් සිද්ධාර්ථ නමින් ඉපිද නිසි වයස් එළඹී කල්හි යසෝදරාවගේ අත ගෙන උපතින් විසිනව (29) අවුරුද්දක් සම්පූර්ණ වූ, තම ලෙයින් ජාතක වූ රාහුල කුමරුන්ගේ ජන්ම දිනය දා ගිහි සම්පත්, රජ සම්පත් හැර දමා අභිනික්මන් කොට සයාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට එයද අතහැර දමා මැදුම් පිළිවෙතින්, සුජාතාව දුන් කිරිපිඬු වළඳාඅ හිස් පාත්‍රය උඩුගඟ බලා ගමන් කරන අයුරු දැක තම අභිප්‍රාය සාර්ථක වනු දැන සොත්තිය බමුණානන් විසින් පුදන ලද කුස තන මිටි අට අජපල් නම් නුග රුක මුල එලා සකසාගත් ආසනය මත භාවනා ඉරියව්වෙන් හිඳ සසර භාවිත කළ සියලු භාවනා අරමුණු නැවත සිහි කරමින් අවසාන ආනාපාන සති භාවනා අරමුණ සිත රඳවමින් හුන් කලිහි සියලු විදර්ශනා ඥානයන් උපදවා සියලු සන්තානගත කෙලෙස් මුල් උදුරා සර්වඥතා ඥානය උපදවා ලොවට මෛත්‍රියේ මූර්තිය පහළ විය.

Read More

හිංසාවේ රාත්‍රිය …

By සිරි සදහම් ( Dhamma) No Comments

අද ජනවාරි පළවැනිදා. වසරක්‌ ගෙවිල වසරක්‌ ලැබුව දවස. වසරක්‌ ගෙවීගියාය කියන්නෙ අපි කාටත් ජීවත්වෙන්න තිබෙන කාලයෙන් වසරක්‌ අඩු වුණාය කියන එක. ඒ කියන්නෙ මරණයට වසරකින් ලංවණාය කියන කාරණය. මේ කොයි පැත්තෙන් බැලුවත් අවංකවම සතුටු වෙන්න දෙයක්‌ මෙතැන නැහැ. නමුත් ගෙවීගිය වසරේ පිංවත් ඔබ අප්‍රමාදීව ධර්ම මාර්ගයේ ගමන් කළානම් ලැබුවා වූ වසරේ ඊටත් වඩා ශක්‌තිමත්ව ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන අධිෂ්ඨානය ඔබ තුළ ඇතිවුණානම් එතන තිබෙන්නෙ අර්ථවත් සතුටක්‌. ඒ වගේමයි ගෙවීගිය වසරේදී දාන, ශීල, භාවනා කටයුතුවලදී ප්‍රමාදභාවයට පත්වුණා, නව වසරේදී මා අප්‍රමාදීව කටයුතු කරනවාය කියන අධිෂ්ඨානයද සතුටට හේතුවක්‌මයි. වසරක්‌ ලැබුව අවස්‌ථාවක පිංවත් ඔබට ජීවිතයේ තැබිය හැකි ලොකුම බලාපොරොත්තුව තමයි මේ වසර තුළදී මා සතර අපායෙන් නිදහස්‌ වීමට උපරිම උත්සාහයක නියෑළෙනවාය කියන බලාපොරොත්තුව. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැවිදි පක්‍ෂය විසින් ගිහි පක්‍ෂයට, දෙමාපියන් විසින් දරුවන්ට, ගුරුවරුන් විසින් ශිෂ්‍යයන්ට, කෙනකු විසින් තව කෙනකුට සමාදන් කරවිය හැකි උතුම්ම ත්‍යාගය, දායාදය සතර අපායෙන් මිදීමේ මාර්ගය පහදාදීමය, සමාදන් කරවීමය කියලා.

Read More

නූතන ආර්ථික ගැටලුවලට හොදම පිලිතුර ඇත්තේ බුදු දහම තුලයි …

By සිරි සදහම් ( Dhamma) No Comments

උපන්නා වූ අකුසල් දහම් පිරිහවන, නූපන්නා වූ කුසල් දහම් උපදවන ධර්මතාවයක් වන ‘අප්පිච්ඡතාවය’ මහත් වූ අර්ථය පිණිස පවත්නා බව අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ කියැවේ. සද්ධර්මයේ චිරස්ථිතිය පිණිස (ඨිතියා) අවිනාශය පිණිස (අසම්මොසාය) අතුරුදහන් නොවීම පිණිස (අනන්තරධානාය) පවතින ධර්මතා අතරින් අප්පිච්ඡතාවය ද එක් ධර්මතාවයකි. එනිසා අල්පේච්ඡතාව ලාභයන් අතුරෙන් උතුම් ලාභයක් බව (අද්ධමිදං භික්ඛවෙ ලාභානං යදිදං අප්පිච්ඡතා) බුදුහු දෙසූහ.

අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා සහ අප්පිච්ඡතා යනුවෙන් ඉච්ඡාවේ ප්‍රභේද සතරකි. තමාට ලැබුණ දේ අගය නොකෙරෙන, අනුන්ට ලැබෙන දේ අගය කෙරෙමින් එය තමන්ට වේවායි. පතන මානසික ස්වභාවය ‘අත්‍රිච්ඡතා’ නම් වේ. ‘පාපිච්ඡතා’ යනු තමා තුළ නැති ගුණ පෙන්වන සහ පිළිගැනීමෙහි (පරිභෝජනයෙහි) පමණ නොදත් (අධික) මානසික ස්වභාවයයි. තමා තුළ ඇත්තා වූම ගුණ පවසන හා තමා තුළ ඇති ගුණ අනුන්ට පවසන, අධි පරිභෝජන ස්වභාවය ‘මහිච්ඡතා’ නම් වේ. මහිච්ඡතාවයෙන් යුතු පුද්ගලයා සෑහීමකට පත් නොවන්නෙකි. කාම සම්පත් විඳීමෙහි ‘අති‍ෙත්‍ථා තණ්හා දාසො’ අතෘප්තිමත් ව තණ්හාවෙහි දාසයෙක් වේ. ගිනි ගොඩකට හා මහා සමුද්‍රයට මහච්ඡතාවයෙන් යුතු පුද්ගලයා උපමා කෙරේ. කොපමණ ලැබුණත් ඔහුට ඇතිවීමක් නැත.

Read More

උපාලි කථා වස්තුවෙන් හෙළිවන බුදු දහමේ නම්‍යශීලිත්වය …

By සිරි සදහම් ( Dhamma) No Comments

උපාලි ගෘහපති වැනි පුද්ගලයකු තම ශ්‍රාවකයකු බවට පත්වුණා යන කරුණ ඒ යුගයේ ඉන්දියාවේ ඇතැම් ආගමිකයන් පෙරහර පවත්වමින් නගරවල වීථි පුරා උද්ඝෝෂණය කරමින් යන්නට තරම් ප්‍රබල හේතුවක් වුණා. බුදුරජාණන් වහන්සේ එවැනි පුද්ගලයකු දාර්ශනිකව නිවැරැදි මාවතට ගෙනාවත් තමන්ගේ ශ්‍රාවකයකු බවට පත්කරගෙන තමන්ගේ පිරිස වැඩිකිරීමේ අපේක්‍ෂාවක් කිසි ලෙසකින් වත් තබා නොගත්තු උදාර ගුරුවරයකු ලෙසයි අප දකින්නේ.

වසර තිහකට අධික කාලපරිච්ඡේදයක් තුළ සමස්ත ලංකා සමාජයම භීතියට පත්කරමින් ආර්ථිකමය වශයෙන්ද විශාල බිඳවැටීමකට ලක්කරමින් තිබුණු ත්‍රස්තවාදී යුද්ධය අද අවසන් වී තිබෙනවා. දැන් ඔබට අවශ්‍යකරන්නේ ඔබගේ රට ඔබගේ අනාගතය නිවැරැදිව ගොඩනඟා ගැනීමයි. ඒ සඳහා අවශ්‍යකරන මගපෙන්වීම බුදුසමය තුළින් ලබාගත යුතු බවයි අප කල්පනා කරන්නේ.

විශේෂයෙන්ම ලෝකයේ විවිධ ජාතීන් අතර ආගම් අතර ගැටුම් ඇතිවීම උදෙසා ප්‍රබල ලෙස ඉවහල් වන හේතුවක් වන්නේ එකිනෙකාගේ අනන්‍යතාවන්ට ආගමික අනන්‍යතාවන්ට සංස්කෘතික අනන්‍යතාවයන්ට වාර්ගික අනන්‍යතාවයන්ට ගරු නොකිරීමයි. විශේෂයෙන්ම බුදුසමය වැනි දහමක් පිළිපදින කරන අප ඉතිහාසය පුරාමත් අන්‍ය මත ඉවසන අන්‍ය සංස්කෘතීන් ඉවසන අන්‍ය ආගමික සංකල්පයන් ඉවසන උපේක්‍ෂා සහගත ජාතියක්.

Read More

සක්‌වල කෝටි ලක්‍ෂයකට ආනුභාව පැතිර වූ පිරිත් දේශනා …

By සිරි සදහම් ( Dhamma) No Comments


සිදුහත් බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වී වසර 2600 ක්‌ සපිරෙන මේ මොහොතේ අපගේ විශේෂ අවධානය යොමු විය යුත්තේ උන්වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳවය. පසුගිය සතියේ සිදුහත් කුමරුන්ගේ ජන්ම පත්‍රය පිළිබඳව සාකච්ඡා කළෙමු. බුදුවීමෙන් අනතුරුව උන්වහන්සේ 45 වසරක්‌ මුළුල්ලේ දේශනා කළ ධර්මය පරමාර්ථ කරගෙන ඇත්තේ සත්‍යාවබෝධය හෙවත් නිවන කෙරෙහිය. බෞද්ධයාගේ ඒකායන අරමුණ වූ නිවන සාක්‍ෂාත් කරගැනීමට උත්සුක වන ගිහියා ඊට සමගාමීව ගිහි ජීවිතයට බලපාන ආර්ථික සමෘද්ධිය ඇතිකර ගැනීම ඇතුළු දහසකුත් ප්‍රශ්න විස¹ගැනීමට බැඳී සිටී.

ජ්‍යෙdතිර්විද්‍යාව අවශ්‍ය වන්නේ ඒ සඳහාය. ජීවිතයේ විවිධ ඉලක්‌ක කරා යන ගමනේදී සතුරු කරදර, රෝග පීඩා, අණවින,හදි හූනියම්, අමනුෂ්‍ය උපද්‍රව, ධනහානි, චිත්ත පීඩා ආදී විවිධ කරදර බාධාවලට මුහුණ පෑමට සිදුවන්නේය. මේ කරදර බාධා සෙනසුරු ඒරාෂ්ටක අපලය හා විවිධ පාපග්‍රහ බලපෑම් සිදුවන කාලය අනුව කල් ඇතිව දැනගත හැකිය. ඒවායින් මිදීම සඳහා නවග්‍රහ පූජා, කවච ගායනා කිරීම, සෙත්කවි, දේව පූජා, මන්ත්‍ර යන්ත්‍ර, තන්ත්‍ර බලි තොවිල්, යාග හෝම ආදී විවිධ ශාන්තිකර්ම නිර්මාණය වී තිබේ. මෙවැනි අපල උපද්‍රවවලින් මිදීමට අප බුදුරජාණන් වහන්සේ පිරිත් දේශනා කර තිබේ. නොවරදින බෞද්ධ ශාන්ති කර්මයක්‌ ලෙස පිරිත හඳුන්වාදිය හැක්‌කේය.

Read More

මනෝකාය හදුනාගනිමු.

By සිරි සදහම් ( Dhamma) No Comments

පින්වත් යාලුවනේ මනෝකාය කියන වචනය අපිට ටිකක් නුහුරු උවද මනෝකායික ඍද්ධි ක්‍රියානම් බොදුනුවන් වන අපිට අලුත් දෙයක් නෙවෙයිනෙ. බුදු දහම තුල මනෝකාය කියන සංකල්පය පටන් ගන්නෙ බුදුවීමෙන් තුන්වන සතිය ගතකල රුවන සක්මනේදීයි. ඒ ලෝකනාථයන් වහන්සේ කමන් වහන්සේ හා සමාන තවත් බුදුවරයෙක් මවා සක්මන් කල බව අපි අසා තියෙනව නේද? බුදුපියාණන් වහන්සේ ගන්ඩබ්බ අඹ රුක මුලදී ප්‍රාතිහාර්ය පාන වෙලාවෙ තවත් බුදුවරයෙක් මවල ඒ ඒ බුදු හාමුදුරුවො ප්‍රශ්න අහද්දි මගෙ බුදු හාමුදුරුවො උත්තරදුන්න කථාව අහල තියෙනව නේද? බුදුහාමුදුරුවො බණ කිය කියා ඉද්දි .ව තැන් වලට වැඩම කල අයුරු අහල තියෙනව නේද? ඒ මනෝ සිරුරනෙ. දැන් ඔය කරණීයමෙත්ත සූත්‍රය කියන්න හේතුවෙච්චි භික්ෂූන් වහන්සේලා අන්තිමට සූත්‍රය කියල රුක් දෙවියන්ගේ උවදුරු නැතිව භාවනා කරද්දි ශරීරයේ අනිත්‍ය තාව දැක්ක වෙලේ ආ‍ලෝක ධාරාවක් විහිදුවල බණ පදයක් කියල රහත් බවට පත්කලානෙ. නමුත් බුදුහාමුදුරුවො දෙව්රම් වෙහෙරෙ ඉදලයි ඒ ආලෝක ධාරාව යැව්වෙ. ඉතින් අර සුවාමීන් වහන්සේලාට සැනුනෙ බුදු පියාණන් වහන්සේ වඩිනව වගේනෙ. මුගලන් මහ රහතන් වහන්සේ මොනතරම් ඍද්ධ් පෑවද මනෝ සිරුරින්. මනෝ සිරුරු මවන්නන් අතර අග තනතුරු දැරවෙ කවුද? චුල්ල පන්ථක හාමුදුරුවොනෙ. මම කලින් ලිපික් පලකරල තියෙනව චුල්ල පන්ථක හාමුදුරුවො ගැන. බලන්නකො ඒකත් කියවල.

අපේ භෞතික ශරිරය තුල ඊට සමාන්තරව පවතින අද්‍රෂ්‍යමාන සියුම් සිරුරක් මරණයෙන් පසු පවා ක්‍රියාත්මක වන බවත්, අපේ මාංශයමය සිරුරට හේතු වූ හෞතික සහ මානසික ශක්තිය මත ක්‍රියාත්මක මේ සිරුර අපේ ශක්ති ශරිරය ලෙස හැඳින්විය යුතු බවත් , අධිමානසික විද්‍යාවෙහි ද පිළිගැනේ. ඈත අතීතයේ සිටම ශුද්ධවන්තයන්ගේ හා මුනිවරයන්ගේ හිස සහ සිරුර වටා සලකුණු කළ ප්‍රභා මණඩලය මෙවැනි ශක්ති ශරිරයක සේයාව විය හැකිය.

Read More

බුදුන් වහන්සේ දේශනා කළ වෛද්‍ය විද්‍යාවේ මූල ධර්ම …

By සිරි සදහම් ( Dhamma) No Comments


බටහිර වෛද්‍ය විද්‍යාව සහ තාක්ෂණය ඉතා දියුණු මට්ටමක පවතින බවත් ඉන් ලෝකයාට අත්වන යහපත් ප්‍රතිඵලත් පිළිබඳ අද වන විට ලෝක ප්‍රජාවම දැනුවත්ය.

බටහිර වෛද්‍ය විද්‍යාවට සහ තාක්ෂණයට සමගාමීව බුදුදහම ද ලෝකය පුරා ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වේ.
බටහිර වෛද්‍ය විද්‍යාව සහ බුදු දහම එකිනෙකට බැඳී පවතින්නේ අද ඊයේ නොවේ. එහි විස්තර කෙරෙන කරුණු කාරණා පිළිබඳ බුදුරජාණන් වහන්සේ මැනවින් වදාළ සේක.
බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස හඳුන්වන්නේ හිපොක්‍රටිස්ය. ඔහු ක්‍රි.පු.460 දී පමණ තුර්කියානු මුහුදු තීරයේ ඉපදී පසුව ග්‍රීසියට ගොස් තම වෛද්‍ය පරීක්ෂණ පැවැත්වූවේය.
ඔහුගේ ඉගැන්වීම් අතර පහත සඳහන් කාරණා විශේෂ ස්ථානයක් ගනියි. ඉන් පළමුවැන්න ලෙස දේව කෝපය, අමනුෂ්‍ය දෝෂ ප්‍රතික්ෂේප කර, රෝග නිධානයට හේතුව සිරුරේ ක්‍රියාකාරීත්වය සහ පරිසරයේ විෂමතාව මත බලපාන බව පෙන්වා දීමයි. දෙවැන්න ලෙස වෛද්‍යවරයකු තුළ තිබිය යුතු ගුණාංග ආචාර ධර්ම පද්ධතියක් ලෙස හිපොක්‍රටිස් දිවුරුම ඉදිරිපත් කිරීමද තෙවැන්න ලෙස රෝග සුවවීම සහ උත්සන්න වීම සඳහා රෝගියාගේ මනස බලපාන බව පෙන්වා දීමයි.
“හිපොක්‍රටිස්’ පෙන්වා දෙන මේ මූලධර්ම අප මහා බුදුරජාණන් වහන්සේ ක්‍රි.පූ. 560 ටත් පෙර අනාවරණය කරන ලදී. උදාහරණයක් ලෙස අංගුත්තර නිකායේ පංචක නිපාතයේ ගිලානෝපට්ඨාන සුත්‍රයේ සඳහන් ගිලනුන්ට උපස්ථාන කරන්නකු සතුව තිබිය යුතු ගුණාංග මෙහිදී සැලකිය හැකිය.

Read More

ලොව පළමු වරට ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණය යොදාගත් විශ්මිත සන්නිවේදකයාණෝ …

By සිරි සදහම් ( Dhamma) No Comments

පින්වත් යාලුවනේ අද අපි බුදු හිමියන් පිලිබදව තවත් පැත්තක් කථා කරන්නයි මේ හදන්නෙ.
අපි අද වනවිට තාක්ෂණික අතින් ඉතාම ඉහල තැනකයි ඉන්නෙ. ( අපි හිතන්නෙ එහෙමනෙ) විශේෂයෙන්ම රූපවාහිනිය, ගුවන් විදුලිය, දුරකථනය පමණක් නොවෙයි අද පරිගණකය අපිට සුවිශාල සේවයක් සපයනව. විශේෂයෙන්ම සජීවී ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් යොදාගනිමින් සිදු කරන සන්නිවේදන ක්‍රියාවලිය විශිෂ්ඨ ප්‍රතිඵල ලබා දීල තියෙනව. ආතර් සී ක්ලාක් මහතා පුරෝගාමී උන චන්ද්‍රකා තාක්ෂණය නිසා අපිට දුරස්ථ සන්නිවේදනය පහසු වෙලා ලෝකය අතඹුලක් බවට පත් කරල තියෙනව. හරිම විශ්ම ජනක විදිහට. මේවට විද්‍යාඥයො සුවිශාල විද්‍යාගාර වල මේ මොහොතෙ පවා පර්යේෂණ කරනව ඇති. නව විද්‍යාත්මක භාණ්ඩ ලොවට හදුන්වා දෙන්න.
එහෙත් පින්වත් යාලුවනේ භෞතික වශයෙන් ගත් කල ඉතාම පුංචි වූද ආධ්‍යත්මික වශයෙන් ගත්කල විශ්වය තරම් අපරිමාණ වූද විද්‍යාගාරයක් වූ සම්බුද්ධ ශීර්ෂය තුල මේ මුලු විශ්වයම කළඹන තාක්ෂයක් තිබුන බව ඔබ දන්නවද? ඒව විස්තර කරන්න ගියොත් අපිට මේ අන්තර්ජාලයේ තියෙන වෙබ් ඉඩ මදිවෙයි. අනිත් කාරනේ අපිට ඒ තාක්ෂනය ගැන කියන්න තියා හිතන්න ගියත් ඉවරයක් කරන්නනම් බෑ.
නමුත් බුදු හිමියන් යොදාගත් ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණය පිලිබද ඉතාම සුලු හැදින්වීමකටයි මම උත්සාහ කරන්නෙ.
පින්වත් යාලුවනේ අපේ බුදුහාමුදුරුවො හරිම පුදුම කෙනෙක්. උන්වහන්සේ ධර්මය දේශනා කර කර ඉද්දි අනිත් අයට නොපෙනෙන්න බුදු රුවක් මවල ඉවත් වෙච්ච අවස්ථා තියෙනව. ඔය මාතෘ දිව්‍යරාජයට අභිධර්මය මාස තුනක්ම එක දිගට දේශනා කරල තියෙනවනෙ. ඒ කාලය තුල බුදු හිමියන් බුදු රුවක් මවලයි පිඩු සිගා වැඩියෙ. හරිම පුදුමයි නේද? බුදු හිමියන් අනවතප්ත විල ලගට වැඩල පිණ්ඩපාතෙ වලදල සැරියුත් හාමුදුරුවන්ටතත් බණ කියල විවේක අරගෙන තමයි ආයිත් තව්තිසාවට වඩින්නෙ. හෙමින්ම අර බුදුරුව අතුරුදන් වෙලා බුදුහිමියන් නැවත එකන අසුන් ගන්නව. ඒ විතරක් නෙවෙයි අඛණ්ඩව ධර්මය දේශනා වෙනව. මොන පුදුමයක්ද මේ. මේ බව අල්පේශාක්‍ය දෙවියන්ට දැනෙන්නෙවත් නැතිලු. මහා ඍද්ධිබල සම්පන්න දෙවියන්ට යන්තම් ඉගියක් දැනෙනවලු. එච්චරයි.
ඉතින් අපේ බුදුහාමුදුරුවො හරියටම ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණය යොදා ගත් අවස්ථාවක් ඔබ දන්නව. ඒ නන්ද හාමුදුරුවන් දෙව්ලොව රැගෙන ගිය අවස්ථාව.

Read More

හෙළ කුල කත කොහි ගියාද?

By සිරි සදහම් ( Dhamma) No Comments

පසුගියදා කාන්තා දිනය මහ ඉහළින් පවත්වන ලදී. කාන්තාවගේ අයිතීන් ලබා ගැනීමට හා පුරුෂ පක්‍ෂය කරන සෑම දෙයක්‌ම, ක්‍රියාකාර කමක්‌ම, ඒ වනිතාවන්ටත් කළ හැකි බවටත්, ගෘහස්‌ථ හිංසනයද, සිදුවෙන සමාජ අසාධාරණකම් පිළිබඳවත්, කරුණු සාකච්චා කිරීම ඉතා අගනේය. ජනමාධ්‍ය තුළින්, මේවා අසන්නට දකින්නට ලැබුණි. සමහර අය විවිධ ආකාරයෙන් පාරම් බෑහ.

ඒ වෙනුවෙන් කිසිවකුගේ විරුද්ධත්වයක්‌ ද නැත. දියණියක්‌, සොහොයුරියක්‌, බිරිඳක්‌, නැන්දණියක්‌, මාතාවක්‌ (අම්මා කෙනෙක්‌), මිත්තනියක්‌, වන්නේද? මෙම කාන්තාවමය.

බුදුරජුන් සමයේ ඉන්දියාවේ බමුණු සමාජය, කාන්තාව ගැහැණිය, අවශ්‍ය වේලාවට වාදනය කිරීමට ගෙන බිත්තියේ එල්ලා තැබූ “වීණාවක්‌” ලෙස සළකමින්, ඇය වහළියක්‌ මෙන් තබා ගැනීමට මේ බමුණන් හැම විටම උත්සාහ කළහ.

බුදුරජාණන් වහන්සේ එම අසාධාරණත්වයට එරෙහි වෙමින් බමුණන්ගේ මේ පහත් ගතිය හෙළා දකිමින් කාන්තාවගේ ශේ්‍රෂ්ඨත්වය මතුකර පෙන්වා දෙමින් තුන් ලෝකයට තිලක වූ ශේ්‍රෂ්ඨ නම් වූ බුදු පදවිය (බුද්ධත්වය) හැරුණු විට තවත් බුදු පදවියක්‌ පෙන්වා දුන්සේක. ඒ උතුම් වූ මව් පදවියයි. අම්මා ගෙදර බුදුන් මෙන් හඳුන්වා දුන් සේක. විශාකා මහා උපාසිකාව ප්‍රමුඛ ගිහි කාන්තාවන්ද, සසුන එළිය කළ ෙ€මා, උත්පලවන්නා ආදී අග්‍ර ශ්‍රාවිකාවෝද වූහ. ශේ්‍රෂ්ඨතම කාන්තා චරිත අපේ ඉතිහාසයේද හමුවේ. ශ්‍රී ලංකාවට ශ්‍රීමහා බෝධි ශාඛාව වඩමවාගෙන පැමිණියේ සංඝමිත්තා මෙහෙණියෝය. දළදා වහන්සේට රැකවරණය දෙමින් තම හිසේ කෙස්‌ වැටියේ සඟවාගෙන ශ්‍රි ලංකාවට වැඩම කළේද “හේමමාලී” නම් ඒ උතුම් කාන්තාවය.

Read More

අවසන් මහ සටන …

By සිරි සදහම් ( Dhamma) No Comments

අදින් වසර දහස්‌ ගණනකට පෙර ත්‍රී සිංහලයේ, රුහුණු, මායා, පිහිටි යන ප්‍රධාන සීමාවලින් පිහිටි රටට අයත්වූ අනුරාධපුරය නම් ප්‍රධාන නගරය ආක්‍රමණය කර යටත් කර පාලනය ගෙන ගියේ එළාර නමැති ද්‍රවිඩ සෙන්පතියාය. පසුව ඔහු එළාර රජු ලෙස අනුරාධපුරයේ අභිෂේක ලැබීය.

දහස්‌ ගණනක්‌ වූ ද්‍රවිඩ හේවායන් හා දීගජන්තු වැනි ආක්‍රමණශීලී යෝධයන් ගැන ඇසීමෙන් සැලීමට පත්වූ අපේ රජවරු දකුණට වී සිටි අතර ඔවුන් උතුරේ වන කිසිදු දෙයක්‌ ගැන විමසිලිමත් නොවූහ. ඒ නිසාම ඔවුන් විජිතපුර සිට හක්‌වටුනා පෙදෙස දක්‌වාම කඳවුරු ඉදිකරමින් නිසි නින්දේ තම කටයුතු ගෙන ගියහ. රටවැස්‌සා කම්පාවට පත්වුණේ “අනේ අපේ රටට ගිය කල” යෑයි හඬාවැටෙමින්ය. මේ කාලපරිච්ඡේදයේදී රටේ වාසනාවට පහළව සිටි කාවන්තිස්‌ස රජුගේ පුත්· දුටුගැමුණු කුමරු එළාරගේ මේ ජාතිබ්‍රෂ්ඨ කටයුතු කිසිසේත් අනුමත නොකළ අතර, තම පියාගේ අනුශාසනා පවා ඉවතලමින් මේ අර අඳින්නේ අනුරාධපුර ආගමික රාජධානිය වනසන එළාර ප්‍රධාන ආක්‍රමණිකයන් පළවා හැරීමටය.

යුද්ධය ජයගැනීමට ලෙහෙසියෙන් හැකි නොවේ. ඒ සඳහා අතිවිශාල තරුණ භට හමුදාවක්‌ අවශ්‍යය. ඔවුන්ට තුන්වේල සඳහා ආහාර ඇවැසිය. ඒ සඳහා තම ආදරණීය මලනුවන් කැඳවූ ගැමුණු කුමරු· මලණ්‌ඩ තිස්‌සය· යන්න ඔබේ හිතවතුන් කැටුව· වෙල්ලස්‌ස ඔබ පිළිගැනීමට බලා හිඳී· ගොස්‌ පස පෙරළා අස්‌වනු රැස්‌කරන්න· අපේ රට නසන ආක්‍රමණිකයන් හා මම සටන් වදිමි· මට ඔබේ සහය ඉතාමත් අවශ්‍යයි· ඔව්· අදම මේ දැන්ම ඔබේ යුතුකම රට වෙනුවෙන් ඉටුකරන්න· තිස්‌ස මලණුවන් තම අයියණ්‌ඩියගේ හදවතට තම හදවත තබා තුරුළු කරගතිá “අයියණ්‌ඩියනි· මම ඔබේ අනුශාසනා පිළිගනිමි· මේ මහ සටනේදී සෙවනැල්ලක්‌ මෙන් ඔබට සහය දෙමි. දොසෝයුරන් එසේ පිළිසඳරේ යෙදී තම කටයුතු සඳහා ඉදිරි බැලීය.

Read More

error: Content is protected by www.ifbcnet.org.