Skip to main content
Monthly Archives

March 2015

විපස්සී බුද්ධ වංශය ( vipassi Buddha Wanshaya )

By බුද්ධ වංශය ( The Buddha wanshaya) No Comments

ඵුස්ස බුදුරදුන් ට පසු කාලයෙ හි පසැස් ඇති සියලු සතුන්ට උතුම් වූ නමින් විපස්සී නම් බුදුරජතෙම ලෝකයෙ හි උපන් සේක. සියලු අවිද්‍යාවන් නැතිකර දමා උතුම් සම්බුදු බව ට පැමිණි සේක් දම්සක් පැවැත්වීම ට බන්ධුමතී නුවර ට වැඩිය සේක.

ලොව ට නායක වූ බුදුරජතෙම දම්සක් පවත්වා බාල සොහොවුරු ඛණ්ඩකුමාර ද,  පුරොහිත බමුණු පුත් තිස්ස ද යන දෙදෙනා ට සිව්සස් අවබෝධ කරවී ය.   ගණනින් නො කිය හැකි අපමණ සත්ත‍වයන් ට පළමු ධර්මාවබෝධය වී ය.  නැවත ද අපමණ යසස් ඇති බුදුරජතෙම ඒ බන්ධුමතී පුරයෙ හි දී සිව්සස් දෙසූ සේක. එ දා අසූහාර දහසක්  දෙනෙකුන්ට දෙවන ධර්මවබෝධය වී ය.

අසූහාර දහසක් ජනයෝ සම්බුදුරජ අනුව පැවිදි වූ හ. ආරාමය ට පැමිණි ඔවුන් ට පසැස් ඇති බුදුරජතෙම දහම් දෙසූ සේක. Read More

සිඛී බුද්ධ වංශය ( Siki Buddha Wanshaya )

By බුද්ධ වංශය ( The Buddha wanshaya) No Comments

විපස්සී බුදුරදුන් ට පසු කාලයෙ හි සම්බුදු වූ දෙපා ඇති සතුන් ට උතුම් වූ අසම වූ “සිඛී” නම් ජිනරාජතෙම වී ය. මරසෙන් පරදවා උතුම් බුදුබව ට පැමිණි සේක් සත්ත‍වයන් ට අනුකම්පාකොට දම්සක් පැවැත්වූ සේක.

සිඛී මුනිඳු දම්සක් පවත්නා කල් හි කෝටි සියක් දහසක් දෙනෙකුන් ට පළමු ධර්මාවබෝධය වී ය.  නැවත ද මිනිසුන් ට උතුම් වූ ගුණයෙන් උතුම් වූ ඒ බුදුරජුන් දම් දෙසන කල් හි කෝටි දහසක් දෙනෙකුන් ට දෙවන ධර්මවබෝධය වී ය.

දෙවියන් සහිත ලෝකයා ට යමාමහ පෙළහර දක්වන කල් හි කෝටි අසූ දහසක් දෙනෙකුන්ට තුන්වන ධර්මවබෝධය වී ය. මහර්ෂී වූ සිඛී බුදුරජුන් ට ද, තාදී ගුණ ඇති සන්හුන් සිත් ඇති කෙලෙස් කිලිටු නැති කළ රහතන් වහන්සේලා ගේ සන්නිපාත තුනක් වූ හ.

ලක්ෂයක් භික්ෂූන් ගේ පළමු රැස්වීම වී ය. අසූ ලක්ෂයක් භික්ෂූන් ගේ දෙවන රැස්වීම වී ය. ජලයෙ හි වැඩෙන ලද පියුමක් මෙන් නො තැවරුනා වූ සැත්තෑ දහසක් භික්ෂූන් ගේ තුන්වන සමාගමය වී ය. Read More

වෙස්සභූ බුද්ධ වංශය ( Wessabhu Buddha Wanshaya )

By බුද්ධ වංශය ( The Buddha wanshaya) No Comments

එ ම මණ්ඩ නම් කල්පයෙ හි අසම වූ තමා ට සමාන පුද්ගලයෙක් නැත්තා වූ  නමින් වෙස්සභූ නම් වූ ලෝනා හිමිඳු උපන් සේක. ඒ කාලයෙ හි තණ්හාවන් පිළිබඳ නගරය රාග නමැති ගින්නෙන් දැල්වුනේ ය යි දැන සසර බැඳුම සිඳගෙන ඇත් රජෙකු මෙන් බුදුබවට පැමිණි සේක.

වෙස්සභූ බුදුරදුන් දම්සක් පවත්වන කල් හි කෝටි අසූ දහසක් දෙනෙකුන් ට  පළමුවන ධර්මාවබෝධය වී ය. ලෝදෙටු නරශ්‍රේෂ්ඨ බුදුරදුන් රටෙ හි සැරිසරා වැඩිය කල් හි කෝටි සැත්තෑදහසක් දෙනා ට  දෙවන ධර්මවබෝධය වී ය. උන්වහන්සේ මහා මිසදිටුව දුරු කරමින් යමාමහ පෙළහරක් කළ සේක.   දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝකයෙ හි දෙවි මිනිස්සු රැස්වු හ. පෙර නො වූ විරූ,  ලොමු දැහැගන්නා වූ මහ පුදුමය දැක සැට කෝටියක් දෙවියෝ ද මිනිස්සු ද සිවුසස් අවබෝධ කළාහු ය.

මහර්ෂී වූ වෙස්සභූ බුදුරජුන් ට තාදී ගුණ ඇති සන්සුන් සිත් ඇති කෙලෙස් කිලිටු නැති රහතුන් ගේ රැස්වීම් තුනක් වූ හ. අසූ දහසක් භික‍ෂූන් ගේ පළමුවන රැස්වීම වී ය. සැත්තෑ දහසක් භික‍ෂූන් ගේ දෙවන රැස්වීම වී ය.

මහර්ෂී වූ බුද්ධපුත්‍ර වූ ජරා මරණ ආදී භය නැති කළ සැට දහසක් භික්ෂූන් ගේ තුන්වන රැස්වීම වී ය. Read More

කකුසඳ බුද්ධ වංශය ( Kakusanda Buddha Wanshaya )

By බුද්ධ වංශය ( The Buddha wanshaya) No Comments

වෙස්සභූ බුදුරදුන් ට මෑතභාගයේ ද්වීපදොත්තම වූ අප්‍රමේය ගුණ ඇති ළඟාවිය නො හැකි නාමයෙන් කකුසඳ නම් වූ සම්බුදුන් වහන්සේ පහල විය.  සියලු පාරමිතාවන් ගේ කෙළවර ට පැමිණියාහු. භවය නසා මැඳිරිය බිඳ සිංහරාජයකු සෙයින් භවපඤ්ජරය නසා උතුම් සම්බෝධිය ට පැමිණිය හ.

කකුසඳ බුදුරදුන් දම්සක් පවත්වන කල් හි සතලිස්කෙලදහසක් සත්නට පළමු ධර්මාභිසමය විය. අන්තරීක්ෂ අවකාශයේ යමාමහ පෙළහර කොට තිස්කෙලදහසක් දෙව්මිනිසුන් ට ධර්මාවබෝධය කරවීය. නරදෙව් තෙම යක්ෂයාහට සිව්සස් දෙසීමේ දී උන්වහන්සේ ගේ තුන්වන ධර්මාභිසමය ගණනින් අසංඛෙය විය.

කකුසඳ භාග්‍යවතුන් වහන්සේ ට විගතමල වූ සන්හුන් සිත් ඇති තාදී ගුණ ඇති ක්ෂීණාශ්‍රවයන් ගේ එක සන්නිපාතයක් විය. එ කල් හි ආශ්‍රව නමැති සතුරුගණයා ක්ෂය කිරීමෙන් නිවන ට පැමිණි සතලිස්දහසක් රහතුන් ගේ සමාගමය විය.

මම ඒ සමයේ ඛේම නම් වූ ක්ෂත්‍රියයෙක් වෙමි. තථාගතයන් කෙරෙහි ද, බුද්ධපුත්‍රයන් කෙරෙහි ද, අනල්ප වූ දන් දී පාසිවුරු දී අඳුන් ය, වැල්මීකඩ ය, යන උතුම් වූ මේ සියල්ල පිළියෙළ කොට දුනිමි. Read More

කොණාගමන බුද්ධ වංශය ( Koṇāgamana Buddha Wanshaya )

By බුද්ධ වංශය ( The Buddha wanshaya) No Comments

කකුසඳ බුදුරදුන් ට පසු කාලයෙ හි සම්බුදු වූ දෙපා ඇති සතුන්ට උතුම් වූ ලොව ට උසස් වූ නරදෙටු “කෝණාගමන” නම් ජිනරාජතෙම පහල විය. දස පෙරුම් දම් පුරා සසර කතර ඉක්මවූ සේක. සියලු කෙලෙස් මල සෝදා හැර උතුම් සම්බෝධිය ට පැමිණි සේක.

කොණාගමන නම් ලෝනාහිමිඳු දම්සක් පවත්වන කල් හි කෝටි තිස් දහසක් දෙනෙකුන් ට පළමු ධර්මාවබෝධය වී ය. මිසදිටු වාද මැඩීමෙ හි ලා පෙළහර කරන කල් හි ද කෝටි විසි දහසක් දෙනෙකුන් ට දෙවන ධර්මවබෝධය වී ය.

අනතුරු ව පස්මරුන් දිනූ කෝණාගමන සම්බුදුරජතෙම විකුවර්ණ ඍධිය කොට දෙව්ලොව ට වැඩි සේක් එ හි පඬුපුල් සලස්නෙ හි වැඩහිඳි සේක. ඒ මුනිඳු ප්‍රකරණ සත දෙසමින් වස් විසී. කෝටි දස දහසක් දෙනෙකුන්ට තුන්වන ධර්මවබෝධය වී.

දෙවියන් ට දෙවි වූ ඒ බුදුරදුන් ට ද, තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, රාගාදී කිලුටු නැති රහතන් වහන්සේලා ගේ එක් සන්නිපාතයක් වී ය. ඒ කාලයෙ හි චතුරෝඝයන් ඉක්මවූ මරණය බිඳදමූ රහත් වූ තිස් දහසක් භික‍ෂූන් ගේ සමාගමය වී ය. Read More

කාශ්‍යප බුද්ධ වංශය ( Kassapa Buddha Wanshaya )

By බුද්ධ වංශය ( The Buddha wanshaya) No Comments

කෝණාගමන නම්  බුදුරදුන් ට පසු කාලයෙ හි සිවුසස් අවබෝධ කළ දෙපා ඇති සතුන් ට උතුම් වූ බැබළීම් ඇති කරන නමින් කාශ්‍යප නම් වූ දහම්රදතෙම පහල විය.

හැරදමන ලද කුලගෙය ද, මූල නම් අපමණ ධන රාශිය ද, බොහෝ ආහාර පාන ද, සිත් පුරා යාචකයන් ට දන් දී, ගාල බිඳගෙන යන ගව රජෙකු මෙන් උතුම් සම්බෝධිය ට පැමිණි සේක.

කසුප් ලෝනාහිමි දම්සක් පවත්වන කල් හි කෝටි විසි දහසක් දෙනෙකුන් ට පළමුවන ධර්මාවබෝධය වී ය.
යම් කලෙක කසුප් බුදුරජතෙම සිව්මසක් මුළුල්ලේ ලෝකයෙ හි සැරිසැරූ සේක් ද, ඒ කාලයෙ හි කෝටි දස දහසක් දෙනෙකුන්ට දෙවන ධර්මවබෝධය වී ය. යමාමහ පෙළහර කොට සර්වඥතාඥානය පළකළ සේක් ද, කෝටි පන්දහසක් දෙනෙකුන්ට තුන්වන ධර්මවබෝධය වී ය.

ජිනරාජතෙම සුදම් දෙව්සබය ඇති දෙව් පුරයෙ හි දම් දෙසූ සේක් ද, කෝටි තුන් දහසක් දෙවියන් ට ධර්මවබෝධය කළේ ය.
Read More

ගෞතම බුද්ධ වංශය (Gautama Buddha Wanshaya )

By බුද්ධ වංශය ( The Buddha wanshaya) No Comments
මේ කාලයෙ හි ශාක්‍ය කුලය වඩනා ගෞතම බුදුරජ වූ මම ප්‍රධාන වීර්යය කොට සම්බෝධිය ට පැමිණියෙමි.බඹහු විසින් අයදනා ලද්දේ දම්සක් පැවැත්වූයෙමි. අටළොස් කෝටියක් දෙනෙකුන් ට පළමුවන ධර්මාවබෝධය වී ය. ඉන් පසු ද දෙවි මිනිසුන් ගේ රැස්වීමේ දී දහම් දෙසන කල් හි ගණනින් නො කිය හැකි දෙනෙකු ට දෙවන ධර්මාවබෝධය වී ය. මෙ හි දී ම මම මේ කාලයෙ හි දී මාගේ පුතු ට අවවාද කෙළෙම් ද, ඒ කාලයෙ හි ගණනින් නො කිය හැකි  දෙනෙකුන්ට තුන්වන ධර්මාවබෝධය වී ය.



මට සීලාදී ගුණ සොයන ශ්‍රාවකයන් ගේ එක රැස්වීමක් විය. දෙදහස් පන්සියයක් පමණ භික‍ෂූන් ගේ රැස්විමක් විය.
බික් සඟන මැද බුදුසිරින් බබළන රාගාදී කිලුටු නැති මම සියලු කැමැති දේ දෙන මිණිරුවනක් සේ පතන ලද ලොවී ලොව්තුරු සියල්ල දෙමි. සිව් මග පල කැමතිවන භව ආසාව දුරුකරනු කැමැත්තවුන්ට අනුකම්පාකොට සිවුසස් දෙසුවෙමි. දසදහස් දෙනාට  විසිදහස් දෙනාට වරින්වර ධර්මවබෝධය වී ය. එක් අයෙකු ට දෙදෙනෙකු ට වූ ධර්මවබෝධය ගණන් නො කළ හැකි හෙවත් අසංඛ්‍යයකි.
Read More

මෛත්‍රී බුද්ධ වංශය ( Maithree Buddha Wanshaya )

By බුද්ධ වංශය ( The Buddha wanshaya) One Comment

( මෙම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රී බුදුරජාණන්ලොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳුන්වන්නේ කාලපරිච්චේදයක උපරිම, උසස් ම යන අරුත යි. එක් භූමියක හෙවත් පෘථිවිතලයක පහලවිය හැකි බුදුවරු උපරිම සංඛ්‍යාව පස්නමකැ යි දේශනා කර තිබේ. එය භද්‍ර කල්පය නමින් හඳුන්වයි. ඒ අනුව මේ පෘථිවි තලයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප සහ ගෞතම නමින් සම්මා සම්බුදුවරු සිව්නමක් මේ වනවිටත් පහල වී පිරිනිවී අවසාන ය. පස්වන සහ අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ ලෙස මෛත්‍රී බුදුන් ලොව පහල වන්නේ ය. මෛත්‍රී බුදුන් ගේ පිරිනිවීමෙන් කලකට පසු මේ පෘථිවි තලය විනාශ වී නැවතත් බොහෝ කාලයක ඇවෑමෙන් නැවත පොළවක් සකස් වන්නේ ය. ඉන්පසු ඇරඹෙන්නේ නව කල්පයකි. එ ම කාලය තුළ නැවත කොපමණ කල්ප ප්‍රමාණයකින් නැවත බුදුවරයකු උපදී දැ යි කීමට අපහසු ය. හේතුව බුද්ධ ශුන්‍ය කල්ප ඉතා අධික වීම යි. )

මෛත්‍රී බුදුන් පහලවන කාලය

මෛත්‍රී බුදුන් පහල වීම සම්බන්ධයෙන් අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධවංශ දේශනාව අවසානයේ දී සැරියුත් මහරහතන් වහන්සේ ගේ අයැදීම මත අනාගත වංශ දේශනාව වදාළ සේක. ගෞතම බුද්ධ ශාසනය සම්පුර්ණ වශයෙන් ලොවින් අන්තර්ධාන වූ පසු ක්‍රමක්‍රමයෙන් මිනිසුන් ගේ පරිහාණිය වර්ධනය වේ. ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමාණය ද, අඩුවෙමින් ගොස් අවසානයේ දසවර්ශය දක්වා පහත වැටෙන බව දේශනා කර ඇත. ඉන්පසු නැවත මිනිසුන් ගේ ගුණධර්ම ක්‍රමයෙන් වර්ධනය වන කාලයක් උදාවන බව ත් ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමානය ද, ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන බව දේශනා කොට තිබේ. අවුරුදු අසංඛ්‍යෙය ප්‍රමාණයක් දක්වා ආයුෂ වර්ධනය වන්නේ ය. ඉන් අනතුරුව නැවත ගුණධර්ම පිරිහී ආයුෂ ප්‍රමාණය අවුරුදු අසූදහසකට පැමිණෙන කාලයේ දී මෛත්‍රී බුදුරාජාණන් වහන්සේ ලොව පහල වන බව බුද්ධ දේශනාවේ සඳහන් ව ඇත.

උන්වහන්සේ ගේ පරමායුෂ අවුරුදු අසුදහසකි. උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් අනතුරුව ද, ශාසනය අවුරුදු එක්ලක්ෂ අසුදහසක් තරම් කාලයක් ලොව පවතින බව සඳහන් වේ. වීර්යාධික බුදුවරයානකෙනෙකු බැවින් පළමු නියත විවරණය ලබා සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට සමතිස් පාරමිතා සම්පුර්ණ කර ඇත. එ නම් අප ගෞතම සර්වඥයන් වහන්සේ බෝසත් අවධියේ නියත විවරණ ලබන්නට ත් බොහෝ කලකට පෙර සිට ම මෛත්‍රී බෝධිසත්වයන් පාරමිතා ධර්ම සම්පුර්ණ කිරීම ට උත්සාහවත් වී ඇති බව තේරුම් ගත යුතු ය. Read More

ලංකාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ ( The Lankaramaya Stupa )

By අටමස්ථාන ... (Atamasthana ... ), පුරාණ වෙහෙර විහාර ... ( Ancient temples) No Comments

ඉතිහාස ග්‍රන්ථයක් පිරික්‍ෂීමේදී අටමස්ථානයට අයත්වන ලංකාරාමය පිළිබඳව ලියැවී ඇත්තේ අල්ප වශයෙනි. මෙහි ධාතු ගර්භයේ නිධන් කර ඇති සුවිශේෂී පූජනීය නිධන් වස්තූන් පිළිබඳව ඒවායේ සඳහන් කර නැතත්. මෙහි සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ නිදන් කර ඇති බවට සැකයක් නොමැත.

ඓතිහාසික වටිනාකමින් කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකි මෙය ගොඩ නංවන ලද්දේ වළගම්බා රජතුමා විසින් බව කියැවේ. රජතුමා තම බිසව වූ සෝමා දේවිය වෙනුවෙන් කරවූ සෝමාරාමය මෙය යැයි ද මතයක් පවතී.

එස්.පරණවිතාන යන්ගේ ‘ලංකාවේ ස්තූපය’ නම් ග්‍රන්ථයේ පැවසෙන්නේ වළගම්බා රජතුමා විසින් නිමවන ලද සීලාසොබ්භකණ්ඩක චෛත්‍ය මෙය විය යුතු බව අනුමාන වශයෙන් අදහස් කෙරෙන බවයි.

එහෙත් ‘අනුරාධපුර අටමස්ථාන’ පොත ලියූ මහාචාර්ය ටී.ජී. කුලතුංගයන් පවසන්නේ ලංකාරාමය පුරාණයේ හඳුන්වා ඇත්තේ මණිථූපාරාමය, මණිසෝමාරාමය ආදි නම් වලින් බව බෝධිවංස ගැටපදය මහාවංසය ආදියෙන් හෙළි වන බවත්. මෙය සීලසොබ්භකණ්ඨක (ගල් හෙබකඩ) චෛත්‍ය යනුවෙන් වරදවා හඳුන්වා තිබෙන බවය. අද ලංකාරාමය වෙනම ආරාමයක් වුවද පුරාණයේ මෙය අභයගිරියට අයත් ආරාමයක් ලෙස පැවැති බවත් මෙය ඊට අයත් භික්‍ෂුණී ආරාමය විය හැකි යැයි තවදුරටත් ඔහු පවසයි.

මහා විහාරයට ථූපාරාමය තිබුණා සේ අභයගිරි විහාර සංකීර්ණයට ලංකාරාමය සතුව පැවැතුණු බව කියැවෙයි. Read More

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ( The Jaya Sri Maha Bodhi )

By අටමස්ථාන ... (Atamasthana ... ) No Comments

ශ්‍රී ලාංකික බෞද්ධ වංශ කතාවට නව පරිච්ඡේදයක් එක්කළ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අපගේ සංස්කෘතික නව ප්‍රබෝධයේ සුවිශේෂී ලකුණක් බවට ද පත්විය. එසේම එය සැදැහැති බෞද්ධ ජනතාවගේ ගෞරව බහුමානයට මෙන්ම වන්දනාමානයට පාත්‍ර වූ ද පූජනීය අටමස්ථානයන්ගෙන් ද එකකි.

දේවානම්පියතිස්ස මහරජතුමා මහමෙව්නා උයන මහා සංඝරත්නයට පූජා කළ දිනයේ මිහිඳු මහරහතන් වහන්සේ වෙත දෑ සමන් මල් පැසක් පූජා කළේ ය. උන්වහන්සේ ඒ දෑසමන් මල් අට මිට බැගින් ඉසින ලද ස්ථානයන් අට පූජනීය වූ අටමස්ථානය බවට පත් විය.

එම අටමස්ථානය නම් මේ කල්පයේ බුද්ධත්වයට පත් කකුසඳ, කෝණාගම, කාශ්‍යප සහ ගෞතම යන සිව් මහා සම්බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් සමවැදී සිටි පූජනීය වූද පාරිශුද්ධ වූ ද ස්ථානයන් ය. එහි එක් ස්ථානයක මේ කල්පය තුළ ලොව්තුරා බුද්ධත්වයට පත් කකුසඳ කෝණාගම, සහ කාශ්‍යප යන තුන් බුදුවරුන් පිට දුන් බෝධීන් වහන්සේලාගේ දක්‍ෂිණ ශාඛාවෝ රෝපණය කළ පිවිතුරු බිම පිහිටියේ ය. එම පාරිශුද්ධ වූ බිම් කඩෙහිම ගෞතම බුදුරජාණන් වහන්සේ පිටදුන් ශ්‍රී මහා බෝධී දක්‍ෂිණ ශාඛාව රෝපිත බව වංශ කතාවල සඳහන්ව තිබේ.

එය අද දක්වා විරාජමානව වැඩ වසන්නේ අනුරාධපුරයේ, මිහිඳු මහරහතන් වහන්සේ වෙත පූජා කළ මහා විහාර භූමියේ මහමෙව්නාව නම් රමණීය වූ උද්‍යානය තුළය. විෂම වූද අතිශය සංකීර්ණ වූද අනන්තාපරිමාන සංසාර චක්‍රයේ යථා ස්වරූපය මනාසේ දැක පරම සත්‍යාවබෝධය, මාර්ග ඥානය අවබෝධ කර ගැනීම ‘බුද්ධ’ යන වචනයේ අර්ථයයි. අප මහා සම්බුදුරජාණන් වහන්සේ එම ලොව්තුරා අග්‍ර ඵලය වූ සම්බුද්ධත්වයට සපැමිණීම උදෙසා වැඩහිඳිමින් සෙවන, සිසිලස සලසා ගත්තේ ගයා ශීර්ෂයේ නේරංජනානම් සුන්දර නදිය තීර්තයේ පිහිටියා වූ ඇසතු නම් මහා වනස්පතිය සමීපයේ දී ය. ඒ සමඟම ඇසතු වෘක්ෂය බුද්ධියේ වෘක්‍ෂය බවට පරිවර්තනය විය. Read More

error: Content is protected by www.ifbcnet.org.