Skip to main content
Monthly Archives

March 2015

සර්වඥ ධාතු බෙදීම

By සිරි සදහම් ( Dhamma) No Comments

බුදුහිමියන් කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සල් උයනේදී පිරිනිවන් පෑ බව අපි දනිමු. මගධාධිපති අජාසත්ත මහ රජු “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරානුවරදී පිරිනිවන් පෑ සේකැ”යි අසා වචනයෙන් කිව නොහැකි තරම් වු දුකට පත් ව කිහිප විටක් ම සිහියනැති ව ඇද වැටී අවසානයේ නැගී සිට “භාග්‍යවතුන් වහන්සේ ක්ෂත්‍රීය වු සේක. මම ත් ක්ෂත්‍රියයෙක් වෙමි. මම ත් භාග්‍යවතුන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් ගෙන් කොටසක් ලැබීමට සුදුසු වෙමි. මම ත් ධාතු නිදන් කර සෑයක් තනා පුද සත්කාර කරන්නෙමි” යි කියා කුසිනාරා නුවර මල්ල රජ දරුවන් වෙත දූතයෙකු යැවීය.

දූතයෙකු යවා “ධාතු නොලැබුණ හොත් බලයෙන් හෝ ධාතු ගෙන එන්නෙමි” යි සිතා මර සෙනඟක් සේ සිවුරඟ සේනාව පිරිවරා ගෙන කුසිනාරා නුවරට ගොස් එහි කඳවුරු බැඳගෙන සිටියේය.

මෙසේ විශාලා මහනුවර ලිච්ඡවී රජ දරුවෝ ද කිඹුල්වත් පුරයෙහි ශාක්‍යයෝ ද අල්ලකප්පරට බූලයෝ ද රාම ග්‍රාමයේ කෝලියයෝ ද වේඨදීප නගරාධිපති බ්‍රාහ්මණයා ද පාවා නුවරවැසි මල්ල රජ දරුවෝ ද ධාතු ලැබීමට තම තමන් ගේ සුදුසුකම් කියා කුසිනාරා නුවර මල්ල රජ දරුවන් වෙත දූතයින් යැවූහ. දූතයින් යවා පසුව ධාතු නොලැබේ යයි සැකයෙන් අජාසත්ත රජු මෙන් මහා සේනාව පිරිවරා ගෙන කුසිනාරා නුවරට ගොස් එහි කඳවුරු බැඳගෙන සිටියහ. Read More

ඒඩිස් පාලනයට හොදම මග බුදුදහමයි.

By සිරි සදහම් ( Dhamma) No Comments

Acquired immune deficiency syndrome හෝ acquired immunodeficiency syndrome (AIDS) නැතිනම් ඒඩ්ස් යන්න අපට නුහුරු වචනයක් නොවේ.
සැම වසරකම දෙසැම්බර් 1 වනදා සැමරෙන ලෝක ඒඩ්ස් දිනය දිනය, එච්.අයි.වී ආසාදනය පැතිරීම නිසා ඇතිවන ඒඩ්ස් වසංගතය පිළිබඳ දැනුවත්කිරීම නැංවීමට කැපකර ඇත.
ලෝක ඒඩ්ස් දිනයක් පිළිබඳ අදහස 1987 අගෝස්තු මාසයේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහනෙහි මහජන තොරතුරු නිලධාරින් දෙදෙනෙකු වූ ජේම්ස් ඩබ්. බන් හා තෝමස් නෙට්ටර් වෙත පහළ විය. බන් සහ නෙට්ටර් විසින් මෙම ඔවුන්ගේ අදහස, ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහනෙහි අධ්‍යක්ෂක ආචාර්යය ජොනතන් මාන් වෙත ඉදිරිපත් කළහ. මෙම සංකල්පය ආචාර්යය මාන් ගේ සිත් ගත් අතර, එය ඔහු විසින් අනුමත කරනු ලදුව, ලෝක ඒඩ්ස් දිනය පළමුවෙන් සමරන දිනය 1988 දෙසැම්බර් 1 වන දිනය විය යුතුය යන නිර්දේශයටද එකඟ විය. මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව වන්නේ “ ශූන්‍යය කිරීම”යි. ඒඩ්ස් ලොවින් තුරන්කර දැමීම මෙහි අරමුණයි.
මුල්ම ඒඩ්ස් ‍රෝගියා හමුවී ඇත්තේ 1981 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. අරම්භක කාල සිමාවේදි මෙම රෝගය සමලිංගික සේවනයේ යෙදෙන පිරිමින් අතර ප්‍රචලිතව පැවතුනද පසුව සමලිංගික හා විෂමලිංගික යන දේපාර්ශව තුළම පැතිරියන රෝගයක් බවට පත්විය. අපිකාණු කොළ වඳුරා මඟින් ඒඩ්ස් රෝග කාරකය මිනිසාට සම්ප්‍රේෂණය වන්නට ඇතැයි ද මතයක් පවති. Read More

එල්ලුම්ගහ බොදු ඇසින් දකිමු …

By සිරි සදහම් ( Dhamma) No Comments

ලොව ඕනෑම රටක බරපතළ අපරාධකරුවකුට හිමිවන උපරිම දඬුවම මරණ දඬුවමයි. එක් එක් රටවල එක් එක් යුගවලදී නොයෙක් ආකාරයේ ක්‍රම උපයෝගී කර ගනිමින් මරණ දඬුවම ක්‍රියාත්මක විය. අප රටේ මහනුවර රාජධානි සමයේදී පමණ දරුණු වේදනාකාරී හා ම්‍ලේච්ඡ ආකාරයේ මරණ දඬුවම් දීම් පිළිබඳ පුරාවෘත්ත හිඟ නොවේ. ඒ අතර උල තැබිම, හිස ගසා දැමීම, ඇතුන් ලවා පෑගවීම වැනි මරණ දඬුවම් ක්‍රියාත්මකව තිබූ බවට සාක්ෂි තිබේ.
රට යුරොපීයයන්ට යටත් වීමට ප්‍රථම වැරැදි කරුවන්ට රාජ අණ අනුව මරණ දණ්ඩනය පමුණුවන ලදි. බොහෝ විට මරණීය දණ්ඩනය ලබා දුන්නේ මිනිසුන් බලා සිටියදීය. උල තැබීම, හිස ගසා දැමීම, ඇතුන් ලවා පෑගීම එදා පැවැති දඬුවම්ය. නමුත් අපේ රට සුද්දන්ට යටත් වීමත් සමඟ මේ දඬුවම් ක්‍රම බැහැර කෙරිණි. නමුත් එක්දහස් අටසිය දහඅටේදී මරණ දඬුවම පැමිණ වීමේ නීතිය නීති සංග්‍රහයට ඇතුළත් කරන ලදී. නමුත් එම නීතිය එසේම තිබියදී එක්දහස් අටසිය දහඅට වසරේ නොවැම්බර් මස විසිහය වැනිදා මහනුවර කැරැල්ලේ දී අත්අඩංගුවට ගනු ලැබු කැප්පෙටිපොල නිලමේ තුමා හිස ගසා මරණ ලදී. වීර මද්දුම බණ්ඩාරටත් ඔහුගේ මවටත් සහෝදරයාට හා සහෝදරියටත් එදා උරුම වූයෙත් ඒ ආකාරයේම වූ ම්‍ලේච්ජ මරණ දඬුවමකි. ඒ ඔහුගේ පියා රාජ දෝහියෙකු වී යයි ශ්‍රී වික්‍රමරාජසිංහ රජු වෙතින් නිරවද්‍ය හා අහිංසක පිරිසකට නිරපරාදේ කෲර මරණ දඬුවමකට යටත් වීමට සිදුවිය.

ලොව පුරා ඓතිහාසික වශයෙන් ඒ ආකාරයේ අති බිහිසුණු හා වේදනාකාරී මරණ දඬුවම් පිළිබඳව පැවසුණු ද අද වන විට කොතරම් බරපතළ සාපරාධී අපරාධයක් කළ අපරාධකරුවකුට වුවත් හිමි කර දෙන මරණය බොහෝ විට අවම වේදනාකාරී හා ක්ෂණිකව ප්‍රාණය නිරුද්ධ වන ආකාරයෙන් සිදු කිරීමට තරම් ලෝක ප්‍රජාව අද වන විට ශිෂ්ටසම්පන්න වී තිබේ. Read More

අදටත් අද්භූත බලවේග පිරි මහියංගනයේ නාගදීපය …

By අසිරිමත් බුදු බලය ... ( Asirimath Budubalaya ...) No Comments
මහියංගනය  මැතිවරණ කොට්ඨාසයට අයත්  රිදීමාලියද්ද ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි නාගදීප විහාරස්ථානය අප‍්‍රසිද්ධව පවතින මහා අනුහස් ඇති ඓතිහාසික පුදබිමකි.
මෙහි ඇති ඉතිහාස කතාව කාවන්තිස්ස හා දුටුගැමුණු රජ දවස කරා දිවයන බව පැවසෙන නමුදු පුරාවිද්‍යාත්මක කැණීමක් මේ දක්වා සිදුකර නැති බැවින් එම සාඩම්බර ඉතිහාසයේ රස මුසුතැන්  තවමත් වැළලී ඇත්තා සේය.
කැණීම් පටන් ගත්ත ද ඊට එරෙහිව විවිධ අද්භූත බලවේගයන් ක‍්‍රියාත්මක වන බව ද අපට අසන්නට ලැබිණ.

Read More

වැඩමවා වදාළයි කියනා රහතන් වහන්සේ සොයා ගිය ගමන …

By අසිරිමත් බුදු බලය ... ( Asirimath Budubalaya ...) One Comment

මේ තිලෝ අමා මෑ‚ වූ සම්මා සම්බුදු රදුන්ගේ පා පහසින් අතිශය පාරිශුද්ධත්වයට පත් බිමයි. බුදු සසුන ගෙන අනුබුදු මිහිඳු හිමි වැඩි බිමයි.දුරාතීතයේ මේ බිම කහ සිවුරෙන් බැබළුණා වූ බිමකි. එදවස අනුරාධපුර අහසින් වඩිනා රහතුන් වහන්සේ නිසා තල මාගලක් වේළාගන්නට තරම්වත් හිරු එළිය පොළොවට නොවැටුණා යැයි ජනප්‍රවාද කියයි. එදවස සේම මෙදවස මේ බිම පුණ්‍යවන්ත බිමකි. භාග්‍යවන්ත බිමකි.

පසුගිය දිනෙක හමුවුණායි කියනා රහතන් වහන්සේගේ කතාව අනුරාධපුර පූජා භූමියේ අස්සක් මුල්ලක් නෑරම පැතිර තිබේ. සමහරු මේ කතාව සත්‍යකැයි කියයි. මේ අසිරිමත් සිදුවීමකැයි අදහසයි. සමහරු මේ මිථ්‍යාවකැයි කියයි. අවිද්‍යාවකැයි කියයි. නමුත් අප දන්නා පරිදි ලෝකයේ විද්‍යාවට හසු නොවන අවිද්‍යා නොවන බොහෝ දේ තිබේ. ඒ නිසාම රහතන් වහන්සේ වැඩමවා වදාළයි කියනා මං සොයා ආවෙමු. මෙතැන් සිට ඔබ කියවන්නේ ඒ කතාවයි. අපහසුවෙන් මඟ අසාගෙන අපි නිවැරැදි ඉසව්වවට පැමිණියෙමු.

රහතන් වහන්සේ මුණගැසුණු බවට මුලින්ම හෙළිදරව් කරනා පුද්ගලයා අපට මුණගැසේ. ඔහු එස්. ඒ. ඩී. චන්දික නිලන්ත සමරතුංග, වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකි. තරුණයෙකි. දෙදරු පියෙකි. නමුත් කිසිවකුට නොගැළපෙනා තරමට තැන්පත්ය. ඔහු තමන් මුහුණ දුන් අත්දැකීම ගැන කියන්නේ මෙසේය. Read More

බක්‌මහ නැකතට කිරිවෙහෙර සෑයෙන් කිරි ඉතිරේ

By අසිරිමත් බුදු බලය ... ( Asirimath Budubalaya ...) No Comments

සිංහල, දෙමළ අලුත් අවුරුද්දට මුළු රටේම ජනතාව ළිප් බැඳ කිරි ඉතිරවීමට සුදානම් වෙද්දී එම සුබ නැකත උදාවෙත්ම කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන්ගේ කොත් කැරැල්ලෙන් සුදෝසුදු කිරි පැහැගත් දියරයක්‌ ගලාගෙන යන්නට වූ අතර ඒ අවස්‌ථාවේ රැස්‌ව සිටි විශාල ජනකාය සාධුකාර දුන්හ.

2014 අප්‍රේල් 14 උදෑසන 11 – 12 අතර සිදුවූ මෙම ආශ්චර්යය රැස්‌ව සිටි බොහෝ දෙනා කැමරා මගින් හා ජංගම දුරකථන මගින් රූපගත කළහ.

කිරි වෙහෙර කොත් කැරැල්ල සවිකළ ස්‌ථානයෙන් පෙණ බුබුළු මතුවෙන අයුරින් පුංචි පුංචි බුබුළු නැග විටින් විට දියරයක්‌ මෙන් මෙම ද්‍රව්‍ය ගලා පැමිණි අතර විනාඩි 10 ක්‌ වැනි කාලයකින් මෙම ද්‍රව්‍ය වියළී යනු පෙනුණි.

අවුරුදු උදාව සමරමින් ආගමික වතාවත්වල නිරත වූ හිමිනමක්‌ මෙම අවස්‌ථාවේදී පිරිත් කියමින් වැඩසිට ඇති අතර උන්වහන්සේ විසින් සැදැහැවතුන්හට මෙම දර්ශනය පෙන්වා ඇත. Read More

ගල්විහාර ඔත් පිළිමයේ අප නොදුටු ආශ්චර්යය..

By අසිරිමත් බුදු බලය ... ( Asirimath Budubalaya ...) No Comments

රාත්‍රි කාලයේ ගන්නා ලද ඡායාරූපය පහළින් ද
දිවා කාලයේ ගත් ඡායාරූපය ඉහළින් දැක්‌වේ.

රළු-පරළු කළුගල් පර්වත වෙඬරු මෙන් මෘදු-මොළොක්‌ බවට පත්කර ඒ මත සුසිනිඳු විසල් හැඩ-රුව තනන්නට හෙළ කලාකරුවා දැරූ කුසලතාව ගැන අටුවා ටීකා ලියෑවෙන්නට උවමනාය. එහෙත්, අද මෙන්ම එදත් මහා පැරකුම්, නිශ්ශංකමල්ල, ගජබා, ධාතුසේන, මහසෙන් වැනි රාජ-රාජ මහා මාත්‍යාදීන්ගේම නම් ගම් මේ විශ්මිත කලාකෘති ඉදිරියේ ලියෑවුණා මිස අදහාගත නොහැකි සේ කළුගල් පිළිරූන්ට පණපොවා ඒ අබියස අප දණින් වැටෙන්නට තරම් විශ්වීය ශක්‌තියක්‌ මේ තුළ ගැබ්කළ හෙළ කලාකරුවා (ගල්වඩුවා) ගැන කෙටියෙන් හෝ සඳහනක්‌ ඇත්තේ කොතැනද?

ඩාවින්සි, මයිකල් ආන්ජලෝ, පැබ්ලෝ පිකාසෝ වැනි කලාකරුවන්a ගැන ලෝකයක්‌ කතාකරද්දී අවුකන, ගල්විහාරය, සමාධි බුදුන්ටත් දැස්‌ දුන් මිනිසා සොයා කලාවැව හෝ පැරකුම් සමුදුර ඉස්‌මත්තේ කැලෑව පීරන්නට අද අපට සිදුව තිබේ. ගතින් දුබල වුවත් සිතින් තවමත් තුරුණු වියේ ඇති මේ මිනිසා ඉළුක්‌ හෙවිලූ, කටුමැටි පැලක, වැල් ඇඳක, පිල් කණ්‌ඩියක සැඳෑ සමය ගෙවනු පෙනේ. මේ අතර අවුකන හෝ ගල්විහාරේ බුදුන් දැක, කාගේවත් හව්හරණක්‌ නැතිව ජීවිතය අද තනිකඩව අසරණව ගෙවන ඒ විශ්වීය නිර්මාණයේ සැබෑ “හිමිකරුවා” දකින්නට ඉඳහිට හෝ ඔහුගේ පැල්පතට එබිකම්කරන මිනිසුන්ද අප අතර නැතිවා නොවේ. සුනිල් එදිරිසිංහයන් ගයන “මේ තරම් සියුමැලිද කළුගල් සිතන්නටවත් බැරි නිසා…. Read More

සුනාමියෙන් බුදුපිළිම වහන්සේලා ආරක්ෂා වූ අසිරිමත් සිදුවීම

By අසිරිමත් බුදු බලය ... ( Asirimath Budubalaya ...) No Comments

2004 දෙසැම්බර් 26 වන දින අපට කිසිසේත්ම අමතක කළ නොහැකි දිනයකි.විනාඩි 10ක් /20ක් වැනි සුළු කාලයක් තුළදී අප රටේ පරිසරය අදහා ගත නොහැකි ආකාරයකට වෙනස් වූ හැටි අපට සිහි වේ. නත්තලේ සීනු හඩත්, පොහෝදා ඝාන්ටාර හඩත් පරදවා ඉහළට නැගුනු සුනාමිය ජීවිත සහ දේපල දහස් ගණනක් විනාශ කරමින් මහ මුහුදට බිලි ගත්තේ ය.එය සිදුවී මෙම වර්ෂයට හරියටම අවුරුදු 6 යි. අද වන විට එය බොහෝ දෙනෙකුට අමතක වී ඇති බව පෙනෙයි.මේ කියන්නට යන්නේ සුනාමි ව්‍යසනය ගැනම නොවේ.

එදා මුහුදු රැලි 2ක් ආ බව අපිට මතක ය.2වෙනි රළ පහර උස අඩි 40 – 50ත් අතර විය.එදා මුලු ලෝකයම එකම කදුළු ගොඩක් විය.සුනාමිය සින්හල ක්‍රමයට “දළ රළ පෙළ” යනුවෙන් හදුන්වයි.කැළණිතිස්ස රජ සමයේ මුහුද ගොඩ ගැලූ බව අප අසා තිබුණත් එය අපට හරියටම ප්‍රත්‍යක්ෂ වූයේ එදාය.විහාර මහා දේවිය මුහුදට බිලිවූ කතාව අප එදා වෙන තෙක්ම සිතුවේ ජනප්‍රවාදයක් ලෙසය.ඒ කතාව ඇත්ත සිද්ධියක් බව මින් සනාථ වුණි.මුහුදු වෙරළ සොහොන් පිට්ටනියක් බවට පත් විය. අනිත්‍ය ,දුක්ඛ,අනාත්ම යන ත්‍රි ලක්ෂනය අපට එදා අවබෝධ විය. Read More

බුදුරැස් විහිදෙන සෝමාවතිය … ( Budu ras vihidena somawathiya )

By අසිරිමත් බුදු බලය ... ( Asirimath Budubalaya ...) No Comments

පාලිධාතුවංශය, සිංහල ධාතුවංශය , ජිනකාලමාලිනිය ආදී ඓතිහාසික ග්‍රන්ථ වලින්ද පුරාවිද්‍යාත්මක ගවේශනයන්ගෙන් සොයාගත් නටබුන් හා සෙල්ලිපි වලින් සෝමාවතී චෛත්‍යරාජයා පිළිබඳව කරුණු රැසක් අනාවරණය වේ.

ඓතිහාසික ග්‍රන්ථ වල සඳහන් පරිදි රුහුණු, මායා, පිහිටි වශයෙන් කොටස් 03 කට බෙදුණු ශ්‍රී ලංකාවේ රුහුණු මාගම්පුර රජකළ කාවන්තිස්ස රජුගේ නැගණිය වන සෝමාවතී දේවිය කැලණියේ ශිව රජුගේ බෑණනුවන් වූ අභය කුමරු සමග විවාහ වී ගිරි නුවර වාසය කළාය. දුටුගැමුණු කුමරුගේ පැමිණීමත් සමග ඇති වූ අමනාපයෙන් අභය කුමරු ගිරි ජනපදය ඇත හැර සෝමාවතී දේවිය සමග සේරු නුවර ශිව රජු වෙත ගියේය. ඔහුගෙන් පරිත්‍යාග වශයෙන් ලැබුණු ජනපදයක මහවැලි ගඟ අසබඩ රාජධානියක් කොට සොමපුරය ලෙස පාලනය කරන්නට විය.

වැඳුම් පිදුම් කිරීම සඳහා දාගැබක් හා විහාරයක් ඉදිකිරීමට සෝමාවතී දේවිය ගිරි අභය කුමරුට යෝජනා කළාය. ගිරිඅභා රජද අපමණ සතුටට පත්ව රහතන් වහන්සේලා 60 නමක් වැඩ විසූ මනරම් සල්වනයක් මැද විහාරයක් සහිත දාගැබක් සැදීමට කටයුතු සුඋදානම් කරන ලදී. දාගැබෙහි නිදන් කිරීමට ධාතුන් වහන්සේලා ලබාදෙන මෙන් රජ හා සෝමාවතී බිසව මහින්ද තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. අරිට්ඨ නම් රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවත ආ මහාදේව රහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ මහින්ද මහා රහතන් වහන්සේ තමන් ළඟ තිබු දකුණු දළදා වහන්සේ ගිරිඅභා රජුට පරිත්‍යාග කරන ලදී. රජතුමා එම දකුණු දළදා වහන්සේ නිදන් කර තම දේවියගේ නමින් සෝමාවතී විහාරයයයි  නම් තබා මහින්ද මහා රහතන් වහන්සේ ප්‍රධාන සැට නමක් රහතන් වහන්සේලාට පුජාකල බව සදහන් වන අතරම සෝම නම් පස්පිලිම විහාරයක් චෛත්‍යරාජයාගේ සතර පැත්තෙන් විහාර හතරක් හා උතුරු දෙස ප්‍රධාන දොරටුවට වම්පසින් විහාරයක් යන විහාර පහක්ද, මණිඅගිය නම් පොහොය ගෙයක්ද, ආරාම හැටකින් ද කුටාගාර ගෙවල් 60 කින්ද සක්මන් මළු, පැන් පොකුණු, පුෂ්පාරාම, ඵලාරාම ආදී සියලුම විහාරංග වලින්ද පරිපුර්ණව තිබු බව වංශ කථා වලින් මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක වලින්ද පැහැදිලි වේ. Read More

error: Content is protected by www.ifbcnet.org.