බුදුන් වහන්සේ කිඹුල්වත් පුරයෙන් ආපසු රජගහ නුවරට වඩින බව ඇසූ සුදොaවුන් රජු තුළ සියුම් සංවේගයක් විය. ඇතැම් ශාක්‍යයන්ගේ අදහස වූයේද බුදුන් ප්‍රමුඛ මහා සංඝයාටම එනුවර රැඳී සිටීමට බාධාවක් නැති බවය. එහෙත් යසෝදරා නම් ඒ සියලු තතු මනාව වටහා ගෙන සිටියාය. උන්වහන්සේ යළි කිසිදිනක ලෞකික ජීවිතයට අනුගත නොවන බව ප්‍රජාපතී ගෝතමියද දන්නීය. එහෙත් පුත්‍ර ස්‌නේහය නිබද හද පාරා දුක් දෙන අයුරු සුදොaවුන් රජුට දැනුණි.
කිඹුල්වත් පුරයටම බුදුන් වැඩ සිටි කාලය විචිත්‍ර අත්දැකීමක් විය. කොවේ මහවේ නිබඳව ජනයාගෙන් පිරී තිබුණි. හිරු බැස ගියද රැයක් නොවූ සෙයකි. නුවර මැදුරුවලින් නික්‌මෙන මිණි කොත් කැරලිවල කාන්තියත් දෙපස වීථිවල දැල්වුනු පන්දම් නිසාත් අඳුර එනුවරට නො ඇඳිණි. යළි උදැසන ගෙන් ගෙට පිඬු සිඟා වඩින සඟ ගණය. ශාන්ත ගමනින් වඩිනා සඟ පෙරහරට මඟ දෙපස රැඳී සිටි ජනයා දන් පහන් පූජා කළහ.