Skip to main content
Monthly Archives

November 2014

සංඝං සරණං ගච්ඡාමි …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

බුද්ධ පුත්‍ර මහාසංඝයා වහන්සේ ආර්යසංඝයා ය, සම්මුති සංඝයා යැයි කොටස් දෙකකට බෙදෙති. ආර්ය සංඝයා නම් සතරමඟ සතරඵල පත් භික්‍ෂූන් වහන්සේ ය. සම්මුති සංඝයා නම් උපසම්පදා විනය කර්මයෙන් සංඝ ගණයට ඇතුළත් වූ භික්‍ෂූන් වහන්සේ ය.

ආර්යසංඝයා සෝතාපන්න මාර්ග ඵල – සකෘදාගාමී මාර්ග ඵල – අනාගාමි මාර්ග ඵල – ලාභීහු අට දෙනා ය. මාර්ග සිතට අනතුරු වැ ඵල සිත ලැබෙනුයෙන් අකාලික යැ යි විග්‍රහ කරතත් එය එසේ ම නො විය යුතුය. මාර්ග සිතට අනතුරු වැ ඵල සිත ලැබෙන්නත් පිළිවන්. එසේ ම මඟ සිත ලැබී පැය ගණන් ගත වී ඵල සිත ලැබෙන්නත් පිළිවන්. මුල් මතය වන මඟ සිතට අනතුරු වැ ඵල සිත ලැබීම පමණක් පිළිගත්තොත් අට්ඨ අරිය පුද්ගලයන් ලැබෙන්නේ නැත.

ආර්යයෝ සේඛ අසේඛ වශයෙන් ද දෙකකට බෙදෙති. සේඛයෝ සෝතාපන්න මාර්ගස්ථ ඵලස්ථ යන දෙදෙනා ය, සකෘදාගාමී මාර්ගස්ථ ඵලස්ථ යන දෙදෙනා ය, අනාගාමි මාර්ගස්ථ ඵලස්ථ දෙදෙනා ය, අරහත් මාර්ගස්ථ යන මේ සත් දෙනා ය. අසේඛ නම් අර්හත් ඵලස්ථයා ය. මඟසිතට අනතුරු වැ ම ඵල සිත ලැබෙයි යන මතය පිළිගත්තොත් සේඛයන් හත් දෙනා ලැබෙන්නේ නැත. Read More

දුම් බීම, මත්පැන් බීම හා මත්ද්‍රව්‍ය ගැනීම යන දුසිරිත් වලින් සමාජය බේරා ගැනීම …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

දුම්බීම, මත්පැන් බීම හා මත්ද්‍රව්‍ය ගැනීම ඈතඅතීතයේ පටන් තිබිණ. එයින් දුම්බීම හා මත්ද්‍රව්‍ය ගැනීම තිබුණේ බෙහෙතක් වශයෙනි. වෛද්‍යවරු යම් යම් ආබාධවලට දුම්වැටි ඉරීම නියම කළහ. එය බොහෝ විට ම කළේ දුම්වැටිය පිටින් තබා ගෙන කටින් හෝ නහ‍යෙන් ඉරීම යි. කටේ තබා ඉරීම ද නො තිබුණා නොවේ. වෛද්‍යවරු අබිං, කංසා, ගංජා මත්ද්‍රව්‍යවල විෂ මරා එය බෙහෙත් සමඟ මිශ්‍රණය කිරීම ඉතා සුළු වශයෙන් එදාත් තිබුණා. අදත් තියෙනවා.

පුරාණයෙහි ද මත්පැන් පානය ආගමික වශයෙනුත්, සාමාජික වශයෙනුත් තිබුණා. බුදුරජාණන් වහන්සේ කවර ආකාරයෙකැ මත් පැන් පානයක් වත් පිළිගත්තේ නැත. එහෙයින් ගිහි සමාජයේ නිත්‍ය ශීලය වන පන්සිල්හි මත්පැන් බීමෙන් වැළකීම ඇතුළත් කළහ. එකල ද විවිධ මද්‍යපාන තුබුණත් වෙන් වශයෙන් නම් නො කියා එදා තිබුණු ප්‍රධාන මද්‍යපාන වර්‍ග දෙකක නම් ඇතුළත් කොට ‘සුරා මේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි’ යන සික පදය ප්‍රකාශ කළහ.

මත් වීමටත්, ප්‍රමාදයටත් හෙවත් සිහි සැලකිලි නැති බවටත් හේතුවන මත් පැන් බීමෙන් වැළකෙන සික පදය සමාදන් වෙමි යන සිකපදය සමාදන් වැ රැකීමෙන් බුද්ධ ධර්‍මය පැතුරුණු හැම රටෙක ම මත්පැන් බීම ක්‍රමයෙන් නැති වී ගියා. කෙනෙකු හදිසියෙන් මත්පැන් ටිකක් බීවත් අන් අය දැන ගන්නවාට කැමති වුණේ ම නැත. බෞද්ධයන් මත් පැන් පිළිකුල් කළ බව විදේශීය උගතුන් ද ලියා ඇත. පුරාණයෙහි බෙහෙතකට විනා නිකම් දුම්වැටි ඉරීම හෝ මත් ද්‍රව්‍ය ගැනීම තුබුණේ නැතැයි කීම තරමට අඩුව පැවති බව කිව හැකිය. Read More

අනාගත පරපුර මත්පැනින් වැනසේ ද?

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

විනය නීති

තව ද සුරාව අවබෝධයෙන් විනා නීතීයෙන් තහනම් කරන්නට බැහැයි කියන කතාව මා නම් පිළිගන්නේ නැත. අවබෝධයත් සමඟ නීතියත් අවශ්‍යයි. මෙන්න එයට කරුණු, බුද්ධ ධර්මයෙහි අවබෝධයට ලොකු තැනක් දෙතත් අවබෝධයෙන් පමණක් හැම වරදක් ම වළක්වා ගන්නට නොහැකි වේ. අවබෝධය ඇති කර ගැනීම දුෂ්කර කාර්යයක් වන හෙයිනි.

හොඳ නොහොඳ ගැන හරි අවබෝධයක් ඇති නම් නීතියක් අවශ්‍ය නොවේ. එබඳු පිරිසක් ඇත්නම් කොපමණ හොඳ ද? බුදු රජාණන් වහන්සේ ධර්මාවබෝධය කරවූ අතර විනය ශික්‍ෂා නමින් විනය නීතී මාලාවක් ද පනවා වදාළහ.

බුදු රජාණන් වහන්සේට පවා සිය ශ්‍රාවකයන් අවබොධයෙන් පමණක් වරදෙන් මුදවා ගත හැකි වූයේ සුළු කාලයෙකි. උන් වහන්සේට බුදුවී සුළු කාලයකින් ම වැරදි වලින් පවා මුදවා ගැනීමට සුළු සිකපද පනවන්නට සිදු විය. බුද්ධ කාලයෙහි මුල දී බහුලව සිටියේ රහත් ශ්‍රාවකයන් ය.

සියලු දෙනාට ම හෙට පටන් සුරාපානය තහනම් යැයි නීතියක් පනවන්නට ‘ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව’ ඉල්ලුවේ නැත. ඉල්ලන්නේත් නැත. අප ඉල්ලා සිටින්නේ සුරා පානයට ඇබ්බැහි වී සිටින අයට අවසර පත්‍ර ක්‍රමයක් හදා ඒ අයට සුරා පානයට පහසුකම් සලස්වා දී තරුණයන් හා ළමයින් සුරා විපතින් බේරා ගැනීමේ ක්‍රියා මාර්ගයෙකි. ඇතැම් දියුණු රටවල ළමයින් හා තරුණ තරුණියන් සුරා පානයට ඇබ්බැහි වී තිබෙන ප්‍රමාණය පළමුව සඳහන් කෙරෙමි. පින්වත්නි, සාවධාන වැ කියවා බලන මෙන් කරුණාවෙන් දන්වමි. Read More

බුදු දහමින් හෙළි වන සැලැසුම් ක්‍රම …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

වර්තමාන උගත් ලෝකයා වැදගත් කරුණු පිළිබඳ ඉතිහාසය සොයා අතීතයට යෑම සිරිතක් කැරැගෙන ඇත. වැදගත් කරුණු පිළිබඳ ඉතිහාසය සොයා අතීතයට යන විට නතර වන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ යැයි කෝපල්ස්ටන් බිෂොප්තුමා හා සෙට්ලන්ඩ් සාමිවරයා ආදී උගතුන් ලියා ඇත. එයට සාධක බොහෝ ය. සැලැසුම් කිරීම ද ඉන් එකෙකි.

ගෙයක් හදන්නට පෙර සැලැසුම් කොට ඒ අනුව ගේ හැදීම ද, සැලැසුම් කොට නගර නිර්මාණය කිරීමද, රටක් දියුණු කිරීමට තුන් අවුරුදු සැලැස්ම – පස් අවුරුදු සැලැස්ම ආදී වශයෙන් සැලැසුම් කිරීම ද වර්තමාන උගත් ලෝකය ම පිළිගත් උසස් පිළිවෙතකි.

මේ සැලැසුම් කිරීම පිළිබඳ ව ඉතිහාසය සොයා ගිය කෙනෙකු නතර වන්නේ ද බුදුරජාණන් වහන්සේ ළඟ ය. උන්වහන්සේ සියලු කටයුතු සැලැස්මකට හා කාල සටහනකට අනුකූල ව සිදු කළහ. එහෙයින් සියලු කටයුතු කලටත් වේලාවටත් හොඳටත් සම්පූර්ණවත් සිදු විය.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන කටයුත්ත වූයේ ධර්ම දේශනා කිරීම යි. වස් කාලයෙහි එක තැනෙක වාසය කෙරෙමිනුත් ඉතිරි කාලයෙහි චාරිකාවෙහි යෙදෙමිනුත් ධර්ම දේශනා කළා. පුරෙභත්ත – පච්ඡාභත්ත – පඨමයාම – මජ්ඣිමයාම – පච්ඡිමයාම යන කොටස් පහෙන් යුක්ත දින චරියාවක් තිබුණා. ආනුපුබ්බිකථා නමින් ධර්ම දේශනා සැලැස්මක් තිබුණා. උන්වහන්සේට අන් කිසිවකුටත් නැති නුවණ හයක් තිබුණා. එහෙයින් ආශය – අනුශය – චරිත – අධිමුක්ති නමින් ධර්ම දේශන‍ාවට කලින් පුද්ගලයන් දෙස බලා දේශනා කරන සැලැස්මකුත් තුබුණා. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ශ්‍රාවක සංඝයා අමතා. චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය” බොහෝ දෙනාගේ හිත සුව සඳහා චාරිකාවෙහි යෙදෙන්නැයි දේශනා කළහ. චාරිකා නම් ධර්මදේශනා කෙරෙමින් ගමන් කිරීම යි. එය තුරිත චාරිකා – ඉක්මන් ගමනින් දහම් දෙසීම ය, අතුරිත චාරිකා – හෙමින් ගමනින් දහම් දෙසීම යයි ආකාර දෙකෙකි. Read More

භික්‍ෂු අධ්‍යාපනයේ අනාගතය අඳුරු නො කරමු …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

බුදු රජාණන් වහන්සේ ශ්‍රාවකයෝ භික්ඛු – භික්ඛුණී – උපාසක – උපාසිකා යි සතර වැදෑරුම් වෙති. ඒ සිවුපිරිසේ ලක්ෂණ හෙවත් නොවරදවා ම තිබිය යුතු පිළිවෙත් හයක් දේශනා කළහ. එනම් 1. වියත්ත – බුද්ධිමත් 2. විනීත – කා විසි මුනි තුන් දොරින් තැන්පත් 3. විසාරද – වේසාරද – සිල්වත් 4. බහුස්සුත – උගත්, 5. ධම්මධර – ධර්මය දරාගෙන සිටින, ධර්මය උගත්. 6. ධම්මානු ධම්මපටිපන්න – ධර්මය අනුව පිළිපදිනා යනුයි.

බුදුරජාණන් වහන්සේ මේ සගුණය කොතරම් උසස් ලෙස බලාපොරොත්තු වුණා දැයි දැක්වීමට හොඳ ම සාධකයක් ඇත. උන්වහන්සේ බුද්ධත්වයට පත් ව නොබෝ කලෙකින් බුද්ධත්වය වළක්වන්නට උත්සාහ දැරූ මාරයා පැමිණ, “කොහෙ‍ාම හරි බුදු වුණා නොවැ? දැන් ඉතින් පිරිනිවන් පාන්නැ” යි ඉල්ලා සිටියහ. එසඳ බුදුරජාණන් වහන්සේ, “මාරයෝ මා බුදුවුණේ ඔහොම පිරිනිවන් පාන්නට නොවේ. මාගේ ශ්‍රාවකයන් ව්‍යක්ත විනීතාදී සගුණයෙන් සම්පූර්ණ වනතුරු පිරිනිවන් පාන්නේ නැතැ” යි ප්‍රකාශ කළහ.

බුද්ධ ශ්‍රාවක සිවු පිරිසෙන් භික්‍ෂූන් වහන්සේ ප්‍රධාන වෙති. උන්වහන්සේ මුලින් සඳහන් කළ සගුණයෙන් යුක්ත වී ආදර්ශයෙන් හා උපදේශයෙන් ඉතිරි තුන් පිරිසට හරිමඟ පෙන්විය යුතු ය. සිවු පිරිසෙන් මෙකල භික්‍ෂුණීන් නැතත් ඒ වෙනුවට සිල් මාතාවන් ඇත. එය බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුවයි. එය සම්පූර්ණ වැ සිදු කිරීම බුද්ධ ශ්‍රාවකයන්ගේ පරම යුතුකමයි.

බුදුරජාණන් වහන්සේ ගේ බලාපොරොත්තුව සම්පූර්ණ කිරීම උත්තරීතර ප්‍රමාණයෙන් කළ හැකි වන්නේ රහත් උතුමනට ය. අනගැමි සෙදගැමි සෝවාන් උතුමනට ද උත්තරීතර ප්‍රමාණයෙන් කළ හැකි වේ. පුහුදුනට ද උත්තම – මධ්‍යම – ප්‍රථම යන ප්‍රමාණයන් අනුව පිරිය හැකි වේ. බුද්ධ ශ්‍රාවකයන් නම් තමනට හැකි ප්‍රමාණයෙකින් ඒ සගුණයන් සම්පූර්ණ කළ යුතු ම යි. එසේ නොකළොත් අසුද්ධසීලො දුප්පඤ්ඤෙ‍ා නිරයායුපකඩ්ඪති” යි ප්‍රකාශ කළ පරිදි අශුද්ධශීල අනුවණයා නිරයට ඇදගෙන යනු ඇත. Read More

හිතවත් ජනාධිපති තුමා වෙතටයි …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

 දැන් අපට උවමනා කරන්නේ දේශපාලන පක්‍ෂ නො වැ කවුරුනුත් එකතු වී රට සංවර්ධනය කැරැ ගැනීම යැයි ටික කලකට පෙරැ මැදිරිගිරියේ මහ රැළියේ දී ශ්‍රීමත් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ප්‍රකාශ කළා. මේ ප්‍රකාශය ඉතා වැදගත් බව දෙවියන් සහිත ලෝකයා ම පිළිගන්නවා ඇත‍.

දේශපාලකයෝ ලස්සන කියුම් කියන්නට හරි හපන්නු. ඒ ලස්සණ කියුම් ක්‍රියාත්මක කරවා ගැනීම ජනතාවගේ හපන්කමයි. සියලු භේද අමතක කොට එක්සත් වැ රට සංවර්ධනය කළොත් දස වසරක් ඇතුළත ශ්‍රී ලංකාව දෙව් ලොවක් කැරැගත හැකි වේ. මේ තරම් ස්වාභාවික විපත්තිවලින් මිදුණු ස්වභාවික සම්පත්තිවලින් පිරුණු රටක් කොහින් සොයන්න ද?

බුදු රජාණන් වහන්සේගේ කාලයෙහි රාජාණ්ඩු ක්‍රමය යැ, සමූහාණ්ඩු ක්‍රමය යැයි පාලන ක්‍රම දෙකක් විය. කොසොල් රජතුමා ආදීන් අමාත්‍ය මණ්ඩල පිහිටුවා ගෙන රට පාලනය කළ අතර ලිච්ඡවීන් හා මල්ලයෝ සමූහාණ්ඩු ක්‍රමයෙන් රට පාලනය කළහ. එයින් ලිච්ඡවීහු අන් හැමට ම වඩා දියුණු වැ සිටියහ. එයට ප්‍රධාන හේතුව ඔවුන් තුළැ සමගිය, නීති ගරුකත්වය හා ප්‍රතිපත්ති ගරුකත්වය තිබීමයි. ශ්‍රී ලංකාවට ද ලිච්ඡවී පාලන ක්‍රමය වැනි රජයක් අත්‍යවශ්‍ය බව අනාගතය ගැන මැදහත් වැ නුවණින් සලකා බලන විට වැටහෙනවා ඒකාන්කයි.

ඉංග්‍රීසීන් මේ රටවල් පාලනය කෙළේ අත්හැර යන අදහසින් නොවේ. රට සංවර්ධනය කළා. එහෙත් අත්හැර යන්නට සිදුවුණා. එසේ යනවිට සිතා හෝ නො සිතා හෝ පක්‍ෂ දේශපාලනය දී ගියා. අපේ ජනනායකයන් අදූරදර්ශී වැ හිස් මුදුනින් එය පිළිගත්තා. බෙදා ආණ්ඩු කරනවා යැයි ඉංග්‍රීසීනට දොස් නැගූ අපේ අය බෙදී ආණ්ඩු කරන්නට පටන් ගත්තා. දැන් අපේ රටෙහි පමණක් නො වැ අසල්වැසි රටවල ද භේද භින්නකම් බොහොමයි.

ශ්‍රී ලංකාවට සර්වජන ඡන්දය ලැබී අවුරුදු පනහක් ගත වුණා. පක්‍ෂ දේශපාලනය එනතුරු පැවැති මැතිවරණවලදී වැඩි කලබල තුබුණේ නැත. පක්‍ෂ දේශපාලනයෙන් පසු මැතිවරණ අවසානයෙහි කලබල වැඩි වුණා. 1970 දී මැතිවරණයෙන් පසු කලබල නො වැ දරුණු කෝළහල ඇති වුණා. 1977 දී මැතිවරණයෙන් පසු ද දරුණු කෝළහල ඇති වුණා. මීළඟ මැතිවරණයෙන් කුමකින් කුමක් වේදැයි සිතන්නට බැරි තරම් දරුණු තත්වයක් පෙනෙන්නට ඇත. Read More

ශ්‍රී ලංකාව මන්දබුද්ධික රටක් වේවි ද?

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

බුදු රජාණන් වහන්සේ ලොවැ පහළ වන කාලයේ විශාල තැනක් තුබුණේ අන්ධ විශ්වාසයට ය. ප්‍රඥා විශ්වාසයට තුබුණේ ස්වල්ප තැනෙකි. එහෙයින් මිනිසා සිතක් තුබුණත් සිතීමේ පුරුද්ද හොඳට ම හීන වී ගොස් තිබුණි. ආගමික නීතිවලට ගැතිවීම නිසා සිදු වන පරිහානිය දුටු බුද්ධිමතුන් ආගමික නීති කඩ කෙරෙමින් ප්‍රශ්න නැගූ සැටි උපනිෂද් ග්‍රන්ථවලින් පැහැදිළි වේ.

උපනිෂද් යුගයෙහි උපන් බුදුරජාණන් වහන්සේ අන්ධ විශ්වාය මුලු ගන්වමින් ප්‍රඥා විශ්වාසය කුළු ගන්වමින් “නාචින්තයන්තො පුරිසො විසෙසමධිගච්ඡති” නො සිතන පුද්ගලයා විශේෂ දියුණුවක් ලබන්නේ නැතැයි දේශනා කළ අතර කාලාම සූත්‍රයෙන් සිතීමේ පූර්ණ නිදහස පසළොස් ආකාරයෙකින් පැහැදිලි කළහ.

සිතීමේ නිදහස වරදවා යෙදීමෙන් සිදු විය හැකි පිරිහීමත් හරිහැටි යෙදීමෙන් සිදුවිය හැකි දියුණුවත් සිතූ බුදුරජාණන් වහන්සේ සිතීමේ කලාව හෙවත් බුද්ධිය පසුබිම් කැර සිතන සැටි මහාපදේස දේශනාවෙන් පැහැදිළි කළහ. එසේ ප්‍රකාශ කැර තිබිය දී මෙකලැ ද නිදහස වරදවා යෙදීමෙන් සමහරුන් පූර්ණ වත් තුන් කාලටත් බාගෙටත් කාලටත් පිස්සන් වැ සිටින බව පෙනෙන්නට ඇත.

සිංහලද්වීපය යන නමට දීර්ඝ ඉතිහාසයක් ඇතත් ඇතැම් සිංහලයන් ම සිංහල නමට විරුද්ධ බව පෙනෙන්නට ඇත. සමහරුන් මේ රට බෞද්ධ යැයි කියනවාටත් විරුද්ධ ය. මේ දෙකරුණු ම ඔප්පු කළ හැකි වුවත් මේ එයට අවස්ථාව නොවේ. සමහර ඉංග්‍රීසි පුවත් පත්වල යොදන “ලංකන්” යන වචනය සිහියට ගන්න. ඔය කවුරුන් කවර කතා කළත් ශ්‍රී ලංකාව බෞද්ධ රටයි. මේ සිංහල බෞද්ධ රටෙහි උපන් සිංහල බෞද්ධයන් විසින් බුද්ධිය පසුබිම් කැර ගෙන සිතිය යුතු කරුණක් දක්වන්නෙමි. Read More

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමන් ප්‍රධාන ඇමැතිතුමන්ලා වෙතය …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

සුරාව ඈත අතීතයේ පටන් ජනතාව අතර තිබෙන පාන වර්ගයකි. එදත් අදත් සමහර ආගම් වල ආගමික පානයක් ලෙස පාවිච්චි කරති. අවුරුදු දෙදහස් පන්සියයකටත් පෙර බුදුරජාණන් වහන්සේ සුරාව අපුඤ්ඤායතන පව් උණන උල්පත යයි වදාරා බෞද්ධයිනට සුරාපානයෙන් වැළකීමට ශික්‍ෂා පදයක්ද දේශනා කළහ. උන්වහන්සේ සුරාපානයෙහි ආදීනව බොහෝ කොට වදාරණ ලදහ. එයින් සිඟාලෝවාද සූත්‍රයෙහි සඳහන්ව ඇති ආදීනව සය මෙසේය.

  1. මෙලොව ධනහානියට පත්වීම
  2. කෝලාහල ආදී අපරාධ බහුල වීම
  3. විවිධ රෝගෝත්පත්තියට හේතුවීම
  4. බේබද්දෙක යන අපකීර්තියට පත්වීම
  5. විළිබිය නැත්තෙකුවීම
  6. බුද්ධිය මොටවීම

මෙයින් මුල් කාරණා පහ උගත් ලෝකය පිළිගෙන බොහෝ කල් ගත විය. හය වැන්න මහ උගතුන්ටද තේරුම් ගත නොහැකිව තිබුණි. බොහෝ උගතුන් අතරද තුබුණේ සුරාවෙන් බුද්ධිය දියුණු වෙනවාය යන අදහසයි. එහෙත් අලුත් විද්‍යා පර්යේෂණ අනුව එයද පිළිගෙන ඇත. එහි අලුත්ම පර්යේෂණ වාර්තාවෙහි පිට කවරයේ “නිව් ඩිස්කවරි” යන්න සඳහන් වෙයි. ඔවුන්ගේ අලුත්ම සොයා ගැනීම නම් ලෝකයෙහි අසම සම මහා විද්‍යාඥයා වන බුදුරජාණන් වහන්සේ විසින් දේශිත බුද්ධිය මොට කිරීම යන්නයි. Read More

සුරාව නීතියෙන් තහනම් කරන්න බැහැ …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

සුරාව නීතියෙන් තහනම් කරන්න බැහැ යන්න හැම රජයක් ම කියන කතාවකි. ටික කලකට පෙර රත්නපුර ප්‍රදේශයෙහි රැස්වීමක දී පැහැදිලිව ම එය ප්‍රකාශ කළා. ඒ අදහස් සනාථ කිරීමට ඇමරිකාවේත් ඉන්දියාවේත් සුරා තහනම් සාර්ථක උණේ නැති බවත් කියනවා.

බුද්ධාගම හේතුඵලවාදයෙකි. ඒ හේතුඵල න්‍යාය අනුව ඒ දෙ රටෙහි සුරා තහනම් සාර්ථක නොවුයේ කවර හේතුන් නිසාදැයි නුවණින් සලකා බැලිය යුතුවේ. ඇමරිකාවේ සුරාපානයෙහි වරද පෙන්‍වන ආගමික පසුබිමක් කලින් තිබුණෙත් නැත. දැනුත් නැත. අළුතින් සොයා ගත් ඇමරිකාවෙහි වාසයට ගියේත් යුරෝපයෙහි රටවලිනි. ඒ රටවල ද මත්පැන් පානය වරදක් කොට නොසැලකුවා පමණක් නොව බොහෝ දෙනා ආගමික පිළිවෙතකින් මත්පැන් පානය පටන් ගෙන දියුණු කැර ගත්තාහුය. ඇමරිකාවේ ක්‍රිස්තියානි මෝමන්වරුන් හැර අන් වැඩි දෙනා මත්පැන් තදින් පානය කරන්නාහු ය. එබඳු රටෙකැ මත්පැනට ඇබ්බැහි වී සිටින අයට අවසර පත්‍ර මාර්ගයෙන් හෝ මත්පැන් ටිකක් බොන්නට ඉඩ නොතබා තහනම් කිරීම කොතරම් අදූරදර්ශී මෝඩ පිළිවෙතක් දැයි ඇමරිකාව හිස මත තබාගෙන සලකන කෙනෙකුට වුවත් වැටහෙනවා ඇත.

ඉන්දියාවේ ද සෝමපානය වැනි මත්පැන් පානය ආගමික පිළිවෙතක් හැටියට තිබුණා. එහෙයින් බුදුරජාණන් වහන්සේ ගේ කාලය වන විට මත්පැන් තදින් පැතිරී තිබුණු බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් පුවත්වලින් පැහැදිලි ය. බුදුරජාණන් වහන්සේ ගේ ධර්ම දේශනා නිසා මත්පැන් පානය හොඳටම අඩු වුවත් ඇතැමුන් තදින් අල්ලා ගෙන තිබුණු වැරදි දෘෂ්ටි නිසා මත්පැන් පානය සම්පූර්ණයෙන් නැති වූයේ නැත. එහෙත් ශ්‍රීමත් ගාන්ධිතුමා හා ශ්‍රීමත් නේරුතුමා ආදී උදාර පුරුෂයන් ගේ සුන්දර වැඩ පිළිවෙල නිසා මත්පැනට විරුද්ධ වැ මහත් උද්ඝෝෂණයක් පැන නැගුනසේය. එහෙයින් ඉන්දියාවට නිදහස ලැබුණාට පසු මත්පැන් තහනමක් ප්‍රකාශයට පත් කරන ලදී. කරුණු තුනක් නිසා එය ද අසාර්ථක විය. Read More

රටක් යටකර ගලා බසින මත් වතුර …

By මඩිහේ හිමියන් රචිත ලිපි ... ( Madhihe himiyan rachitha lipi ) No Comments

බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ද මද්‍යපානය තුබුණු බව පන්සිල්හි පස්වැනි සිකපදයෙන් මනාව පැහැදිලි ය. එහෙත් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සරණාගතව බෞද්ධයන් වූවෝ පන්සිල් රකිමින් මත්පැනින් දුරුවූහ. මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණ ඒ උතුම් බුද්ධ ධර්මය දේශනා කොට සිංහලයන් බෞද්ධයන් කළහ. ඔවුහු බණ අසා බෞද්ධයෝ වූහ. එහෙයින් ඔවුහු මත්පැනින් දුරුවූහ.

එහෙත් පෘතුගීසීන්ගේ ඕලන්දයන්ගේ හා ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණයෙන් පසු සිංහල බෞද්ධයන් අතර මත්පැන් පානය පැතිරිණ. විශේෂයෙන් පොහෝ දිනයන්හි නොමිලයේ රා දෙන්නටත් පටන් ගත්තා. සිංහලයන්ගේ බෞද්ධකම නැති කරන්නට නොකළ අපරාධයක් නැත. 1660 සිට අවුරුදු ගණනක් සිරකරුවකු වශයෙන් සිටි රොබට් නොක්ස් මහතා ලියා ඇත්තේ බේබදුකම සිංහලයන් ඉතා පහත් කොට සැලකුවා යනුයි.

බුද්ධ ධර්මයෙන් මෙලොව පරලොව හා ලෝකෝත්තර දියුණුවට පත් ව සිටි සිංහල බෞද්ධයන් සුරාපානයෙන් වැළකී සිටි බව ශ්‍රී ලංකාවේ අවුරුදු දහනවයක් වාසය කළ එතුමා ලියා ඇත. මේ රට පාලනය කළ නොයෙක් උගතුන් ද සිංහල බෞද්ධයන් මත්පැන් පානය නොකළ බව ප්‍රකාශ කොට ඇත. එහෙත් සිංහල බෞද්ධයන් සංවිධානය වෙනවාට පාලක පක්‍ෂය කැමති වුණේ නැත. Read More

error: Content is protected by www.ifbcnet.org.