Skip to main content බුදුරජාණන් වහන්සේ ගේ මෛත්‍රිය සාර්වභෞමය හෙවත් හැම සත්ත්වයන් කෙරෙහි එකසේ පැතුරුණු මෙත් සිත ය. දුඃඛිත සත්ත්වයන් කෙරෙහි පැවති දයාවේ අනුකම්පාවේ මහත්වය නිසා එයට මහා කරුණාව යයි කියනු ලැබේ. එහි ප්‍රතිඵලය වුයේ බෞද්ධයන් විසින් කවර කරුණක් නිසාවත් සත්ත්ව ඝාතනය නො කළ යුතු බව ය.
බුදුරජාණන් වහන්සේ උපන්නේ, වාසය කළේ ගොවි රටක ය. ගොවි රටකට නැතිව ම බැරි ගව සම්පත් ගැන සැලකූ උන් වහන්සේ ගවයාගේ වටිනාකම විශේෂයෙන් සඳහන් කළේ මෙසේ ය.
නත්ථි ගො සමිතං ධනං – ගොවි රටකට ගවසම්පත හා සමාන ධනයක් නැත. ගාවො නො පරමා මිත්තා යාසු ජායන්ති ඔසාධා – පස් ගෝරස නැමැති ඖෂධ සපයන ගවයා ජාතියෙහි පරම මිතුරා ය.
ශ්‍රී ලංකාව ද කාර්මික රටක් නොව ගොවි රටෙකි. ගොවි රටකට සුදුසු ධනොපාර්ජන ක්‍රම දේශනා කළ බුදුරජාණන් වහන්සේ පළමු වැනි තැන දුන්නේ ගොවිතැනට ය. කර්මාන්තය ට දුන්නේ සිවු වැනි තැන ය. ගොවි රටකට ගවයාගෙන් ලැබෙන ප්‍රයෝජනය නුවණින් සලකා බැලිය යුතු ය.
ගවයා ජනතාව නිරෝගී කිරීමට අවශ්‍ය පස්ගෝරසය සපයයි, තවමත් විශාල සංඛ්‍යාවක් වන කරත්ත වලින් බර වැඩ කර දෙයි. තවමත් අක්කර ලක්‍ෂ ගණනක් කුඹුරු හා දීමෙන් ආහාර වගාවට අතිශයින් උපකාර කරයි. ගවයාගේ ගොම පෙළොව සරු කරයි. දුප්පතාගේ ගේ පිරිසිදු කර දෙයි. රුපියල් කෝටි ගණනක් වියදම් කර ගෙන්වන යුරියා නැමැති පොහාර ගවයා නොමිලේ සපයයි. ගවයාගේ සම් විවිධ භාණ්ඩ නිපදවයි. ඇටකටු පොළොව පොහොර කරයි. මෙබඳු සේවයක් කරන ගවයා මැරීම ජාතික අපරාධ නො වේදැයි මැදැහත්ව සිතා බලන්න.
Read More
error: Content is protected by www.ifbcnet.org.