Skip to main content

198 ගඞෙගය්‍ය ජාතකය

තවද දශබලදාරීවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි බාල භික්ෂූදෙදෙනකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යත්,

සැවැත් නුවර වාසීහූ කුල පුත්‍රයෝ දෙදෙනෙක් බුද්ධශාසනයෙහි මහණව අසුභ භාවනාදිය කොට රුවට බැඳි මමද රූ ඇත්තෙමි තොපි රූ ඇත්තේ නොවෙයි උනුන් හා වාදකොට එක් මාළු භික්ෂූකෙණෙකුන් වහන්සේ ලඟට ගොස් ස්වාමිනි අප දෙන්නාගෙන් රූ ඇත්තේ කාටදැයි විචාළසේක. ඒ භික්ෂූන් වහන්සේ කියනසේක් තොප දෙන්නා නියාවට මගේ රුව යහපතැයි කිසේක. එබස් අසා භික්ෂූන් වහන්සේ අප විචාළේ එකෙක මුන්වහන්සේ කීයේ එකෙනැයි රොස්ගසාගෙණ නික්මුණසේක. මේ කථාව ධම්සභාමණ්ඩපයේ රැස්ව උන් භික්ෂූන් වහන්සේ කිය කියා උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා සර්වඥයන් වහන්සේ දැන් මතු නොවෙයි පළමුත් මේ භික්ෂූන් දෙන්නා රුවට බැඳි ඇවිද්දෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ගංගා නම් ගංගාව සමීපයෙහි වෘක්‍ෂයක දේවතාව උපන්සේක. එසමයෙහි එක් ගංගානම් මත්ස්‍යයෙකු හා යමුනා නම් මත්‍යයෙකු හා මත්ස්‍යයෝ දෙන්නෙක් උනුන් දැක මාගේ රූ ඇත. තොපගේ රූ නැතැයි යනාදීන් තර්කකොට ගොඩ සමීපයේ උන්නාවූ ඉදි බුවෙකු සමීපයට අවුත් කියන්නේ ගංඟානම් මත්ස්‍යයාගේ රුව වැඩිද යමුනා නම් මත්සයාගේ රුව වැඩිදැයි විචාළහ. එවිට ඉඳුබුවා කියන්නේ ගංගානම් මත්ස්‍යයාගේත් රුව වැඩිය යමුනානම් මත්ස්‍යයොගේ රුව වැඩිය යමුනානම් මත්ස්‍යයාගේ රුව වැඩිය උන් දෙන්නා නියාවට රුවින් නිග්‍රෝධ වෘක්‍ෂයයේ වටවූ කබලක් ඇති රිය ඉසක්සේ ඉස ඇති සතරඝාතයක් ඇති මාගේ රුවම වැඩියයි කිය. එබස් අසා ඒ මත්ස්‍යයෝ දෙන්නා තට එක්කාරණයක් කියන්ටත් කාරණා කීයයි කිපී වරල්පතින් පැන් ඉස ගියාහයි වදාරා ගංඟා නම් ජාතකය නිමවා වදාළ සේකී. එසමයෙහි මත්සයෝ දෙන්නානම් මේ ලදරු භික්ෂූහුය. එසමයෙහි වෘක්‍ෂ දේවතාව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළ සේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.