Skip to main content

197 වීරක ජාතකය

තවද ස්වසම්බුද්ධ වූ සර්වඥයන් වහන්සේ වෙළුවනාරමයෙහි වැඩ වසන සමයෙහි සර්වඥ කෘත්‍යයක් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

දේවදත්ත ස්ථිවිරියන් වහන්සේගේ පන්සියයක් භීක්ෂූන් වහන්සේ දැගසව් වහන්සේ ගොසින් බණ කියා ඇරගෙණ බුදුන් කරා වැඩිසේක. සර්වඥයෝ දෑගසව්වන් වහන්සේ දැක තොප ඇම එන වෙලාවට දේවදත්ත ස්ථවිරියෝ කෙසේ උනුදැයි විචාරා සර්වඥ විලාසයෙන් ඉඳ බොහෝ විනාසයට පැමිණියෝයයි වදාළ සේක. එබස් සර්වඥයෝ අසා පළමුත් දේවදත්ත ස්ථවිරයෝ මාගේ ක්‍රියාව කරන්ට වැද බොහෝ විනාසයට පැමිණියෝ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ එක්විලක දියකාව උපන්සේක. නමින් වීරක නම්ව වසන සමයෙහි බරණැස් නුවර සායගසා බොහොදෙනාද ආහාර නැතිහෙයින් කවුඩුවන්ට තබාදෙන කාවනුයේ බත් නොලබන්ට වන්නාහ. සව්ටඨක නම් එක් කපුටුවෙක් තමාගේ කවුඩු දේනුව හා සමග බෝධිසත්වයන් වසන්නාවූ විලට ගොස් බෝධිසත්වයන්ට ආදාර දක්වා සිටියේය. බෝධිසත්වයෝත් ඇයි සබඳ කුමක් නිසා අවුදැයි විචාරා නුඹ වහන්සේට සේවය කරන්නට ආමී කියන්නා යහපතැයි කියා එතැන්පටන් තුමු ගොදුරුකා කවුඩ ට දෙන්නාහ. ගොදුරුකා කවුඩුත් බඩපුරා ගොදුරුකා තමාගේ කැවිඩි ධේනුවටත් දෙන්නේය. මේ නියායෙන් දවස් හරණා සමයෙහි එක් දවසක් කවුඩ, කියන්නේ මුයිත් කළුපැහැය මුයිත් දෙපා ඇත්තාහ, මමත් දෙපා ඇත්තෙමි මුන් මැරූ ගොදුරු කන්නේ කවුද. මම ගොදුරු මරාකමි සිතා දවසක් දිය කාවාලඟට ගොස් කියන්නේ සබඳ තොප මරාළු ගොදුරු කන්නේ කවුද මම ගොදුරු මරාකමි කීහ. එබස් අසා දියකාවා කියන්නේ දියෙහි කිම්ද කණ මසුන් හෙයින් අපට මිසක් තොපට බැරියයි කිවත් ඒ කපුටු ගොසින් මසුන් මරා කමි දියට බැස සෙවෙල් අස්සේ බැඳි පැන්බී මළාහ. ඒකියන කවුඩාගේ කැවිඩිදෙන් කවුඩා නාහෙයින් බොධිසත්වයන් කරාගොස් කියන්නී මිහිරි කට හඬක් ඇති මොනරුන්ගේ කරට බදුවූ නිල් වූ ශ්‍රීවයක් ඇති සවිට්ඨක නම් කවුඩා දැන් කොයිද. වීරක නම් පක්ෂියානන් වහන්සේ කියන්නේ මා කීවා නොඅසා මානය උපදවා ගොදුරුකන්ට දියට බැස සෙවෙල් පයබැඳි මළේයයි කීහ. එබස් කැවිඩි අසා අඬා වැලප පෙරලා බරණැස් නුවරට ගියාහයි වදාරා වීර ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි මාගේ ක්‍රියාව කෙරෙමි කියා ගිය මළ කවුඩා නම් දේවදත්ත ස්ථවිරිය, දියකාව උන්නෙම් ලොව්තුරා බුදුවූ මම්ම යයි වදාළ සේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.