Skip to main content

194 බන්‍ධනාගාර ජාතකය

තවද කරුණාපුජාභි වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි බන්ධනයක් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක් සමයෙක්හි උමන්පැහැර මත්පහරණ සොරුන්ද මිනිමරණ සොරුන්ද මේ කියන සොරුන් අල්වා රජ්ජුරුවන්ට පෑහ. රජ්ජුරුවෝත් එර් සොරුන් දඬුකන්තලයෙලිම පිටිතොලහයාබැඳිම දම්ලාමැසීම් ආදීවූ බොහෝ බන්ධනයට පමුණුවා හිරගෙයි ලැව්වාහ, එකල පිටිසර සිට වහන්දැ නමක් සැවැත් නුවරට වැඩිසේක් මේ බන්ධනාගාරයට පැමිණියා වූ මනුෂ්‍යයන් දැක එපවත් සර්වඥයන් වහන්සේට වැඳ සැලකොට ඉක්බිති ස්වාමිනි බන්ධනයට පැමිණි මනුෂ්‍යයන් මෙසේ වූ බන්ධනයට වඩා අනික් බන්ධනයෙක් පවා ඇද්දයි විචාළසේක. මහණෙනි මේ කුමන බන්ධනයක්ද. පඤචකාමවිෂ නැමැත්තා වූ බන්ධනවේද බන්ණිත නම් එසේ වූ බන්ධනයෙන් ගැලවියන්ටවේද බැරිය එසේ වූ බන්ධනයෙන් පවා උත්තමයෝ ගැලවිගියෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ දුප්පත් කුලයක ගොවිව ඉපිද වැඩිවිය පැමිණ කනවැන්දුන් මෑනියන්ට අත් පා මැඩීම උනුපැන් සිතිල්පැන් තිබීම ආදී වතාවත් තමන් වහන්සේ තනිවම කරණ සේක. බෝධිසත්වයන්ගේ මෑනියෝත් තමන් පුතනුවන් තනිවම දුක්ගන්නා හෙයින් බෝධිසත්වයන්ට නොකියා ඔබ්බෙන් කුලස්ත්‍රියෙකු ගෙන්වා සරණ පාවා දුන්හ. මේ නියායෙන් දවස් අරණ සමයෙහි බෝධිසත්වයන්ගේ මෑනියෝ එක්තරා ව්‍යාෂියකින් නටහ. එසමයට බෝධිසත්වයන්ගේ භාර්යාවන් බඩ දරුගැබක් පිහිටියේය. ඒ දරුගැබ පිහිටි නියාව බෝධිසත්වයෝ නොදැන භද්‍රව ගිහි ගන් මට කම් නැත. තපසට යෙමි අවසර දෙවයි කීහ. එවිට බෝධිසත්වයන්ගේ ස්ත්‍රී ස්වාමිනි මා බඩ ගර්භයෙක ඒ ගර්භය ප්‍රසූත කල වඩිනේ යහපතැයි කිහ. යහපතැයි රඳා කිරිවපුරා පසු තපසට යන්ට සිතන අවස්ථාවට අනික් දරුගැබෙක් බඩ පිළිසිඳගත, එවිට බෝධිසත්වයෝ සිතන්නාහූ මුන්ට කියා අවකාශ ඉල්වාගෙණ යෙමි නම් මූ යානොදෙති. මුන්ට මා නොකියා යායුතු යයි සිතා මධ්‍යම රාත්‍රීවෙලේ හෙයින් නික්ම විථියට බටහ. ඒ වෙලාවට ගම් රැකවල්ලු දැක අල්වාගත්හ, එවිට බෝධිසත්වයෝ කියන්නාහූ ඔවුන්ට උපස්ථාන කරන්නාවූ මම අනික් නොකට යුත්තක් නිසා පිටත්වූයෙමි නොවෙයි. හිමාලය වනයට ගොස් තපස් කරන්නට යෙමි සිතා ආම් කියන්නාහූ එවිට ගම රැකවල්ලු ඇරපුවාහ. එවිට බෝධි සත්වයෝ එතැනින් ගැළවිසිතන්නාහූ මේ වෙලේ නික්මුනොතින් අනික්තෙනක දීත්ඇල්ලුනම් නපුරැයි සිතා ඔබ්බේ ගෙයක රෑ ලැග පාන් වූගමනේ නික්මූනාහු. හිමාලය වනයට වැද සෘෂිප්‍රවජ්‍යාවෙන් පැවැදිව ගිහිබන්ධනයෙන් ගැලවී ගියෙමියි උපන්නාවූ ප්‍රීති වේගයෙන් උදන්අනන්නාවූ යමසේ සිරදඬුකම්ලැබ මැසීම බෑදීම් ආදී වූ බන්ධනයෙන් ගැලවී ගත ඇකත් මතු මැණික් පුත්‍රදාරාදී හූ පටකාම විෂබන්ධනයෙන් මදි මෙසේ වූ සැපයක් ලදිමි උදන්අනා පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා නොපිරිහුනු ධ්‍යානයෙන් බ්‍රහ්මලෝකයෙහි උපන්නාහයි වදාරා බන්ධනාගාර ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි පියානෝ නම් සුද්ධෝදන රජ්ජුරුවෝය.

එසමයෙහි මැනියෝ නම් මහාමායා දේවිය, එසමයෙහි බෝධිසත්වයන්ගේ භාර්යාවෝ නම් යශෝධරා දේවිය, පුතනුවෝ නම් බුදුවූ මම්ම යයි වදාළසේක. මේ බණ අවසානයෙහිදි බොහෝ සෝවන් සෙදගැමි අනාගිමී අර්හත් යන සතරඵලයට පැමිණියාහ.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.