Skip to main content

193 සාධුශීල ජාතකය

තවද කරණා සමුද්‍රවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්තරා බ්‍රාහ්මණයෙකු අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක්තරා බ්‍රහ්මණයෙකුගේ දූ සතරදෙනෙක් ඇත්හ. දුන් සතරදෙනා ප්‍රාර්ථනා කරන්නාවූ පුරුෂයෝ සතරදෙනෙක් ඇත්තාහ. ඒ පුරුෂයන් සතර දෙනාගෙන් එකෙක් රූපත්ව ඉඳිය. එකෙක් වයොවෘද්ධව ඉඳිය. එකෙක් ජාති සම්පන්නව ඉඳිය. එකෙක් සිල්වත් ගුණවත්ව ඉඳිය බ්‍රාහ්මණයාත් මේ කියන සතරදෙනාගෙන් කට මාගේ දුන් දෙන්දැයි සිතා තමන්ට නොදැනෙන පමණක් විනා පෙර නුවණැත්තෝ ඒ කාරණය තට කීවෝ වේදැයි වදාරා බ්‍රහ්මණයා විසින් ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ එම නුවර බ්‍රහ්මණ කුලයක ඉපිද දිසාපාමොක් ආචාරීන්ව දවස් අරණ සේක. එසමයෙහි එක්තරා බ්‍රහ්මණයකුගේ දු සතර දෙනෙක් ඇත්තාහ. ඒ පුරුෂයන් සතර දෙනාගෙන් එකෙක් රූපත්ව දිනේය. එකෙක් වයොවෘද්දව හිඳිනේය. එකෙක් ජාතිසම්පන්නව ඉඳිනේය. එකෙක් සිල්වත් ගුණවත් වන්නේය, මේ කියන සතරදෙනා බ්‍රාහ්මණයා විසින් ගෙන්වා කාටදෙන්දෝහෝයි සිතාතමන් නොදන්නා හෙයින් බ්‍රාහ්මණයා දිසාපාමොක් ආචාරීන් ලඟට ගොස් එපවත්කීය. එවිට දිසාපාමොක් ආචාරීන් කියන්නාහූ බ්‍රාහ්මණය රූඇත්තාවුන්ට දීම යහපත, වයෝවෘද්ධයන්ට දීමත් යහපත, වංශවතුන්ට දීමත් යහපත, එසේ වූවත් සිල්වතුන්ට දීම උත්තමයයි කීහ. බ්‍රාහ්මණය සිල්වත් පුරුෂයාට තමන් දුන් සතර දෙනාම දුන්නමැනවයි වදාරා සාධු සීල ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි බ්‍රාහ්මණයා නම් මෙසමයෙහිත් බ්‍රාහ්මණයාය දිසාපාමොක් ආචාරීනම් බුදුවූ මම්මයයි වදාළ සේක. ඒ බණ අවසානයෙහි බ්‍රාහ්මණයා දහසක් නයින් ප්‍රතිමණ්ඩිතවූ සෝවාන් මර්ගයට පැමිණියේය.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.