Skip to main content

190 පර්‍වතුත්‍ථ ජාතකය

තවද කරුණානිධාන වූ ස්ර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කොසොල් රජ්ජුරුවන් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

කොසොල් රජ්ජුරුවන්ගේ අන්තඃපුරයට අමාත්‍යයන් ද්‍රෝහ කළේයයි රජ්ජුරුවෝ අසා තුමුත් ඒ නියාවට පරීක්ෂාකොට ඇත්තබව නියමකොටත් බුදුන් විචාරා මුන්ට ආඥා කෙරෙමි සිතා බුදුන්කරා ගොස් කියන්නාහු ස්වාමීනි අන්තඃපුරයට එක්තරා අමාත්‍යයෙක් ද්‍රෝහ කෙළේය. ඌට කළමනා කිම්දැයි බුදුන් විචාළාහ. සර්වඥයෝත් ඒ අමාත්‍යයෝ තොපට වැඩ පස්සන අමාත්‍යයෙක්ද ස්ත්‍රීයත් තොපට ප්‍රියවූ ස්ත්‍රියක්දැයි විචාරා රජ්ජුරුවන් විසින් ස්වාමීනි අමාත්‍යයෝ එකියන ස්ත්‍රීන් මට ප්‍රියකරු ස්ත්‍රීයයි කීහ. එබස් සර්වඥයෝ අසා අමාත්‍යයාත් වැඩ පස්නා කල ස්ත්‍රීයත් ප්‍රියකරු ස්ත්‍රිය කළ ක්‍ෂමා කිරීම යාපතැයි කියා වදාරා පෙරත් මෙසේම පුරද්‍රොහ කළවුන්ගේ සැලැස්ම නුවනැත්තන් විසින් විචාරන්නා ඊට කාරණා කිවෝ වේදැයි වදාරා ඉකුත් වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍ය්‍ය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ඒ රජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලද අමාත්‍යව උපන්සේක, බරණැස් රජ්ජුරුවන්ගේ එක්තරා අමාත්‍යයෙක් අන්තඃපුරයට ද්‍රෝහකළේයයි අසා තුමුත් ප්‍රත්‍යක්‍ෂව දැක අමාත්‍යයන් මට වල්ලභයයි සියළු කටයුත්තෙහි නියුක්ත වූ අමාත්‍යයාය ස්ත්‍රීන් මා පියකරු ස්ත්‍රිය එසේ හෙයින් මේ කටයුත්ත මාගේ පණ්ඩිත අමාත්‍යයා අතින් ප්‍රශ්න යක් කොට විචාරා අඥා කරමි සිතා අමාත්‍යයන් ගෙන්වා ආසනේක හිඳූවා කියන්නාහූ ප්‍රශ්ණයක් කියමි විසඳවයි කිහ. යහපතැයි දේවයන් වහන්ස යයි කියන්නා විසඳමි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාවහූ යම් පර්වත පාර්ෂවයෙක පස් පියුමින් සැදුනු විලක් සමීපයෙහි සිංහයෙක් වාසය කෙරෙයි සිංහයාගෙන් ආරක්ෂාව තිබූ විල පැන් කැනහිලෙක් ඉඳූල් කෙළේය. එපැන් දමාපියයුතුද නොදමාපිය යුතුදැයි කිහ. එබස් බෝධි සත්වයෝ ඇසූගමනේම බෝධිසත්වයෝ අන්තඃපුරයට වැරදුනැයි සිතා කියන්නාහූ මහරජ්ජුරුවන් වහන්ස නොයෙක් සිව්පාවන් ගංඟාවට බැස පැන් බොති ඒ පැන් ඉඳූලක් නැත්තේය. එමෙන් රජ්ජුරුවන් වහන්ස බිසවුන් වහන්සේ හළ නොහැක්ක.් එසේ හෙයින් අමාත්‍යයා හා බිසවුන් වහන්සේට ප්‍රියවී නම් ආඥා නොකලමැනවයි කීහ. රජ්ජුරුවෝත් කෝප සංසිඳි අමාත්‍යයා හා බිසවුන්ට ඉනිබ්බේ මෙසේ නොකටයුත්තක් කළානම් දන්නමෝ වේදැයි භයගන්වා කීහ. එතැන්පටන් එසේ වූ නොකටයුත්තක් නොකළාහයි වදාරා පර්වතුත්ත ජාතකය නිමවා වදාළසේකි. කොසොල් රජ්ජුරුවන්ගේ අමාත්‍යයන් හා බිසවුන් හා දෙදෙනා සර්වඥයන් වහන්සේ ඇසූතැන් පටන් එසේ වූ නොකට යුත්තක් නොකළාහ.

එසමයෙහි රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරියෝය. පණ්ඩිත අමාත්‍යයෝ නම් බුදුවූ මම්ම යයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.