Skip to main content

178 ගිරි දත්ත ජාතකය

තවද ශාක්‍යකුල ප්‍රදීපවූ සර්වඥයන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි සර්වඥයන්ට විපක්ෂ වූ දේවදත්ත ස්ථවිරයන්ට පක්ෂවූ භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද හේ කෙසේද යත් වර්තමාන කථාව මහිලාමුඛ ජාතකයෙහි විස්තර වශයෙන් බස්නේය.

යටගිය දවස බරණැස් නුවර සාමනම් රජ්ජුරුකෙනෙකුන් රාජ්ජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් අමාත්‍යකුලයක ඉපිද වැඩිවිය පැමිණ රජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කොට ඉඳිනසේක. එසමයෙහි පාංව නම් අශ්වයෙක් ඇත. ඒ අශ්වයා බලන්නාවූ ගිරි දත්ත නම් අස්සලයෙක් ඇත. එර් අස්සලයාගේ පය සිඟිතතකට කොරය, ඒ කොරවූ අස්සලයා අසුගෙණ කඩියාලම අල්වාගෙණ කොර පය ඇන ඇන ඉදිරියේ යන්නෙන් අසාත් මං උගන්වන දෙයක සිතා ඒ මානයට ගොසින් පය කොරකොටම ඔබ ඔබා යන්නේය. එපවත් රජ්ජුරුවෝ අසා බෝධිසත්වයන්ට කියන්නා මගුලසා පය කොරකොට ඔබත් කියන්නා ඇසිමි ඌට කවර ව්‍යාධියෙක්දෝහෝයි ගොසින් බලා එවයි රජ්ජුරුවෝ කීහ. බෝධිසත්වයෝ ගොසින් අසා බලා ව්‍යාධියක් නොදැක සිතන්නාහූ අස්සලායාගේ පය කොරකොට ඔබන නිසාමුත් ඒ නිසාම ඌ පමණක් විනා ව්‍යාධියක් නැතැයි රජ්ජුරුවන්ට කියන්නාහූ සාමනම් රජ්ජුරුවන් වහන්සැ නුඹ වහන්සේගේ පාංඩ නම් අස්වයා ගිරිදත්ත නම් අස්සලයාගේ දෝෂයෙන් පය කොරකොට ඔබන පමණක් මිසක් අසාගේ ව්‍යාධියක් නැත. එසේ හෙයින් යහපත් නිර්ව්‍යාධි අස්සලයෙකු අසා බලන්ට සලස්සන්නා අසාගේ පය කොර ඇරෙයි කියන්නා ඒ නිය වට නිර්ව්‍යාධි අස්සලයෙකු සැලැස්සූ ගමනේ අසාගේ පය කොරපලාගියේයයි වදාරා මේ ගිරිදත්ත ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි ගිරිදත්ත අස්සලායනම් දේවදත්ත ස්ථවිරියෝය. පාංඩ නම් අශ්වයා මාකෙරේ වෛරීපක්ෂයේ ඇත්ගත් භික්ෂූහුය, රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයෝය. අමාත්‍යයව උපන්නෙම් බුදුවූ මමමයි තමන් වහන්සේ දක්වා වදාළසේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.