Skip to main content

174 චතුමුට්ට ජාතකය

තවද ත්‍රිභූවන ඊස්වර වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි මාළු වූ භික්ෂූ කෙණෙකුන් වහන්සේ අරඹයා මේ ජාතකය දක්වන ලද. ඒ කෙසේද යත් එක් දවසක් සැරියුත් මුගලන් දෑගසව්වන් වහන්සේ උන් වහන්සේ කැටුව ප්‍රශ්ණ විසඳිම ආදී වූ ධර්ම කථාවෙන් යුක්තව සිව්වනක් පර්ෂීත් මධ්‍යයෙහි වැඩ වූන් සේක. එතනට මාළු තෙර කෙණෙකුන් වහන්සේ අවුත් තුන්වෙනුව ඉඳ සැරියුත් සාමිනි නුඹ වහන්සේට නොදැනෙන දෙයක් ඇත්නම් මට වදාල මැනවයි මම කියමි. මට නොදැනන දෙයක් ඇත්නම් නුඹ වහන්සේට කිව මැනවයි කී සේක. එබස් දෑගසව්වන් වහන්සේ අසා මේ නිකම්ම තුච්ඡ පුරුෂයා අප හා සමඟ ඉඳ කථාකෙරෙයි කියා ලජ්ජාව එතැනින් පළාගිය සේක. එවිට බොහෝ උපාසක වරු ඒ නම එතැනින් පහ කොට එපවත් සර්වඥයන් ට සැල කලාය. සර්වඥයෝ උපාසක වරුනි දැන් මතු නොවෙයි පෙරත් දෑගසව්වන් කථා කොට උන් කලට මේ කියන භික්ෂූහූ නිසා කතාව ඉගුළුනේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය පාලනය කරන සමයෙහි බෝධිසත්වයන් වහන්සේ හිමාල වනයෙහි ගසක වෘක්ෂ දේවතාව ඉපිද වාසය කරන සේක. එසමයෙහි චිත්ත කූට පර්වතයෙහි වසන්නා වූ ස්වර්ණ හංසයෝ දෙන්නෙක් ගෝචර භූමියට යන එකල බෝධි සත්වයන් වාසය කරන්නාවූ වෘක්ෂයේ සැතපී යන්නාහ. මෙසේ යාමෙන් බෝධිසත්වයන් හා හංසයෝ දෙන්නා විශ්වාසව මෙලොවින් පරලොවින් යුක්ත කිය කියා යන්නාහ. එසමයෙහි එක් දවසක් බෝධිසත්වයන් වහන්සෙ හා ස්වර්ණහංසයෝ දෙන්නා හා කථා කොට අන් තැනට කැනහිලෙක් ඇවිත් ගස මුල ඉඳ හංසයනි, උඩ මයිද රහස් කතා කරවුදැයි සිව්පාවුන්ට නායක වූ මා හා සමඟ කතා නොකොට උඩ ඉදින්නේ ඇයි කීහ. එබස් හංසයෝ අතා මේ නිචයා අප හා කැටිව කථා කරයි කියා ලජ්ජාව චිත්ත කූට පර්වතයට නැගී ගියහ. බෝධිසත්වයෝ එවිට කැනහිලාට පෙනී හංසයන් හා හංසයොන් කතා කෙරෙතියි හංසයන් හා දෙවියෝ කථා කෙරෙති. තෝ වනාහි ාජතියේන වර්ණයේ රූපයෙන් ශබ්දයනේ යන සතර කාරයෙන් අවුත් තා හා සමඟ නෙ කථාද කිවා කුමන කථාවක් දැයි කිවා අභයංකාර වේදය පෑ කැනහිලා ලුහුබඳ්දා වදරා මේ චතුමට්ට ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි කැනහිලා නම් මුළු බුදු පිරිසය. හංසයෝ දෙනෙ සැරියුත් මුගලන් වහන්සේය. වෘණ්ෂකාව උපන්නෙහම් බුදු වූ මම්ම යයි වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.