Skip to main content

172 දද්දර ජාතකය

තවද ශාක්‍යකුලතිලක වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසනසමයෙහි කොකාලිකස්ථිවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි

ඒ කෙසේද යත්,

සැවැත්නුවර බොහෝ භික්ෂූන් වහන්සේ ඒ ඒ තැන බුදුන්ගේ පාළිධර්මය පිරිවරණසේක. ඒ කෝකාලික තෙරුන්නාස්සේ බණ කියන්නා අසා තමන් වහන්සේ බණ කියාගතනොහෙතත් බණ කියන නියාවට අපි බණ නොකියමෝදැයි එසේ කල අපගේ බණ අසන්නෝ ඇත්නම් කියන්නමෝ වේදැයි කියාගෙන ඇවිදිනාසේක. එපවත් සංඝයාවහන්සේ අසා ඒසේ වීනම් කොකාලිකයෙනි අදදවස් තෙපි බණ කියවවි කීසේක. එබස් අසා යහපත බණකියමි ගිවිස යහපත් කොට කැඳ අවුළුපත් ආදී දෙය වළඳා කටුකරඬුමලේ පැහැය ඇති සිව්රකුත් යහපත් තැඹිලිවන් සිවුරකුත් ඇඳ පෙරව බණකියන්ට උන්සේක. ධම්මස්සවන කාලෝ අයං පදන්තා කියා බණට අඬගා ඒ අඬඅසා බොහෝ භික්ෂූන් වහන්සේ ධම්සභා මණ්ඩපයට රැස්වූසේක. එතනට තමන්වහන්සේත් වැඩවෘද්ධ භික්ෂුන් වහන්සේට නමස්කාර කොට විසිතුරු කර්මාන්ත කළ විජිනිපත්‍රයක් අතට ගෙන ධර්මාසනාරූඪව බණ කියන්ට වැද පළමුකොට කියන ගාථාවෙන් පදයක් කියා අනිකුත් පදය දැකගත නොහි තුෂ්ණිම්භුතව සර්වාංගය මුළුල්ල ඩාදිය සෙල්වී තමන් වහන්සේ කී වාසියට බණ කියාගත නුහුනු හෙයින් භය ලජ්ජාවට පැමිණ ධර්මාසානයෙන් බැස කරබාගෙණ පලාගියසේක. ඒ වෙලේ අනිකුත් භික්ෂූ කෙණෙකුන් වහන්සේ පලග නැගී බණ කීසේක. එක් දවසක් ධම් සභා මණ්ඩපයෙහි රැස්වූ මාළුවරුන් වහන්සේ කොකාලික ස්ථවිරියන් බණ කියන්ට සපනායයි උනුම්හ දැන් උන් බණ නොදන්න නියාවත් නුව නැතිනියාවත් දතුම්හයි කිය කියා මේ කථාවෙන් යුක්තව උනුසේක. එතනට සර්වඥයන් වහන්සේ වැඩවදාරා එපවත් අසා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ සිංහයන් ට රජව ඉපිද ගල් ගුහාවක වාසය කරන්නාහ. එතන සමීපයෙහි ගල් ගුහාවෙක කැනහිලෙක් වාසය කරන්නේය. එසමයෙහි එක්දවසක් මහවැස්සෙක්වට, එවිට බොහෝ සිංහයෝ බෝධිසත්වයන් ලඟට අවුත් බෝධිසත්වයන් හා සිංහනාද කොට කෙළනටවන්හ ඒ වෙලාවට කැනහිලාත්තමාගේ ගල් තමාගේ ගල්ගුහාවෙන් එලියට අවුත් අඬගසා කෙළිනට වන කැනහිලාගේ හඬ ඇසූ සිංහයෝ ලජ්ජාවට මුවෙන් නොබැන සිටියාහ. ඒ වෙලාවට බෝධිසත්වයන්ගේ පුත්වන සිහපැටවෙක් බෝධිසත්වයන්ට කියන්නේ පියානන් වහන්සෙ මේ සිංහසමූහයා අඬගසා කෙළිමින් සිටියව තිබුයේ ඇයිදැයි විචාළේය. එපවත් සිංහරජ්ජරුවෝ අසා එඹල පුත අපිනම් සිව්පාවුන්ට රජකුලේ උපනුමහ, එසේ වූ අපි හැම කෙළිනා වේලාවට සිව්පාවුන්ට නිචවූ සිඟාලයා අප හා සමග අඩුහෙයින් ලජ්ජාවෙන් සිංහයෝ බැනනොනැගී උනුම්හයි වදාරා මේ දදදදර ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි සිඟාලයෝ නම් කෝකාලිකස්ථවිරයෝය. සිංහපෝතකයෝ නම් රාහුල ස්ථවිරයෝය. සිංහරාජව උපන්නෙම් ලොවුතුරා බුදුවූ මම්මයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.