Skip to main content

171 කලහමුජ් ජාතකය

තවද ශාක්‍යකුල ප්‍රසාද වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෝසල රජ්ජුරුවන් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක් සමයෙක්හි කෝසල රජ්ජුරුවන්ගේ පසල් දනව්වේ එක් ගමකට සතුරන්ගෙන් භයක් පැමිණියේය. එබස් අසා රජ්ජුරුවෝ වර්ෂා කාලය තිබියදී යුද්ධ පිළිබඳවූ කටයුතු හෙයින් අකාලයව තිබියදී නික්ම චතුරන්ගිනිසේනාව ඇරගෙණ ජේතවනාරාමය සමීපයේ දවස් ගතව කඳවුරු බැඳ උන්නාහ. ඒ ඉඳ සිතන්නාහූ මම අකාලයෙහි නික්මිණිමි. එසේ හෙයින් සර්වඥයන් වහන්සේ දකිමි සර්වඥයෝ මට මෙලවිනුත් පරලොවිනුත් සංග්‍රහකරණ සේක. එසේහෙයින් නොයායුතු වී නම් මහරජ කොයියව්ද අකාලයයි කියාව වදාරණ සේක. එසේහෙයින් නොයායුතු වී නම් මහරජ කොයියව්ද අකාලයයි කියා වදාරණසේක. යායුතු වීනම් මුවෙන් නොබැන වැඩහිඳිනාසේකැයි සිතා බුදුන් දකින්ට ගියහ. සර්වඥයෝ මහරජ මධ්‍යහ්නවේලේ කුමකට අවුදැයි විචාරා ස්වාමිනි පසල්රට සතුරන් විසින් සේවාකමට යනගමනේ ස්වාමින් දැක වැඳ යන නිසා ආමි කීහ. එබස් සර්වඥයෝ අසා මහරජ අකාලයෙහි යාම යහපත් නොවෙයි වදාරා පළමුත් අකාලයෙන් නික්මුනා වූ රජදරුවෝ උත්තමයන්ගේ කාරණා අසා නැවත්තෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් ඒ රජ්ජුරුවන්ට සියළු කටයුතු රාජකාරීයට ප්‍රධාන වූ අමාත්‍යව උපන්සේක. එසමයෙහි පසල් රට සතුරන්ගෙන් භයක් උපනැයි කියා අසා රජ්ජුරුවෝ සේවාකමට යන ලෙස මගුල් උයනේ කථාකොට කොට උන්කළ අසුන්ට කානම් ගෙනවුත් නිවන නිසා කානම් ඔරුවෙක ලැවුහ. ඒ වෙලාවට එක් වඳූරෙක් එතනට අවුත් කටිනුත් අතිනුත් උකාගෙන ගසට නැගී කමින් සිටියේය. කමින් සිටියාවූ මුහින්ම ඇටෙක් බිමහින, ඒ කන්ට සිතා අතකට තිබුනානම් දමාපියා බිමට බැස වැටුනු මුන් ඇටය ඈතමැත සොයා ඇවිද නොදැක ගසට නැගී සෝකයෙන් දහසකට ගැතිසිඟිනිතියා පැරද ගිය එකෙකු සේ උන්නේය. ඒ වෙලාවට රජ්ජුරුවෝ බෝධිසත්වයන් අතින් මේ වඳූරාකළඳ දුටුදැයි කියන්නාවූ වානරතෙම අල්ප වූ මුගටක් නිසා බොහෝකොට කන කැවිල්ල අපවත් කළේය. ඒසේවූ අල්ප කටයුත්තක් නිසා මහත් කටයුත්තක් යම්පුරුෂයෙක් නසාපියාද එසේමය අපහැම ඇතුළුවූ ඇමදෙනාගේ කටයුත්තේ සැලැස්මය මුගට සඳහා බොහෝ මුගට දමාපු වඳූරා වැන්නේයයි කියා යන ගමන වැලකූහ. සර්වඥයන් වහන්සේ බස් අසා කෝසල රජ්ජුරුවෝ තමන්ගේ නුවරටම ගියාහයි වදාරා කලගමුගඨි ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි බඹදත් රජ්ජුරුවෝ නම් අනාන්ද ස්ථිවිරයයෝ. අමාත්‍යව උපන් නෙම් ලොව්තුරා බුදුවූ මම්ම යයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.