Skip to main content

170 ආර්ඳා්චුපඨාන ජාතකය

තවද ශාක්‍යකුල ප්‍රසාද වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසන සමයෙහි වංචාප්‍රයෝග දන්නා භික්ෂූන් කෙනෙකුන් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

වංචා ප්‍රයෝග දන්නා භික්ෂූ කෙණෙකුන් වහන්සේ සර්වඥයන් වහන්සේට දක්වන්නා මහණෙනි දැන් මතු නොවෙයි පළමුත් වංචා ප්‍රයෝගදන්නේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ කසීගම්බ්‍රාහ්මණකුලයක ඉපිද පඤ්චකාමයෙහි ඇලුම්හැර සෘෂිපප්‍රවෘජ්ජාවෙන් මහණව හිමාලය වනයෙහි බොහෝ තාපස වරුන්ට නායකව වාසය කරන්නාහ. එසමයෙහි වස් සාරමස ලුනු ඇඹුල් සපයන නිසා හිමාලය වනයෙන් බරණැස්නුවරට අවුත් ඒ ගම උපාසක වරුන්ගේ ආරාධනාවෙන් නන්වා දුන්නාවූ පන්සල වාසය කරන්නාහ.එසමයෙහි එක්තරා වඳූරෙක් තාපසවරුන් විථියෙහි සිඟායාද මේ තාපස වරුන්ගේ පන්සලව්දා පැන්වලින් ආදී වූදෙයත් බිඳ ඩබරාවල පැනුත් නමා පන්සලෙන් වර්චස් කර මේ නියායෙන් කරන්නේය. එසමයෙහිත් තාපසවරුන් වස්තුන් මස වස්වැස අන්තයේ උපාසකරුනි අපි යම්හයි කීහ. එවිට උපාසකවරුත් සෙටදවස අපගෙන් දෙන දන් වළඳා යන්නේයයි කීහ. තාපසවරුන් යහපතැයි ගිවිස්සාහ උපාසකරුත් ඛාiභෝi ඇතිව බත් මාළු තාපසවරුන් ඉන්නා තැනට ගෙනගියහ. ඒ වෙලාවට වදුරුත් සිතන්නේ මම සාන්ත දාන්ත වේශයක් දක්වාගෙණ මේ ගෙනා මධුරකැවිල්ලෙන් මාත්කන්ට උවමැනවයි සිතා මෙතෙක් සාන්තදාන්ත වෙෂයක්ව ඉරබලාගෙණ සිටියේය. ඒ වෙලාවට තාපසවරුන්ට දන්ගෙනා උපාසකරු වඳූරා සිටිමාන් දැක යහපතුන් ලඟ විසිගත් ගුණයෙන් මෙසේවනැයි කියා ස්තූති කරන්ට වන්නාහ. එවිට තාපසයෝත් මේ වඳූරාගේ යහපත් ගුණයක් නැත. මූට කුමට ස්තුති කරන්නෙහිදැයි කීහ. මුන් විසින් අපගේ පන්සලවිදා ගිණිහල්වා ගෙයි වර්චස් කොට කල ඩබරා ආදී වූ දේත් බිඳ බොහෝ අනර්ථ කරණලදැයි කීහ. එපවත් අසා උපාසකරු කැටමුගුරුත් අත් ඇතිව වඳූරා ළුහුබඳවාගත්හ. තාපසවරුන් හිමාලයවනයට සැපසේ ගොස් තපස් රැක බඹලොව ගියාහයි වදාරා මේ ආදීවවු පට්ඨාන ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි වඳූරා නම් දැන් වංචාප්‍රයෝග දන්නා භික්ෂූහුය. තාපසවරුන් නම් බුදු පිරිසය. ගන ශාස්තෘව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්ම යයි දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.