Skip to main content

169 දුතිය මක්කට ජාතකය

තවද ශාක්‍යකුල චූඩාමාණික්‍යවූ සර්වඥයන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි දෙවදත්ත මහතෙරුන් අරභයා මේ ජාතකය දක්වන ලද.

එක්දවසක් දම්සභ මණ්ඩපයෙහි රැස්වූ භික්ෂූන් වහන්සේ දේවදත්ත ස්ථවියෝ අකෘතඥයෝය. කෙළෙහෙිගුණ නොදනිති යනාදීන් මේ කථාව කොට උන් කල්හි සර්වඥයන් වහන්සේ එතනට වැඩ වදාරා මා එන්නට පූර්ව භාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා අනික් කථාවකින් යුක්තව නුනුම්හ. දේවදත්ත ස්ථිවිරයන් වහන්සේගේ කෙළහිගුණ නොදන්න බව කිය කියා උනුම්හයි කී කල්හි මහනෙණ දැන් මතු නොවයි දේවදත්ත ස්ථවිරයෝ කෙළෙහි ගුණ නොදන්නේයයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජ්රුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ කසීරට බමුණුකුලයක ඉපිද පඤකාමය හැර තාපසව වසන්නාහ. එසමයෙහි එක්තරා මාවතක නියෝගයක් කළේය. බොහෝ පක්ෂිහු පැන් නොලබන්නාහ. මගයන මනුෂ්‍යයන් ඇති කාලයෙහි පැන් ලබන්නාහ, නැතකිලයෙහි නොලබන්නාහ. එසමයෙහි මනුෂ්‍යයන්ගේ සංචාරය නැකත් කාලයක් ඒ මගනුවුයේය. එසමයෙහි බෝහෝ පක්ෂිහු පැන් නොලබන්නාහ. එක් වඳූරෙකුත් පැන්වලක් සමීපයෙහි පැන් වත්කරණ කෙණෙකුන් නැත්තෙන් බලාබලා ඉඳිය. එසමයෙහි බෝධිසත්වයෝ කිසියම් කටයුත්තක් නිසා ඒ මග යන්නාහු ඒ විල සමීපයට ආවාහු පැන් උකා බී නහා වඳූරාත් එතනසිට විසින් උන්ට පැන්වත්කළාහ. ඒ පැන් බී බඩ පුරවාගෙණ ගසට නැගී බෝධිසත්වයන්ට උසුළුපාන්නට වන, එවිට බෝධිසත්වයෝ යහපත තොපසේවුවන්ට පැන්වත්කල හෙයින් උසුළුපානෙවේදැයි නිවයාම කළදෙයෙහි ප්‍රත්‍යුපකාර නැත්තේ වේදැයි කිහ. එපවත් වඳූරා අසා අපගේ ජාතියෙහි සත්වයන් උපකාර කළවුන්ට ප්‍රත්‍යුපකාර කළකෙනෙක් කොයිද ඇද්දී?. තව මා කරන්නේ මෙතෙක්ද තොපගේ හිස වර්චස් කොටද මා යන්නේයයි කීහ. එබස් අසා බෝධිසත්වයෝ මෙසේ නීචයා එසේ කරන්නේ සැබැවයි කියා නික්මුණාහ. වඳූරා තමාකරා එන්නා අත්තඋඩ ඉඳ බෝධිසත්වයන් හිස්මුදනේ වර්චස් එළාගියෝය. බෝධිසත්වයෝ වඳූරාකෙරේ අමෛත්‍රීයක් නොසිතාගොස් ඉසසෝදා නහා ගියෝ වේදැයි වදාරා මේ විතීය මක්කට ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි වඳූරා නම් දේවදත්ත ස්ථවිරයෝය. තාපසව උපන්නෙම් බුදුවු මම්ම යයි වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.