Skip to main content

168 මර්‍කට ජාතකය

තවද ශාක්‍යාසිංහවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි වංචා ප්‍රයෝගදන්නා භික්ශුකෙණෙකුන් අරභයා මේ ජාතකය දක්වන ලද, මෙහි වර්තමාන කථාව පකිණ්ණක නිපාතයෙහි උද්දාලජාතකයෙහි විස්තර වශයෙන් එන්නේය. මෙහි මහණෙනි පළමුත් මේ භික්ෂූහු වංචාවෙන් ගිනි තපින්ට වන්නේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඡඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ එක්තරා කෙළඹි පුත්‍රයෙක්ව උපන්නාහ. එසමයෙහි බෝධිසත්වයන්ගේ බිරින්ද පුතෙකු වැදූහ. ඒ පුතා වැඩිවිය පැමිණ අවස්ථාවට බෝධිසත්වයන්ගේ බිරින්දැ නැසීගියහ. එවිට බෝධිසත්වයන්ගේ පුතනුවන් කැන්දාගෙණ බොහෝ නෑයන් අඬමින් සිටියදී ගේ පිරුනු සම්පත් හැර හිමාලවනයට ගොස් පන්සලක් කොට වාසයකරන්නාහ. එසමයෙහි එක්දවසක් මහා වැස්සසෙක් වසින්ටවන ඒ වෙලාවට බෝධි සත්වයෝ පන්සල මැස්සෙක වැදහොත්තාහ. බෝධිසත්වයන්ගේ පුතනුවෝ බෝධිසත්වයන්ගේ පය මැඩ මැඩ උන්නාහ. ඒ වෙලාවට එක්වඳූරෙක් සිතයෙන් පිඩිතවපියා සිතන්නේ මම තාපසයන්ග් පන්සලට ගියේනම් වැදද නොදෙති තාපස වේසයක් ලාගෙණ යමි සිතා මළාවූ තාපසකෙණෙුන්ගේ වල්කලා ඇඳගෙණ තාපසයන් පන්සල ගාවා තල්ගසමුල කරබාගෙණ සිටියේය. ඒ වෙලාවට බෝධිසත්වයන්වහන්සේ ඇවිත් සිටිනසේකැයි සිතාගෙට අවුත් පියානන් වහන්ස තාපසකෙණෙුන් වහන්සේ අවිත් සිටිනස්කැයි සිතාගෙට අවුත් පියානන් වහන්සේ තාපසකෙණෙකුන් වහන්සේ ඇවිත් දොර හරින සේක. උන්ගෙට ගෙන්වා ගිනිතප්පවන්නට උවමැනවයි කියා එබස් අසා මැස්සෙන් බැසදොරට අවුත් වඳුරා දැක එඹලපුත තාපසකෙණෙකුන්ට මෙසේ වූ මුහුණක් නැත. එසේ හෙයින් මේ වඳූරාය,මුන්සේ වුවන් ගිනිතපින්ට ගෙන්වූකල තාපයනකල පන් සල ගිණිලාපියා යන්ටහපනුය. එසේ හෙයින් තාමෙතන සිටින්නේ ඇයිදැයි කියා ගිණිපෙල්ලක් බලාගැසුහ. එවිට තමාගේ මල්කලාදාමා ගසට පැනනැන්ගේය. බෝධිසත්වයෝත් සතර බ්‍රහ්මවිහාර භාවනා කොට නොපිරිහුනු ධ්‍යනයෙන් ගොස් බ්‍රහ්මලෝකප්‍රාප්ත වූ හයි වදාරා මර්කට ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි වඳූරා නම් වංචා ප්‍රයෝගයෙන් දන්නා භික්ෂූහුය.

එසමයෙහි තාපස මාරයෝ නම් රාහුල ස්ථවිරයෝය. තාපසව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.