Skip to main content

166 කල්‍යාණ ජාතකය

තවද ශාක්‍යකුලනායකවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ශාසනයෙහි ප්‍රසන්න වූ එක් උපාසකයෙක් සර්වඥයන් වහන්සේ ගෙන් බණ අසන්ට ගඳදුන් මල් පහන් ගස් අත් ඇතිව සර්වඥයන් කරා දකින්ට ගියේය. උන්යාදී උන්ගේ නැන්දා ගෙටවුත් තමාගේ දුවඅතින් විචාරන්නි තොපගේ ස්වාමීපුත්‍රයා තොපට ප්‍රියකරුව වාසය කෙරේදැයි විචාරළීය. එපවත් අසා කියන්නී අපගේ ස්වාමී පුත්‍රයා දවස් අරණ මාන භික්ෂූ කෙණෙකුන් දවස අරණ වැන්නැයි කිව, මවගේ කණ මහඬුසෙයින් ඈට ඇසෙන්නේ ස්වාමිපුත්‍රයා ගියා යයි කීවාසේ ඇසින එසේද තොපගේ ස්වාමිපුත්‍රයා මහණවෙන්ට ගියයි කියා අඬන්නට වන ඇගේ අඬඅසා ගෙයි දැසීදස්සියල්ලෝ අඬන්නට වන්හ. බොහෝ ස්ත්‍රි පුරුෂයෝ ඒ ගෙට එන්නෝ කිමෙක්දැයි විචාරා එපවත් ඇසූහ. ඒ වෙලාවට උපාසක පෙරලා ගෙට එන්ට විදියට බැසපියා ඒ වෙලාවට එක් මිනිසෙක් ගොස් එපවත් මගදීදැක කෙළඹිපුත්‍රයාට කියන්නේ තොපගේ ගෙයි තොප මහණවූවයි කියා එහි අඬති කීහ. එපවත් කෙළඹිපුත්‍රයා අසා මට උපන්නාවූ කිර්ති ඝෝෂාව නොනසමිතා ගණයට ගොස් සර්වඥයන් වහන්සේ ගේ සමීපයට ගියේය. සර්වඥයෝත් ඇයි උපාසකය දැන්නොවේදතෝ බුද්ධපස්ථානය කොට ගියෝය. පෙරළා කුමක් නිසා අවුදැයි විචාරා ස්වාමීනි මහණනොවි ඉන්දදී මහණවුවයි ඇසින. ඇසුනු කීර්තීඝෝෂාව නොනසමි සිතා මහණවන්නට ආමී. එසේ හෙයින් මා මහණකරවදාළොත් යහපතැයි කීය. එබස් අසා සර්වඥයෝත් යහපැතැයි කියා බෝදවසකින් විදර්ශනා වඩා රහත් වූසේක. එක්දවසක් භික්ෂූන් වහන්සේ ධම්සභා පංඩපයේ රැස්ව කථාකරණසේක් ඇවැත්නි අසවල් කෙළඹි පුත්‍රයා තමාට උපන් කිර්ති ඝෝෂාව නොනසා මහණව සියළු කෙළෙසුන් නසා රහත්වූවෝ වේදැයි කිය කියා වැඩහුන්තැනට සර්වඥයන් වහන්සේ වැඩවදරා මහණෙනි මා එන්නට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි පෙර උත්තමයෝත් උපන්නාවූ කීර්තීඝෝෂාව නොනැසුවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ඒ රජ්ජුරුවන්ගේ නුවර සිටාණකෙණෙකුගේ ගෙයි ඉපිද වැඩිවිය පැමිණ ඒ සිටාණන්ගේ ඇවෑමෙන් සිටුසේසත් ලැබ රජ සේවය කරණසමයෙක්හි එක් දවසක් රාජසේවය කරන්ටයාදී වර්ථමාන කථාව සේම සිටානන් මහණ වූහයි හඬන්නට වන්නාහ. ඒ වෙලාවට බෝධිසත්වයන් වහන්සේත් රාජ්‍යයසේවය කොට පෙරලා ගෙට යන්නාවූ මගයන මිනිසෙකුගෙන් එපවත් අසා කිර්ති ඝෝෂා නොනසමි සිතා පෙරළා රජගෙට අවුත් රජ්ජුරුවන් දුටුහ. රජ්ජුරුවෝත් සිටානන් ගියවර නොමකා ආයේ කුමකටදැයි විචාරන්නා දේවයන් වහන්ස මා මහණ නොවි ඉන්දදී මහණවුහයි කීර්තිඝෝෂා පැතිරින. ඒ උපන්නාවූ කිර්තිඝෝෂා නොනසා මහණවන්නා කැමැත්තෙමි. එසේ හෙයින් ඒ අර්ථනය ප්‍රකාශකොට දක්වන පිණිස මහසිටානෝ මෙසේ කියත් ජනප්‍රධාන වූ දේවයන් වහන්ස යම්සේ කල්‍යාණ වූ කිර්තිඝෝෂාවක් ප්‍රකාශවූකල කිර්තිඝෝෂාව නසාපිම කාරණානොවෙයි හිරිඔතප් ඇති සත්වයන් තමාට පැමිණිධූරයහ හැරපිම් කාරණා නොවෙයි කියා තවද කියන්නාහු ජනප්‍රධාන වූ දේවයන් වහන්ස එසේ හෙයින් මට පැමිණියා වූ කල්‍යාණගුණය අරනේ යුතු නැත. එසේ හෙයින් ස්වාමීනි මම්ම මහණ දම් පුරමි පංඤකාමයෙහි තෘෂ්ණාව නැතැයි කියා රජ්ජුරුවන් අතින් අවකාශ ඉල්වාගෙන හිමාලවනයට ගොස් තාපසව පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති උපදවාගෙණ නොපිරිහුනු ධ්‍යානයෙන් ගොස් බඹලොව උපන්නාහයි වදාරා කල්‍යාණ ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි බරණැස් රජ්ජුරුවෝ නම් දැන් ආනන්ද ස්ථිවිරයෝය. තාපසව උපන්නෙම් දැන් බුදුවූ මම්ම යයි වදාළ සේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.